Powered by Blogger.



පොලොන්නරුව ඓතිහාසික දෙමළ මහ සෑයේ කැණීම් කටයුතු ඊයේ (29 දා) පෙරවරුවේ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ආරම්භ කළ අයුරු ඡායාරූපයේ දැක්‌වේ. ඡායාරූපය - අරලගංවිල - රොෂාන් තුෂාර

ශිෂ්‍යයා ගත්ත මාළුපාන් එකේ කැරපොත්තෙක්‌
බේකරියට දඩ

ගල්පාත - සෝමවීර අමරසේකර

අගලවත්ත ප්‍රදේශයේ මාළුපාන් ගෙඩියක්‌ ඇතුළේ කැරපොත්තකු සිටීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ බේකරි හිමියකුට මතුගම මහේස්‌ත්‍රාත් චමරී වීරසූරිය මහත්මිය රුපියල් තුන් දහස්‌ පන්සියයක දඩයක්‌ නියම කළාය.

පාන් ගෙන යන කුඩා රථයකින් අගලවත්ත බෙල්නිව් දෙමළ පාසලේ දරුවකු මිලටගත් මාළු පාන් ගෙඩියක්‌ පාසලට ගෙන ගොස්‌ කෑමට ගත් අවස්‌ථාවේදී ඒ තුළ මියගිය කැරපොත්තකු සිට ඇත. අනතුරුව මේ පිළිබඳව අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණිලි කර ඇත. අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජානක මාරසිංහ මහතාගේ උපදෙස්‌ පරිදි අගලවත්ත මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්. ඒ. ගුණරත්න මහතා මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වා බේකරි හිමියා අත්අඩංගුවට ගෙන මතුගම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ චෝදනාවලට වරදකරු විණි.

 


ඉබ්බෝ 4 දෙනෙක්‌ අහසෙන් වැටෙති!

කොස්‌ගම ඡේ. ඒ. සී. - ශාන්ත කුමාර



අවිස්‌සාවේල්ල ප්‍රදේශයට ඊයේ (29 දා) ඇදහැළුණු ධාරානිපාත වර්ෂාපතනයත් සමග ගලපිටමඩම ප්‍රදේශයේ නිවසක මිදුලකට ඉතා දුර්ලඝ ඝනයේ ඉබ්බන් 04 දෙනකු වැටී ඇති බව නිවෙස්‌ හිමියෝ පවසති.

මෙම ඉබ්බන් වර්ෂාපතනයත්a සමග වැටී ඇති අතර මෙම ප්‍රදේශයේ මෙවැනි ඉබ්බන් දක්‌නට නොලැබෙන බව ප්‍රදේශවාසීහු පවසති.
 
 


14 හැවිරිදි සිසුවා ලිංගික ක්‍රියාවලට යොදාගැනීමේ සිද්ධිය
සිසුවාට හා පවුලේ අයට මරණ තර්ජන කළ
"ග්‍රාම නිලධාරි යුවළට" ඇප නැහැ

මීගමුව සමූහ - විමල් කීර්ති

14 හැවිරිදි සිසුවකු පුරා වසර දෙකක්‌ තිස්‌සේ හවුලේ ලිංගික අපයෝජනයට (ලිංගික ක්‍රියාවලියට) ලක්‌ කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් භාරයේ පසුවන විවාහක ග්‍රාම නිලධාරියකු සහ අවිවාහක ග්‍රාමනිලධාරිනියක්‌ විසින් එම සිසුවාට සහ ඔහුගේ පවුලේ උදවියට මරණීය තර්ජන එල්ලකර ඇතැයි මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා හමුවේ සීදුව පොලිසිය විසින් ගොනු කළ පැමිණිල්ලේ සඳහන් වේ. එහි විමර්ශන කටයුතු අවසන් නැතැයිද සීදුව පොලිසිය ඉදිරිපත් කළ කරුණු අනුව එම සැකකරුවන්ට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ අධිකරණය සැකකරුවන් මැයි මස 9 වැනි දින දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මෙම සැකකරුවන් කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්‌ත ග්‍රාම නිලධාරීන්ය. ග්‍රාම නිලධාරිවරයා තම රැකියාවට අමතරව කරාතේ ඉගැන්වීමේ පංතියක්‌ පවත්වාගෙන යයි. මෙම සිද්ධියට අදාළ 14 හැවිරිදි සිසුවාද එම කරාතේ පංතියේ සිසුවෙකි.

කරාතේ උපදේශක ග්‍රාමනිලධාරිවරයා පළමු කොට සිසුවා ලිංගික ක්‍රියාවලියට ලක්‌කොට ඇත. පසුව ඔහු සිසුවා ලිංගික ක්‍රියාවලියට යෙදවීම සඳහා අවිවාහක ග්‍රාම නිලධාරිනියට භාරදී ඇත. පසුව ග්‍රාමනිලධාරිවරයා සහ අවිවාහක ග්‍රාම නිලධාරිනිය හවුලේ එකම ස්‌ථානයකදී සිසුවා ලිංගික ක්‍රියාවලියට වසර දෙකක්‌ පුරා යොදා ගෙන ඇත. විත්තිය වෙනුවෙන් නීතිඥ ශාන්ත නිරිඇල්ල, නලීන් විලියම් සහ රංජන් ජයසිංහ යන මහත්වරු පෙනී සිටියහ. සීදුව පොලිස්‌ ස්‌ථානාධිපති පො.පරීක්‍ෂක රණසිංහ හා සැරයන් (20293) අනුර පො.කො.(86069) රොෂාන් යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ.


 
හාම්පුතාගේ අතවරයෙන් බේරීමට ළිඳට පනින්න
හැදූ දැරිය අසල්වාසී බේරා ගනිති


මීගමුව සමූහ - විමල් කීර්ති

නිවසේ මෙහෙකාර සේවයට යොදවාගත් 15 හැවිරිදි බාල වයස්‌කාර දැරියකට ඇගේ හාම්පුතා ලිංගික අතවර සිදුකරද්දී ඔහුගෙන් ආයාසයෙන් මිදුන එම දැරිය නිවසේ ළිඳට පැන දිවි නසා ගැනීමට තැත් කරද්දී අසල්වාසීන් විසින් ඉතා ආයාසයෙන් බේරාගත් බව කියන සිද්ධියක්‌ මීගමුව මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩු විභාගයකදී අනාවරණය විය.

මෙම තොරතුරු අනාවරණය වූයේ මෙම සිද්ධියට අදාළ බව කියන සැකකරු ක¹න පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණ වූ අවස්‌ථාවේ ක¹න පොලිසිය මගින් එම සිද්ධියට අදාළව ඉදිරිපත් කළ පැමිණිල්ලේදීය.

එම පැමිණිල්ල අනුව මෙම සිද්ධියට මුහුණ දුන් දැරිය නානුඔය තේවත්තක පදිංචිකාරියකි. ඇය එම ප්‍රදේශයේ විදුහලක අට වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටියාය. ක¹න පොලිසියේ මහතකුගේ නිවසේ අත්උදව්වට ඔවුන් මෙහෙකාරියක්‌ සොයමින් සිටියහ. මෙම දැරියගේ දෙමාපියන් ඔවුනට පැවැති ආර්ථික අහේනිය මත එම දැරිය මෙහි සැකකරුගේ නිවසේ මෙහෙකාර සේවයට යවා ඇත. මෙහි සැකකරු විවාහකයකු වන අතර ඔහුගේ බිරිඳ සහ දරුවා නිවසින් බැහැරව ගිය අවස්‌ථාවකදී ඔහුද කිසියම් අවශ්‍යතාවක්‌ ඇතැයි පවසා නිවසින් පිටතට ගොස්‌ තිබේ.

ඒ සමගම සැකකරු ක්‍ෂණයකින් නිවසට ආපසු පැමිණ නිවසේ ඉහළ මහලයට ගොස්‌ මෙහෙකාර දැරියට තේ කෝප්පයක්‌ සාදාගෙන එන්නැයි දන්වා තිබේ. මෙහෙකාර දැරිය තේ කෝප්පය රැගෙන උඩුමහලට ගිය අවස්‌ථාවේ සැකකරු ඔහුගේ ඇඟ පිරිමදින ලෙස එම දැරියට දැන්වූ බව පැමිණිල්ලේ සඳහන් වේ. පසුව සැකකරු විසින් දැරියව අකමැත්ත මත ස්‌පර්ශ කර තිබේ.

එම අවස්‌ථාවේ සැකකරුගේ නිවසේ දුරකථනය නාදවීම නිසා ඔහු දුරකථන ඇමතුම ගැනීමට යද්දී සැකකරුගෙන් මිදුනු දැරිය වහා දිවවිත් දිවිනසා ගැනීමට ළිඳට පැනීමට තැත්කර තිබේ. ඉන් අනතුරුව සැකකරු තම මෝටර් රථයෙන් මෙහෙකාර දැරිය කැඳවාගෙන යද්දී දැරිය වාහනය තුළ අඬමින් සිටින අයුරු දුටු පිරිසක්‌ එම ස්‌ථානයේ රාජකාරි කරමින් සිටි පොලිස්‌ නිලධාරීන්ට ඒ බව දැනුම්දී ඇත. ඉන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතා විසින් ඉදිරිපත් කළ කරුණු අනුව සැකකරු රුපියල් 10,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂයක ශරීර ඇපමත අත්අඩංගුවෙන් මුදා හැරීමට මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා නියෝග කළේය. ක¹න පොලිසිය පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය අගෝස්‌තු මස 27 වැනි දින පැවැත්වේ.


මහවැලි බී කලාපයේ පදිංචි 30% ක්‌ම
දෙවැනි හා තෙවැනි විවාහ කරගත් අයයි


ජයන්තිපුර - උඩගෙදර

මහවැලි බී කලාපයේ පදිංචි පිරිසගෙන් 30% ක්‌ම දෙවැනි හා තෙවැනි විවාහයන් කරගත් අය බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සිංහපුර කොට්‌ඨාස කළමනාකරු සුගත් වීරසිංහ මහතා පැවසීය.

මෙම පදිංචිකරුවන්ගෙන් 70% ක්‌ පමණ පළමු විවාහය පමණක්‌ සිදු කරගත් අය වන අතර ඉතිරි 30% අතරේ විවාහයන් 05 ක්‌ පමණ කරගත් අයද සිටින බව ඒ මහතා ප්‍රකාශ කරයි.

අරලගංවිල දම්මින්න මහවැලි කොට්‌ඨාසයේ රාජ්‍ය නිලධාරීන් ගොවි නියෝජිතයන්ට ප්‍රදේශයේ පවතින ළමා මව්වරුන් හා ලිංගික අපයෝජන කාන්තා හිංසනය යනාදිය අවම කරලීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්‌වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

වැලිකන්ද ප්‍රදේශයේ ගම්මාන දෙකක පදිංචි පවුල් 187 අතරින් 106 ක පිරිමි පුද්ගලයන් විවාහ වී සිටින්නේ තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවන් සමග බවද හෙළි වී ඇත. ප්‍රදේශයේ ළමා මව්වරුන් ඇතිවීම, ළමා අපචාර ඇතිවීමට හා කාන්තා හිංසනය ඇතිවීමටත් මේ තත්ත්වය ප්‍රධාන ලෙසම බලපා ඇති බවත් මෙය අවම කර ගැනීමට සියලු රාජ්‍ය නිලධාරීන් අනිකුත් වගකිව යුතු අයද එක්‌ව ක්‍රියා කළ යුතුව ඇතැයි කළමනාකරු සුගත් වීරසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කීය.
 




0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය