Powered by Blogger.

දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක ඩෙංගු රෝගය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවීමේ අවදානමක් මතුව තිබේ.

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය තුළ මේ වන විට ශීඝ්‍ර ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වීම හේතුවෙන් එය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වෙයි.

ඊට අමතරව දිවයිනේ දිස්ත්‍රික්ක 10ක පමණ ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍ර ලෙස වැඩිවී තිබේ.

කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, යාපනය, මඩකලපුව සහ වව්නියාව යන දිස්ත්‍රික්ක ඩෙංගු අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් හංවැල්ල අධ්‍යාපන කලාපය තුළ පාසල් කිහිපයක් වසා තැබීමට ද අධ්‍යාපන බලධාරීන් ඊයේ පියවර ගනු ලැබුණි.

මේ වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 8000ක් පමණ වාර්තා වී ඇති අතර මරණ 12ක් සිදුව තිබේ.

ඉදිරි වර්ෂා කාලයත් සමඟ මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව කීට විද්‍යා නිලධාරීන් පවසයි

හමුවීම කෙතරම් සතුටක්ද?

http://sinhala.adaderana.lk/news_images/636703385main-M.jpg

මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර පැවැත්වෙන ජනාධිපති ආර්යාවන්ගේ සමුළුවට සහභාගීවීම සඳහා මැලේසියාවට ගිය ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය සහ එරට අග්‍රාමාත්‍ය ආර්යා පදුකා සෙරි රොෂ්මා මැතිණිය අතර හමුවක් ඊයේ (21) පැවැත්විණි. මේ එකී අවස්ථාවයි

වැඩි මිලට දුන්නොත් වැඩ වරදියි....

http://sinhala.adaderana.lk/news_images/836326576222.jpg

රජයේ පාලන මිලට වඩා ඉතා අධික මිලකට සහල් අලෙවි කළ හැටන් හා කොටගල ප‍්‍රදේශයේ වෙළඳුන් රැසක් නීතියේ රැහැනට හසුකර ගැනීමට නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් අද(22) සමත් විය. අද දිනයේ සිදුකළ වැටලීමේදී වෙළඳුන් 10 දෙනෙකු නීතියේ රැහැනට කොටුකරගත් අතර ඔවුන්ට විරුද්ධව හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව එම නිලධාරීන් පැවසුවේය.

කොරියාවෙන් ලංකාවට සහතිකයක්

ගැටුම් අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාව සෑම අතින්ම විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇති බව කොරියානු ජනරජයේ විශේෂ නියෝජිත හා හිටපු විදේශ අමාත්‍ය යු මියුන්ග් හ්වාන් මහතා පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ අරලියගහ මන්දිරයේ දී පැවති හමුවකදී ඔහු මෙය ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජිකයින් යළි සමාජගත කිරීම සහ අවතැන් වු පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වය පිළිබඳ කොරියානු විශේෂ නියෝජිතවරයා ප්‍රසාදය පළ කර තිබේ.

එමෙන්ම ප්‍රථම උතුරු පළාත් සභා මැතිවරණය නිදහස් හා සාධාරණ අයුරින් පැවැත්වීම සම්බන්ධයෙන් සහ යුද සමයේ අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති කොමිසම පිළිබඳව ද ඔහුගේ වැඩි අවධානයක් යොමුවු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනාධිපතිවරයා විසින් කොරියානු විශේෂ නියෝජිත යු මියුන්ග් හ්වාන් මහතාට උතුරු පළාතේ සංචාරයක් සඳහා ද ආරාධනා කර තිබේ.

එමෙන්ම මෙරට සමඟ පවතින ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තම රජය බලාපොරොත්තුවෙන් සිටින බව කොරියානු විශේෂ නියෝජිත යු මියුන්ග් හ්වාන් මහතා එහිදි ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය

පිළිකා රෝහල සහ අක්ෂි රෝහල අකුණු අවදානමක

මහරගම පිළිකා රෝහල සහ කොළඹ අක්ෂි රෝහල අකුණු අවදානමකට ලක්ව ඇති බව වාර්තාවෙයි.

එම රෝහල්වල අකුණු සන්නායක මීට මාස කිහිපයකට පෙර සොරකම් කර තිබීම මෙයට හේතුවී ඇති බව සඳහන් වෙයි.

මහරගම පිළිකා රෝහලේ සහ කොළඹ අක්ෂි රෝහලේ අකුණු සන්නායක පසුගියදා සොරකම් කර තිබු අතර ඒවා මෙතෙක් සවි කර නොමැති බව වාර්තා වෙයි.

මහරගම පිළිකා රෝහලේ අකුණු සන්නායක සොරකම සම්බන්ධයෙන් එම රෝහලේ සේවකයින් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.

කෙසේ වෙතත් එම සේවකයින් සම්බන්ධයෙන් මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බව වාර්තා වෙයි.

මේ දිනවල පවතින අකුණු සහිත ස්වභාවය හේතුවෙන් මහරගම පිළිකා රෝහල සහ කොළඹ අක්ෂි රෝහල දැඩි අවදානමකට ලක්ව ඇතත් බලධාරීන් ඒ පිළිබඳ අවධානය යොමුනොකිරීම බරපතළ ගැටලුවක් බව රෝහල් සේවකයින් පෙන්වා දෙයි

දිල්ලිය පරදවා චෙන්නායි ජය ගනියි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ(21) පැවති තරඟයෙන් දිල්ලි කණ්ඩායම පරදවා ලකුණු 93ක ජයක් හිමිකර ගැනීමට චෙන්නායි කණ්ඩායම සමත් වුණි.

තරගයේ කාසියේ වාසිය දිනු චෙන්නායි කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙන ලදී.

අනුව ඔවුන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 177ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දිල්ලි කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 4ක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 84ක් පමණය

භික්ෂුවක් ගෙල වැලලාගෙන

මල්වතු මහා විහාරයේ වැඩ සිටි භික්ෂූන් වහන්සේ නමක් ගෙල වැලලාගෙන අපවත්වීම සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.

විහාරස්ථානයේ දාන ශාලාවක භික්ෂූන් වහන්සේ ගෙල වැලලාගෙන සිටි බව පොලීසිය සඳහන් කළේය.

26 වන වියෙහි පසුවු හිමිනමක් මෙලෙස අපවත්ව ඇති අතර උන්වහන්සේ මහනුවර සූරියගොඩ පිරිවෙනේ ආචාර්යයවරයෙකු ලෙස ද කටයුතු කරමින් සිට තිබේ.

මෙය සියදිවි හානීකරගැනීමක් විය හැකි බවට පොලීසිය සැක පළ කරයි.

දේහය මේ වන විට මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(22) සිදුකිරීමට නියමිතය

හොර ෆේස්බුක් ගිණුම් ගැන දැඩි අවධානයෙන් සිටින්න – පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු අඟවයි

වසරේ ගතවූ කාලය තුළ ෆේස්බුක් අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 500ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ, වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් ලැබී ඇති බව ය.
මේ හේතුවෙන් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් (Fake accounts) පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ෆේස්බුක් භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටී.

පරාජය අබියස සිටි Kings XI Panjab කණ්ඩායම ජයග්‍රහණය කරා ගිය ගමනේ ප්‍රිටී සින්ටා හැසිරුණු හැටි (Photos)

 






0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය