Powered by Blogger.

http://www.mawbima.lk/thumb/news-images/400/55607_1.jpg
පිංපොං එහෙමත් නැත්නම් රජිත හිරාන් පුංචි තිරයෙන් රිදී තිරයෙන් කොච්චර අපි හිනැස්සුවත් එයාගේ සැබෑ ජීවිතේ නම් විහිළුවක් නෙවෙයි. රජිත බිරියටයි, දුවටයි මාරම ආදරේලු. මේ ආදරේ ඇත්තම ඇත්තමද කියලා බලන්න නිකමට අපිට හිතුණා....

රජිත හිරාන් පුතා නේද කතා කරන්නෙ?
ඔව් ඔව්. මම රජිත තමයි කවුද මේ කතා කරන්නෙ.

ඇයි මතක නැද්ද මම සුනන්දා ඇන්ටි නෝටියා, මතක නෑ වගේ කතා කරන හැටි?
අනේ ඇත්තටම මතක නෑ.

හොරා... ගුටි දෙන්නෙ බොරු කියනකොට. මෙහේ බෝර්ඩ් වෙලා ඉන්නකල් හුරතලේට හැදිලා තාම දඟයි නේද?
මම කොහේවත් බෝර්ඩ් වෙලා ඉඳලා නම් නෑ. වැරැදීමක් වෙලා වගේ.

හහ්, හහ් හා අහුවුණා නේද? මල්ලි මම රමණි අක්කා. එදා ටඪතථ එකේ ෂූට් එකට අපේ ගෙදරින්නෙ බාස්කට් බෝලෙ අරගෙන ගියේ.
ඒ මම නෙවෙයි බෝලේ අරගන්න ආවේ මගේ යාළුවෙක්. මම එයාගේ නම්බර් එක දෙන්නද?

ඔතැන කතා කරන්න බැරිද? කවුරු හරි ඉන්නවද?
නෑ නෑ. එහෙම අවුලක් නෑ. ඒත් අක්කා කතා කරන්නෙ වැරැදි කෙනාට.

කොල්ලො ඔහොම්මම තමයි. මාව රවට්ටලා බෝලෙ අරගෙන ගියා. බෝලෙත් නෑ කොල්ලත් නෑ.
අනේ අක්කෙ මම ඔයා රවට්ටනවා නෙවෙයි. ඒත් මම ඔයාව දන්නෙ නෑ.

හහ්, හහ් හා අහු වුණා නේද? රජිත අයියෙ මම අනේ කතා කරන්නෙ?
මම කියන්නෙ කවුද?

මෙන්න වැඩක් මම චාරු. චතූ අක්කගෙ නංගි.
ආ ඔව් නංගි කියන්න ඔයා මේ අපිව වටේ යවනවනෙ?

මේ මුලින් විහිළු කළේ සීරියස් කතාවක් කියන්න.
කියන්න නංගි මොකද්ද?

අයියෙ අර එදා ඇවිත් හිටපු අනිත් නළුවා මැරි කරලද?
මොන නළුවාද?

අර ඔයාගේ යාළුවාට රඟපෑවේ?
ආ... එයාද? මම දන්න තරමින් නම් බැඳලා නෑ. මොකෝ සීන් එක?

නෑ, ඒ අයියා මගේ දිහා හැම වෙලාවෙම බැලුවා ඒකයි.
අප්පට සිරි ඉතින් හොඳයිනේ... ඕන්නම් මම කතා කරන්නම්... අලුත් කොල්ලෙක් වුණාට හිත හොඳ එකා.

ඔයා නම් මාරයි අයියේ. ඔයාට පොඩ්ඩක්වත් දුක නැද්ද?
මම මොකටද දුක් වෙන්නෙ... යාළුවන්ට හරියන කොට සතුටු වෙනවා මිසක්.

එහෙනම් එදා පන්නිපිටිය ගුවන් පාලම යටදි තැඹිලි දුන්නෙ මොකටද?
තැඹිලි දුන්නෙ බොන්න. වෙන මොකටද? ඔයා මේ රටේ නැති දේවල් හිතාගෙනනේ.

රජිත අයියේ මම දන්නවා ඔය බැඳලා කියලා. ලස්සන වයිෆ් කෙනෙක් ඉන්නවා කියලත් දන්නවා. ඒ වුණාට මම ඔයාට ආදරෙයි.
පිස්සුද නංගි. මම ඒ විදියට ඔයා ගැන හිතුවේ නෑ.

ඉතින් හිතන්නකො?
නංගි මේ විකාර කතා කරන්න එපා. මං අක්කට කතා කරලා කියනවා පිස්සු නටන්න ආවොත්.
ආදරේ කියන්නෙ විකාරයක්ද? අයියේ සාරියකින් බෙල්ල වැලදාගත්ත තුන් වැනි කෙල්ල මම වෙනවට ඔයා කැමැතිද?

අයියෝ නංගි ඔයා නිසා මගේ නමත් පත්තරේ යයි වගේ. කොහොමත් මම ඔයාගේ අක්කට කතා කරලා කියනවා සහෝදරකමට කතා කළාම මනමාලකමට පෙරළා ගන්න එපා නංගි. මට හොඳ බිරියක් වගේම, දුවෙකුත් ඉන්නවා... ඔයා ඒක මතක තියාගන්න.
රජිත ෆෝන් එක කට් කළා. එයාට හොඳටම කේන්ති ගිහින්. මොනවා වුණත් රජිත හොඳ නළුවෙක් විතරක් නෙවෙයි, හොඳ සැමියෙක් කියලා එයාගේ බිරියට මේක කියෙව්වාම තවත් හොඳටම තේරෙයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය