Powered by Blogger.

http://www.mawbima.lk/thumb/news-images/400/55597_1.jpg
පෙනෙන ලෝකයක් ගැන අෑ තුළ තිබුණු සිතුවිලි තවදුරටත් කළුවර නෑ. ලෝකය ගැන තිබුණු බිය තවදුරටත් ඇය තුළ නෑ. ඒ වැටි වැටී නැඟිටිද්දි අත දෙන්න තරම් හොඳ මිනිස්සු ඉන්නා බව අෑ දන්න නිසා. සඳක් වෙන්න බැරි නම් ඉරක් වෙන්න පුළුවන් තරම් හොඳ මිනිස්සු මේ ජීවිත කාලය තුළම ඇයට මුණගැහිලා තියෙන නිසා සමහර හමුවීම් ජීවිතයම වෙනස් කරන බව ඇය දන්න නිසා. සඳක් වෙන්න බැරිනම්, ගීතයෙන් මුළු රටක් හඳුනා ගත්ත ඒ හඬ දවසින් දවස අලුත් වෙන්නෙත් ඒ නිසා.

ඇයට නොපෙනෙන ලෝකයක් ඇගේම ළයාන්විත හ¾ඩින් ස්පර්ශ කිරීමට වීර්ය වඩන ඇය ඉමාෂා මුතුකුමාරි. ඉමාෂා හදගැස්මට ගොඩවුණේ හිස් අතින් නම් නෙවෙයි. ඇගේ අලුත්ම ගීතයේ ආරංචියත් අරන්. හැබැයි ඇයට ඕන වුණේ අලුත් තැනින් නෙවෙයි. ඇගේ ජීවිතය වෙනස් කරපු තැනින් මේ කතාව පටන් ගන්න.

කොහොමද ඉමාෂා ළහිරුලා මනුරංගලා ඔයාට මුණගැහෙන්නේ? අපි කතාව ඇයට ඕන තැනින්ම පටන් ගත්ත.

මනුරංග මල්ලිගෙන් මේ සින්දුව මුලින්ම ලැබුණේ මගේ මහත්තයාට. ඒක වුණේ මගේ සින්දු කිහිපයක් එකතු කරලා සී.ඩී. එකක් කරන්න හැදුව වෙලාවේ. සී.ඩී. එකක් කරලා ගෙයක් ගෙයක් ගාණේ ගිහින් විකුණලා නිවෙසක් හදාගන්න තමයි උත්සාහ කළේ. ඒ වනතුරු අපිට නිවෙසක් තිබුණේ නෑ. ඒ සී.ඩී. එකට මනුරංග මල්ලිගේ සින්දුවකුත් ඇතුළත් කරන්න ඕන කියන අදහසින් තමයි මගේ මහත්තයා මනුරංග මල්ලිව හොයාගෙන ගියේ. ඒ වෙලාවේ මං කලින් ගායනා කරපු ගීත කිහිපයක් අහලා සින්දුවක් කරන්න මනුරංග මල්ලි කැමැති වෙලා තිබුණා. ඊට පස්සේ ඒ පටිගත කිරීම්වලට තමයි ළහිරු පෙරේරාගේ ස්ටුඩියෝ එකට ගියේ. ළහිරු මල්ලිලා එක්ක සාකච්ඡා කරද්දි අපිට කිව්වා අපි ගාව ආධාර විදියට දෙන්න එකතු කරපු ලක්‍ෂ එකහමාරක විතර මුදලක් තියෙනවා. ඒක ඕගොල්ලන්ගේ ගේ හදන වැඩවලට දෙන්නද නැත්නම් අක්කාගේ විෂුවල් එකක් කරලා ඒකෙන් ප්‍රතිලාභයක් හැදෙන විදියට හදලා දෙන්නද කියලා. දවස් තුන හතරකට විතර පස්සෙ අපි කිව්වා විෂුවල් එකක් කරමු කියල.

ගෙය හදනවාටත් වඩා විෂුවල් එක කරන එක හොඳයි කියලා හිතුවේ ඇයි?

සී.ඩී. එකක් කරන්න හිතුවේ විෂුවල් එකත් කරන්න ශක්තියක් අපිට තිබුණේ නැති නිසා. විෂුවල් එකක් කරන්න පුළුවන්කම තිබුණා නම් අපි ඒක අනිවාර්යයෙන්ම කරන්න හිටියේ. අහඹු ලෙස මේ අවස්ථාව තෝරාගන්න අපිට ලැබුණා. ඒ තෝරගැනීම මේ වෙනකොට ගත්තු හොඳ සාර්ථක තීරණයක් වෙලා තියෙනවා.
නුඹ හිතනවා ඇති වැරැදි නෑ කියලා මං හිත කියනවා ඇති ආදරෙයි කියා තවත් ඔබේ මේ අලුත්ම ගීතය හැදුණ හැටිත් කියමු...

ක්‍රිශාන් කියලා අලුත් මල්ලි කෙනෙක් ලිව්වා. එයා මේ සින්දුව කරලා යම්කිසි ප්‍රමාණයකට මිනිස්සු අතරට යවලා තිබුණා.
අද ගීත වෙළෙඳපොළේ තියෙන තරගයත් එක්ක හැප්පෙන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. කොහොමද ඒ අභියෝගයට මුහුණ දුන්නෙ?
අභියෝගය කියන්නේ සමහරු අපිව මුණගැහෙන්න වුණත් කැමැති නැති කාලයක් තමයි ගෙවිලා ගියේ. ඇස් නොපෙනෙන අය හැටියට ඉන්ටර්විව් එකකට එන්න කිව්වත් සමහරු හිතන්නේ, මේ මනුස්සයාට පේන්නේත් නෑ. කොහොමද මෙතැනට එන්නෙ කියලා. ඒ නිසා සාමාන්‍ය ගායකයකුට ගායිකාවකට සාපේක්‍ෂව මට තියෙන අවස්ථාව අඩුයි. සන්දර්ශනවලට සහභාගි වෙද්දීත් ඒ ප්‍රශ්නෙ තියෙනවා. සංවිධායකවරු හිතන්නේ අපිට එන්න බෑ කියලා. ඒත් එකකට දෙකකට ගියාට පස්සෙ එයාලටත් පුදුමයි. පළමුවැනි ගීතය ජනප්‍රිය වුණාට පස්සෙ ඒ තත්ත්වය අඩු වුණා. පළමුවැනි ගීතයේදී ඒ ප්‍රශ්නය ලොකුවට තිබුණා.

ඒ ප්‍රශ්නය කොහොමටවත් ප්‍රශ්නයක් නෙවෙයි. මේ අලුත් අවුරුද්දේ ඕනම ප්‍රසංගයකට සහභාගි වෙන්න ඉමාෂා සූදානම් නේද?
ඔව්, අනිවාර්යයෙන්ම මටත් අනෙක් ඕනෑම ගායිකාවකට වගේම ඕනෑම ප්‍රසංගයකට සහභාගි වීමේ හැකියාව තියෙනවා. මම සූදානමින් ඉන්නෙ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය