Powered by Blogger.

අනුරාධපුර පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පොලිස් මැදිරියක් තුළ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ රාත්‍රි බීමතින් මාර්ගයේ වැටි සිටි පුද්ගලයෙකු යාපනය හන්දිය පොලිස් මුරපොළේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන අනුරාධපුර පොලිසිය වෙත බාර දී ඇත.

අනතුරුව අදාළ පුද්ගලයා අද අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙකු බව ද පොලිසිය පැවසීය

ඉස්සන් ගොවිපළ ළඟ අභිරහස් මරණයක්

අභිරහස් ලෙස මිය ගිය අයෙකුගේ මළ සිරුරක් මංගළඑළිය - සින්නපාඩුව මාර්ගයේ ඉස්සන් ගොවිපළක් අසල තිබී හමුවී ඇති බව මුන්දලම පොලීසිය කියයි.

අද (04) දහවල් ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරක් අනුව සිදු කරන ලද විමර්ශනයකදී මෙම මළ සිරුර හමුවී ඇත.

සති කීපයකට පෙර මෙම මරණය සිදුවී ඇති බවට විශ්වාස කළ හැකි යැයි පොලීසිය කියයි.

මියගොස් ඇති අය කාගේ කවුරුන්ද යන්න හඳුනා ගැනීමට නොහැකි බවත්,මියගොස් ඇත්තේ කුමන ආකාරයකටද යන්න නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවත් පොලීසිය පවසයි.

මළ සිරුර තිබූ ස්ථානයට මීටර් 50 ක පමණ දුරින් කිසියම් වස වර්ගයක් අයත් කුප්පියක් හමුවී ඇති නමුත් එම වස වර්ගය උග්‍ර විෂකින් යුක්ත වන බැවින් මළ සිරුර තිබූ ස්ථානය සහ වස කුප්පිය තිබූ ස්ථානය අතර ගැටලුවක් පවතික බවද පොලීසිය කියයි.

මෙය මිනිස් ඝාතනයක්ද?එසේත් නැත්නම් සියදිවි නසා ගැනීමක්ද යන්න සම්බන්ධයෙන් පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ

ත්‍රීවිලරය පෙරළී තරුණයා අවසන් ගමනේ!

බුත්තල - පස්සර මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ත්‍රී රෝද රථ රියදුරෙකුට එය පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසන්නේය.

අනතුරෙන් ත්‍රී රෝද රථයේ රියදුරු සහ එහි පසුපස ගමන් කළ පුද්ගලයා බරපතළ තුවාල ලබා බුත්තල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ත්‍රීරෝද රථයේ පසුපස ගමන් කළ පුද්ගලයා මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 25 හැවිරිදි බුත්තල, ඌව පැලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.

මළ සිරුර බුත්තල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය

20 -20 ශ්‍රී ලංකාව දිනුවොත් ක්‍රීඩකයින්ට සල්ලි මල්ලක්

බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි-විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ශූරයන් වුවහොත් ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක මුදලක් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව අද උදෑසන හදිසියේ රැස්වී තීරණය කර තිබේ.

මෙම මුදලට ඇතුළත් වන්නේ ඇමරිකානු ඩොලර් 500,000 ක සහභාගීවීමේ ගාස්තුවක් සහ තරගය දිනීම වෙනුවෙන් ලබාදෙන ඩොලර් මිලියනයක බෝනස් මුදලකි.

අනාවරණය වන ආකාරයට මෙම මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගෙවීමට යන්නේ විස්සයි-විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබීමට නියමිත මුදල්ද යොදා ගනිමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියෙකුගෙන් අපි මේ පිළිබඳව විමසූ අවස්ථාවේදී ඔහු පැවසුවේ මෙම මුදල් ක්‍රීඩකයින්ට ගෙවන ආකාරය සොයා බැලීම එතරම් වැදගත් දෙයක් නොවන බවයි.

කෙසේවෙතත්, එම මුදල් විස්සයි විස්ස ලෝක කුසලාන අවසාන මහා තරගය ජයග්‍රහණය කිරීමෙන් ලැබෙන මුදල් වලින් කොටසක් සහ ආයතනයේ තැන්පතු මුදල් වලින් කොටසක් යොදා ගෙවනු ඇතැයි තමා විශ්වාස කරන බව හෙතෙම පැවසීය.

මෙම මුදල ශ්‍රී ලංකා රුපියල් වලින් රුපියල් මිලියන 193.5 ක් පමණ මුදලකි.

පරිභෝජනයට නුසුදුසු ලොකු ලූණු ටොන් 80 ක් වැලිසර ආර්ථික මධ්‍යස්ථානයෙන්

මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූණු ටොන් 80 ක් වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවකින් සොයාගෙන තිබේ.
පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතා සඳහන් කළේ, එහි වටිනාකම රුපියල් ලක්ෂ 60 ක් වන බව ය.
කන්ටේනර් දෙකක තිබී එම ලොකු ලූණු තොගය ‍සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය.
දුරකතනයෙන් ලද පැමිණිල්ලක් අනුව එම වැටලීම සිදුකර තිබේ.

මාතලේ වෛද්‍යවරයෙක් රෝගී දරුවෙකුට පහර දෙයි

මාතලේ රෝහලේදී  වෛද්‍යවරයෙකු පස් හැවිරිදි දරුවෙකුට පහර දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පවසයි.
00:00
00:21
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අදාළ දරු‍වාගේ මව ඒ පිළිබඳව පැමිණිලි කර ඇති බව ය.
රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඊයේ පස්වරුවේ මාතලේ රෝහලේ බාහිර රෝගී අංශය වෙත පැමිණි දරුවෙකු එලෙස පහර දීමට ලක්ව තිබේ.‍
සිද්ධිය ඇසින් දුටුවෙකු නිව්ස්ෆස්ට් වෙත මෙසේ සිද්ධිය විස්තර කළේ ය.
00:00
00:27
ඒ පිළිබඳව කරුණු විමසීම සඳහා මාතලේ මහ රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා සම්බන්ධ කර ගැනීමට නිව්ස්ෆස්ට් ගත් උත්සාහය සාර්ථක නොවී ය.
කෙසේ වෙතත් වාර්තාවී ඇති එම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය පැවසුවා ය.
00:00
00:38
මේ අතර සිද්ධිය පිළිබඳව සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් පත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ප්‍රකාශ කළේ ය.

තංගල්ලේ හෝටලයකදී යුක්‍රේන කාන්තාවකට ප්‍රහාරයක්

තංගල්ල ප්‍රදේශයේදී යුක්‍රේන ජාතික කාන්තාවකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, තංගල්ල, මැදකැටිය ප්‍රදේශයේ හෝටලයක් තුළ දී අදාළ විදේශීය කාන්තාව පහර දීමට ලක්ව ඇති බව ය.
සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශය හැර ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බව ය.

බයිසිකලයෙන් බිමට වැටී කම්බි කූරක් උදරයේ ඇනුණු දරුවෙක් (Video)

https://www.youtube.com/watch?feature=player_embedded&v=EVLHTZ8tlLA 

 

ලේස්ටර්ට සුබ උපන්දිනයක්....!

http://sinhala.adaderana.lk/news_images/1294805919L.jpg

විශ්ව කීර්තියට පත් ශ්‍රී ලාංකීය මහ සිනමාකරු ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ 95 උපන්දිනය අදට (05) යෙදී තිබේ. මේ නිමිත්තෙන් ඔහුට ගෞරව කිරීමක්‌ ලෙස කොළඹ ජාතික ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සිනමා සංරක්‌ෂණගාරයේ කටයුතුද අද පෙරවරු 10.00ට ආරම්භ විය. එම අවස්ථාවට සිනමාවේදීනී සුමිත්‍රා පීරිස්‌, මාලනි ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු කලාකරුවන් මෙන්ම දේශපාලනඥයින් කිහිප දෙනෙකුද එක්ව සිටියහ. මේ එහි අවස්ථාවයි.

 







0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය