Powered by Blogger.

මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවේදී ගැහැනියක් වෙයි
Mahinda-Sajith-Anuraසිංහල - දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජකාරී වැඩ ආරම්භ කළේ අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගනිමිනි. ජනාධිපතිවරයා අනුරාධපුරයට පැමිණ ඇති බව ආරංචි වූ පසු දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් ජනාධිපති මන්දිරයට පැමිණ සිටියේ අලුත් අවුරුදු සුබ පැතුම් රැගෙනය. දුමින්ද දිසානායක ඇමැතිවරයා බුලත් අතක් ගෙන ජනාධිපතිවරයා වෙත පැමිණියේ පැමිණිල්ලක්ද රැගෙනය. දුමින්ද දිසානායක ඇමැතිවරයා ජනාධිපතිවරයා වෙත පැමිණෙන විට උතුරු මැද පළාත් මහ ඇමැති එස්.එම්. රංජිත් ද ඒ අසල සිටියේය.
“මම අලුත් අවුරුද්දට සුබ පතලා කටවුට් එකක් ගහලා තිබුණා. ඒක කවුරුහරි කපලා දාලා තියෙනවා” දුමින්ද කීවේ අසල සිටි මහ ඇමැතිවරයා දෙස බලමිනි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය