Powered by Blogger.

දකුණු පළාතේ පිටිසරබද ගම්මානයක උපන් මහත් වීරියෙන් උගෙන අනතුරුව ගුරු වෘත්තියට පිවිසි යොවුන් කවියකුගේ විවාහ මංග‍ලේ‍යා්ත්සවය මහ ඉහළින් පවත්වන්නට එම කවියාගේ දෙමව්පියන් ඇතුළු ඥාතීන් කටයුතු සංවිධානය කර තිබිණ.
මෙහිදී දෙමව්පියන් විසින් බොහෝ පිරිසකට ඇරයුම් කරන ලද අතර මනමාලයා වූ යොවුන් කවියා විසින් ආරාධනා කරන ලද්දේ තමන්ගේ අතිජාත මිත්‍රයන්වූ යොවුන් කිවිවරුන් සිව්දෙනකුට පමණි. යොවුන් කිවිවරුන් වුවද මොවුන් බස නිවැරැදිව හැසිරවීමේත් වියත් ‍ලේඛනයේ මෙන්ම භාෂණයේ  ද උපන් හපන්කම් ඇත්තන් වූහ. තැන නොතැන බලා රසය කුළු ගන්වමින් වදන් භාවිතයට හැකියාවක් පැවති මේ සිව්දෙනාම හිටිවන කවියේ ශූරයන්වීම නිසා රසික සභාව උපරිමයෙන් පිනවීමේ ගුණයෙන්ද පිරිපුන්ව සිටියහ.
දහවල් කාලයේ ඥාති මිත්‍රාදීන්ට සංග්‍රහ කිරීමෙන් පසු මහා සෙවණකින් යුත් මිදු‍ලේ මනමාල යුවළ අසුන්ගත් අතර සෙස්සෝ රවුමක් සෑදී මංගල සභාවට සූදානම්වූහ. කතා දෙක තුනක් කියවිණ. අවසානයේ යොවුන් කිවිවරුන් සිව්දෙනා එක පදය බැගින් එක කිවියක් කියන්නට තීන්දුකර මේ පද රසබරට කියන ලදී.
මුතු දත් දෙපෙළ ලස්සන සූකිරි කැටය
සුරඅංගනාවකි ඒ හිනැහෙන විටය
මංගල සභාවේ දිලිසෙන මුතු ඇටය

ඊළඟ කවියාට ඉඩනොදී නැගී සිටි මනමාලයා වූ තරුණ කවියා අවසන් පදය සම්පූර්ණ කළේ මෙසේය.
“ඒ මුතු ඇටය නුඹලා හට නොව මටය”

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය