Powered by Blogger.

බුවිනිගේ ජීවිතේ පුංචි පුංචි වෙනස්කම් ටිකක් සිද්ධ වුණා කියලා අපිට ආරංචි වුණා. ඉතින් ඒ ගැන දැනගන්න ‘රිවිසරසි’ අපි ඇයත් එක්ක එකතු වුණා.
බුවිනි දැන් පුංචි අම්මා කෙනෙක් වෙලා නේද?
අක්කට ලස්සන දුවෙක් ලැබුණා. මාත් පුංචි කෙනෙක් වුණා. මේ දවස්වල මං අක්කලාගේ ගෙදරමයි ඉන්නේ. එයාව දාලා එන්න හිතෙන්නෙම නැහැ.

ආසාවෙන් හිටියේ අක්කට දුවෙක් හම්බවෙනවට ද පුතෙක් හම්බ වෙනවටද?
කව්රු වුණත් ආසාවෙන් හිටියේ. දුවෙක් කියලා කලින් දැනගෙන හිටියා.

ඉතින් බුවිනි කොහොමද මේ දවස්වල වැඩකටයුතු?
අයි.ටී.එන්. නාලිකාවේ රාත්‍රී 9.00ට විකාශය වන ‘පබසරා’ ටෙලි නාට්‍යයේ සහ ‘අඳුරට එළියක්’ කියලා අලුත් ටෙලි නාට්‍යයක රූගතකිරීම්  සිදු කරනවා. ඊට අමතරව ඛිඉව් නාලිකාවේ නිවේදන කටයුතුවලට සහභාගි වෙනවා.

බුවිනි ක්‍ෂේත්‍රයට පිවිසුණේ අක්කා නිසාද නැත්නම් බුවිනිගේ හැකියාවෙන් ද?
මට පළවෙනියටම ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබෙනකොට ඒ අය දැනගෙන හිටියේ නැහැ මම වත්සලා දියලගොඩගෙ නංගි කියලා. මම අයි.ටී.එන්. 2012 අවුරුදු කුමරිය තරගයට සහභාගි වුණා.  එතැනදී දැකලා තමයි මට රඟපාන්න ආරාධනාවක් ලැබුණේ. මම ඒ තරගයටවත් මගේ දියලගොඩ කියන නම භාවිත කළේ නැහැ. නමුත් ඊට පස්සේ ගොඩදෙනෙක් දැනගත්තා මම වත්සලා දියලගොඩගෙ නංගි කියලා.

ලැබෙන හැම නිර්මාණයක්ම බුවිනි භාරගන්නවද?
නැහැ. මම අනිවාර්යයෙන්ම තෝරාබේරාගෙන තමයි නිර්මාණ භාරගන්නේ. නිර්මාණයකට ආරාධනා ලැබුණම ඉස්සෙල්ලම අක්කටයි අම්මටයි කියනවා. වයසට ගැළපෙන ඒවා තමයි මම කරන්නේ. එක වගේ නැති වෙනස් චරිතයක් කරන්න කැමැතියි.
කොහොමද අධ්‍යාපන කටයුතු?
මම උසස් පෙළ කළේ 2012 අවුරුද්දේ. ඒත් එක්කම තමයි කලාවට සම්බන්ධ වුණේ. ඒ නිසා උසස් අධ්‍යාපනයට යොමුවෙන්න බැරි වුණා. නමුත් ඉදිරියේ දී ඒ කටයුතුවලටත් යොමු වෙනවා.

බුවිනි වෘත්තිය වශයෙන් කලා ශිල්පිනියක් වෙයිද?
වෘත්තීයමය වශයෙන් කලා ශිල්පිනියක් වෙන්න නම් කැමැති නැහැ. ව්‍යාපාර ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යන්න තමයි ගොඩාක් කැමැති. ඉතින් මං ඉදිරියට අධ්‍යාපන කටයුතු කරන්න බලා‍පොරොත්තු වෙන්නෙත් ව්‍යාපාරික අංශයෙන් තමයි.

වැඩිපුරම කැමැත්තක් දක්වන්නේ මොන වගේ විලාසිතාවලට ද?
ගොඩක්ම අඳින්න ආස ගවුම් නැත්නම් සාරි. කොටම ගවුම් අඳින්නේ නැහැ. අපහසුවක් නැතුව ඉන්න පුළුවන් විදියට අඳිනවා.

කවුද විලාසිතා තෝරලා දෙන්නේ?
අම්මා තමයි හොඳද නැද්ද කියලා කියන්නේ. හැබැයි මම ඉඩධනනඪදඨ කරන්නේ යාළුවෝ එක්ක නම් මම ගිහින් මට ඕන දේවල් මට ආස දේවල් තෝරගන්නවා.

වත්සලා ‍පොඩ්ඩත් එක්ක ඉන්න නිසා අපට ඉස්සරහට දැකගන්න බැරිවෙයිද?
බබා ටිකක් ලොකු වෙනකන් නම් අක්කා ක්‍ෂේත්‍රයට එන එකක් නැහැ. හැබැයි ඉවත් වෙන්නෙ නම් නැතිවෙයි.

ක්‍ෂේත්‍රයේ ඉන්නකොට විවිධාකාර පුද්ගලයන් මුණගැහෙනවා. ප්‍රශ්නයක් කවදාවත් ඇතිවෙලා නැද්ද?
අක්කා නිසා මට ක්‍ෂේත්‍රයේ ලොකු රැකවරණයක් ලැබුණා. ක්‍ෂේත්‍රයේ රැඳෙන්න පහසු වුණා. අක්කා ක්‍ෂේත්‍රයේ කවදාවත් නම කැතකරගත්තේ නැති නිසා මං ගැනත් කවුරුත් වැරැද්දක් හිතුවේ නැහැ. ඒක ලොකු වාසියක් වුණා මට ප්‍රශ්නයක් නැතුව ඉන්න. අදටත් මට චරිතයක් ලැබුණොත් අක්කගෙන් තමයි අහන්නේ. එයා එපා කිව්වොත් මම ඒක කරන්නේ නැහැ.

එතකොට දැන් අක්කා විතරද එහෙම එපා කියන්නේ?
ම්.. නැහැ.

එහෙනම් එහෙම තහංචි දාන කෙනා ගැනත් අපිට කියන්න කැමතිද?
නම මොකක්ද කියලා පස්සෙ කියන්නම්. ඔහු ව්‍යාපාරිකයෙක්. කලාවට සම්බන්ධත් නැහැ. කැමැතිත් නැහැ.

ඒ කියන්නේ බුවිනි විවාහ වුණොත් කලාවට සමුදෙනවද?
විවාහ වෙනකන් රඟපාන්න අවසර තියෙනවා. දැනටත් කැමැති නැති වුණත් මගේ ආසාවට ඉඩ දීලා තියෙනවා. අනික මම වැඩ වැඩිකරගෙන ප්‍රශ්න ඇතිකරගන්නෙ නැති නිසා තවම ප්‍රශ්නයක් වෙලා නැහැ.

ජීවිතේ සුන්දර වෙනසක් ළඟදිම සිද්ධ වෙයිද?
සමහර විට විවාහ වෙයි. සුදුසු වයස, වෙලාව ආවාම බලමු නේද.

අලුතින් එන්න තියෙන නිර්මාණ මොනවද?
මේ අවුරුද්ද අන්තිමට ස්පන්ධන කියන චිත්‍රපටය තිරගත වෙන්න තියෙනවා. ඒ වගේම ටෙලි නාට්‍ය කිහිපයකුත් විකාශය වෙන්න තියෙනවා.

අනාගත හීන ගැනත් ‍පොඩ්ඩක් කියමු නේද?
විශේෂම කියලා දෙයක් නම් නැහැ. අධ්‍යාපන කටයුතුවලට යොමුවෙන්න ඉන්නවා. ගෙදර අයත් එක්ක සතුටින් සැහැල්ලුවෙන් ඉන්න තමයි ආස.
ශකිලා රාජපක්ෂ
ඡායාරූප - චමිල කරුණාරත්න
http://www.rivira.lk/edition/images/2013/12/01/3-1.jpg
http://www.rivira.lk/edition/images/2013/12/01/4.jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය