Powered by Blogger.

අනර්කලී උකුලේ තියාගෙන පින්තූරයක් ඉන්ටනෙට් එකට දැම්මා නම් තමන්ද මෙම මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරන බව හිටපු දකුනු පළාත් සභා මන්ත‍්‍රි අජිත් ප‍්‍රසන්න පවසයි.
‘මමත් හොඳට හොරකම් කරලා ඡන්දේ දී සල්ලි වියදම් කළා නම් දිනන්න තිබුණා. මමත් කාට හරි ගේමක් දීලා කෝටි ගාණක් හොයා ගත්තා නම් දිනන්න තිබුණා. ඉදිරියේ දී ඡන්ද දිනන්න නම් බැංකු මංකොල්ල කාලා ප‍්‍රසිද්ද වුණා නම් හරි.
මිනිස්සු ඡන්දය දෙන්නේ පෝස්ටර්,කටවුට් වැඩිපුරම ගහන, පත්තරේ වැඩිපුරම ඇඩ්ස් දාන අයට සහ කුඩ, දුරකතන බෙදන අයට. ඒක ගාල්ලේ ඔප්පු වෙලා තියෙනවා.  අනර්කලී උකුලේ තියාගෙන ඉන්න පින්තූරයක් එක්ක පොස්ටරයක් ගහලා,ඒක ඉන්ටනෙට් එකට දැම්මා නම් අනර්කලීයි මමයි දෙන්නම දිනනවා’ යයිද ඔහු සඳහන් කරයි.

ගායිකා රීටා ඕරා සිය ටැටූව නිරුවත් කරයි

ගායිකා රීටා  ඕරා සිය ටැටූව නිරුවත් කරයි ගායන ශිල්පිනි රීටා  ඕරා උඩුකය නිරුවතින් එල්ලේ විලාසිතා සඟරා කවරය සඳහා ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ.
දකුණු පියයුර යන්තමින් පෙනෙන ලෙස ගනු ලැබූ ඡයාරූපය මගින් ඇයගේ දකුණු ඉල ප‍්‍රදේශයේ නිර්මාණය කර ඇති විසිතුරු ටැටූව පළමු වරට නිරාවරණය කර තිබේ.
එය 1930 දශකයේ සිටි අතිදක්ෂ චිත‍්‍ර ශිල්පියකු වන ඇල්බර්ටෝ වර්ගාස්ගේ රොසෙටා නම් සිත්තම ඇසුරින් නිර්මාණය කරන ලද්දක් වන අතර එහි නිර්මාණශිල්පියා වන බැන්බැන් මැක්කර්ඩි පවසා ඇත්තේ එය තමන් තාරකාවකගේ සිරුරේ සටහන් කළ සංකීර්ණතම ටැටූව බවයි.
2013 සැප්තැම්බර් මසදී නිව්යෝක් විලාසිතා සතිය සඳහා සහභාගි වෙමින් සිටියදී රීටා  ඕරා ඔහු වෙත ගොස් ඇති අතර එය නිර්මාණය කිරීම සඳහා පැය 5ක් ගතවූ බව පැවසේ.
මේ අතර තම අළුත් ඇල්බමය පිළිබඳ අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ තමන්ගේ පළමු ඇල්බමය පි‍්‍රය සාද සඳහා ගැලපෙන නොමේරූ නිර්මාණයක් බවයි.  කෙසේවෙතත් මේ වන විට ආදරය අත්විඳිමින් සිටින නිසා නව ඇල්බමය ආදරය හා පී‍්‍රතිය යන දෙකම හඟවනු ඇතැයි රීටා පවසා තිබේ.
පසුගිය වසරේ මැයි මස සිට ඇය කැල්වින් හැරිස් සමග පෙම් සබඳතාවයක් පවත්වන අතර රීටාගේ නව ඇල්බමයේ එන අයි විල් නෙවර් ලෙට් යූ ඩවුන් ගීතය සඳහාද ඔහු එක්වී තිබේ.
කැල්වින් හැරිස් සමග ජීවිතය පිළිබඳව රීටා  ඕරා පවසන්නේ ඔහු හමුවීමට පෙර ආදරය අත්විඳ නොසිටි බවයි.  එය තමන් තුළින් උපදවනු ලැබුවේ කැල්වින් බව ඇයගේ අදහසයි.

උස් මහත් වෙන කෘත‍්‍රිම මස් පිඬු හදයි
උස් මහත් වෙන කෘත‍්‍රිම මස් පිඬු හදයි සතුන්ගේ මාංශ පේශිමය පටක මෙන් ඉබේ වැඩෙන කෘත‍්‍රිම පේශිමය පටකයක් නිර්මාණය කිරීමට ඇමරිකාවේ ඩියුක් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් සමත්වී තිබේ.
උතුරු කැරොලිනාවේ ඩර්හැම් හි පර්යේෂණාගාරයක් තුළ ඔවුන් විසින් නිර්මාණය කළ කෘත‍්‍රිම පේශිය මීයකුගේ ශරීරය විසින් ඉක්මනින් භාරගෙන ඇති අතර ඉන්පසු එය මීයාගේ ශරීරය තුළදී වැඩෙන්නට පටන්ගෙන තිබේ.
විද්‍යාඥයින් විසින් විද්‍යුත් ස්ඵන්ද ලබාදෙමින් එහි ශක්තිය මැන බලා ඇති අතර හෙළිවී ඇත්තේ මෙතෙක් නිර්මාණය කළ සියලූ පේශීන්ට වඩා එය දස ගුණයක් පමණ ශක්තිමත් බවයි.
මීයන්ගේ පේශියෙන් මාතෘ ෙසෙල වෙන් කර එමගින් පේශි තන්තු වර්ධනය කිරීමට සමත්වීම තමන් ලැබූ විශාලතම ජයග‍්‍රහණය බව පර්යේෂණ කණ්ඩායම් ප‍්‍රධානි නෙනාඞ් බර්සැක් පවසා තිබේ.
එ්වා ශක්තිමත් ලෙස සංකෝචනය වන තන්තු බවට පත්කිරීමට සමත්වූ බවත් මෙය පර්යේෂණාගාරයක් තුළ මෙතරම් සංකෝචනය විය හැකි පේශි තන්තු නිර්මාණය කළ පළමු අවස්ථාව බවත් ඔහු සඳහන් කර ඇත.
මීයාගේ මාතෘ ෙසෙල ගණනාවකට නාග විෂ ඇතුළු කර ස්වභාවිතක පටකය විනාශ කර දමා ඇති පර්යේෂකයන් නිරීක්ෂණය කර ඇත්තේ ශරීරයට ඇතුළු කළ නව පටකය විෂට ඔරොත්තු දෙමින් විනාශවූ පටකය යළි වර්ධනය කළ බවයි.
කෙසේවෙතත් එවැනි පටකයකට කෘත‍්‍රිම රුධිරවාහිනි පද්ධතියක් නිර්මාණය කිරීමට තවත් වසර 10-15ක් පමණ ගතවෙනු ඇති බව බර්සාක්ගේ අදහසයි.
නමුත් තම සොයාගැනීම තීරණාත්මක ඉදිරි පිම්මක් බව පවසා ඇති ඔහු මේ සමග වැඩිහිටියන්ගේ සහ ක‍්‍රීඩකයන්ගේ හානිවූ මාංශ පේශි වර්ධනය කළ හැකි බව පවසා තිබේ.

හිරු නාලිකාව හිරුණිකා වෙනුවට හැම තැනම ‘H’ දමයි
හිරු නාලිකාව හිරුණිකා වෙනුවට හැම තැනම ‘H’ දමයි මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ සහෝදරයාගේ හිමිකාරීත්වය දරණ ඒ.බී.සී. මාධ්‍ය ජාලයට අයත් හිරු ඇතුළු සියළු ගුවන් විදුලි ආයතන සහ වෙබ් අඩවිවල මැතිවරණ ප‍්‍රථිඵල වාර්තා කරන ලද්දේ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවියගේ නම සඳහන් නොකරමිනි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩිම මනාප ලාභියාගේ නම හිරු නාලිකාව විසින් සඳහන් කර තිබුණේ ‘එච්. පේ‍්‍රමචන්ද්‍ර’ ලෙසිනි.
එහෙත් අනෙකුත් සියලූම අපේක්ෂකයන්ගේ නම් සම්පූර්ණයෙන් සඳහන් කර තිබිනි.

දකුණු පළාත් සභාව නිසා මහ ආණ්ඩුවත් පෙරළෙයි – මන්ත‍්‍රී ගීතා
දකුණු පළාත් සභාව නිසා මහ ආණ්ඩුවත් පෙරළෙයි – මන්ත‍්‍රී ගීතා දකුණු පළාත් සභාව නිසා ආණ්ඩුව පෙරළෙන්න ඉඩක් ඇති බව ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් ඊට තේරී පත් වූ රංගන ශිල්පිනීි ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.
තම ජයග‍්‍රහණය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කුමාරසිංහ මහත්මිය මෙසේ ද කීවාය.
‘රජයේ මුදල් වියදම් කරමින් පළාත් සභාවේ සිදුවන දුෂණය නාස්තිය නැති කළ යුතුයි. මේ ඡන්දෙන් පස්සේ මහ ඇමතිකමට එන කෙනා මනාප ලබා ගැනීමේ අරමුණින් පටන් ගත්ත දවසේ ඉඳලා සනත් ජයසූරිය පිටියට බැහැලා ගහනවා වගේ මනාපවලට විඳිනවා. දැන් දිනුව ගමන්ම පටන් ගනී. ඉස්සර වෙලාම ස්තූති කරලා ලියුමක් අරියි. ජනවාරි පෙබරවාරි වෙනකොට කැලැන්ඩරයක් අරියි. ලිතක් අරියි. කාගේ සල්ලි වලින්ද මහජන මුදල් වලින්. මම නම් ස්තූති කරලා ලියුමක් ඇරියත් යවන්නේ මගේ සල්ලි වලින්.
මහජන මුදල් වලින් ඔය දේවල් කර කර ඡන්දේ දිනයි. හැබැයි මේ මෝඩ මිනිසුන්ට මම බොහොම කරුණාවෙන් කියන්න කැමතියි තව අවුරුදු හතරක් පහක් ඔය කට්ටිය ඔහොම කර ගෙන ගියොත් දකුණු පළාත් සභාව හින්දා මේ ආණ්ඩුව පෙරළෙයි’

ගම්මන්පිල එකතු කරපු සල්ලි වලට මොකද වුණේ ?
ගම්මන්පිල එකතු කරපු සල්ලි වලට මොකද වුණේ ? උදය ගම්මන්පිල මහතා මෙරට දේශපාලනයේ නව සංස්කෘතියක් ඇති කරමින් මහජනතාවගෙන් මුදල් සම්මාදම් කර පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්ව ඉන් ජය ගත්තේය.
මේ ආකාරයෙන් ජනතාවගෙන් මුදල් එකතු කර වියදම් කළ අයුරු පැහැදිලි කරන ගිණුම් වාර්තා සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන බව ඒ මහතා සඳහන් කර තිබුණි.
මෙම ගිණුම් වාර්තා ඉදිරිපත් කරන්නේ කවදාදැයි අපි උදය ගම්මන්පිල මහතාගෙන් විමසූ අතර ඔහු පැවසුවේ පොරොන්දු වූ ලෙසම සති දෙකක් ඇතුළත මෙම ගිණුම් ඉතාමත් නිවැරදිව ප්‍රසිද්ධ කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි.
‘මහජන මුදල් වියදම් කළ ආකාරය සවිස්තරාත්මකව සඳහන් කරමින් ඉතාමත් නිවැරදි ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටිනවා. පොරොන්දු වූ ආකාරයටම සති දෙකක් ඇතුළත මෙම ගිණුම් වාර්තා නිකුත් කරනවා. ලයිස්තුගත සමාගමකටත් ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීමට මෙයට වඩා වැඩි කාලයක් ලබාදී තිබෙන බව කිව යුතුයි’
යනුවෙන් ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

බන්ධනාගාරයට ලේ, කෙළ, මුත‍්‍ර සාම්පලට හොඳ මිලක්
බන්ධනාගාරයට ලේ, කෙළ, මුත‍්‍ර සාම්පලට හොඳ මිලක් සැබෑ ලෙසම රෝගී තත්වයක් නැතිව වැලිකඩ බන්ධනාගාර රෝහලේ නැවතී සිටි රැඳවියන් 80 ක් වහාම බන්ධනාගාර වෙත මාරු කර යවා ඇත.
මෙසේ රැඳී සිටියවුන් අතර මුදල් බලයෙන් රැදී සිටි කීප දෙනෙකු ද මානසික ලෙඩුන් ලෙස පෙනී සිටි රැඳවියන් ද සිට ඇත.
දියවැඩියාව, ක්ෂය රෝගය, අධි රුධිර පීඩනය මෙන්ම ඒඞ්ස් එච්.අයි.වී. වෛරසය වැළ දී ඇති බව කියමින් රෝහලේ සිටින වැඩි දෙනෙකුට එවැනි රෝගාබාධ නොමැති බවට ද හෙළි වී ඇත.
මොවුන් අදාළ ලේ, මුත‍්‍ර හා කෙළ සාම්පල් මුදලට විකුණා රැඳවියන්ගෙන් ලබා ගෙන රෝහල් ගත වී ඇතැයි ද හෙළිව ඇත.

ගෝලයෝ දෙදෙනාම පරාදයි.. රවී කරුණානායක ඉල්ලා අස්වෙනු
ගෝලයෝ දෙදෙනාම පරාදයි.. රවී කරුණානායක ඉල්ලා අස්වෙනු කොළඹ දිස්ත‍්‍රික් එජාප මන්ත‍්‍රී රවී කරුණානායක මහතා විසින් මැතිවරණයට ඉදිරිපත් කළ අපේක්ෂකයින් දෙදෙනාම අන්ත පරාජයට පත්ව ඇති බැවින් ඔහු සිය සංවිධායක ධූරයෙන් ඉල්ලා අස් විය යුතු බව කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පවසයි.
උතුරු කොළඹින් ඉදිරිපත් කළ එම්. අක‍්‍රම් හා නාගරික මන්ත‍්‍රී මහේන්ද්‍ර දර්ශන ද සිල්වා ජයග‍්‍රහණය කළ හොත් තමන් නගරාධිපති ධූරයෙන් ඉවත් වන්නේ යයි මැතිවරණයට පෙර වූ පොරොන්දුව මේ වන විට ඉටු කිරීමේ අවශ්‍යතාවයක් නැති බවද ඔහු කීය.
2009 වසරේ පැවති බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී උතුරු කොළඹ ආසනය ලබාගත් ඡුන්ද 27866 ට සාපේක්ෂව මෙවර ලබා ගෙන ඇත්තේ ඡන්ද 16,165 ක් බව ද පැවසූ ඔහු මෙවර ඡන්ද 11701 ක් අඩු වී ඇති බවත් ඉකුත් පළාත් පාලන මැතිවරණයේ දීද කොළඹ මහ නගර සභාව උතුරු කොළඹින් ඡන්ද 20000 ක් ලබා ගත් බවද ඔහු සිහිපත් කරයි.

 මනූෂ රටේම ‘ඔළු’ හෝදන්න සූදානම්
මනූෂ රටේම ‘ඔළු’ හෝදන්න සූදානම් ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනූෂ නානායක්කාර විසින් කොළඹ සහ ගාලූ දිස්ත‍්‍රික්ක පුරා ‘දැන් ඉතින් ඔළු හොදමු’ තේමාවෙන් පෝස්ටර විශාල ප5මාණයක් අලවා තිබේ.
ඔහු පවසන්නේ රට හමුවේ ඇති අභියෝග ජයගැනීම සදහා ජනතාව එක්රැස් කරන වැඩසටහනක ආරම්භයක් බවයි.
ශ‍්‍රී ලාංකික ජාතියක් ලෙස රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට සිතිය යුතු අවසථාවක ඒ වෙනුවෙන් ජනතාව පෙළ ගස්වන වැඩ සටහනක කතිකාව ගාල්ලෙන් ආරම්භ කර ඇති බවත් පැවසූ මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
‘නොයෙක් ආකාරයේ ජාත්‍යන්තර බලපෑම් අපට එල්ල වන කාලයක් තමයි මේ කාලය. ජිනීවා සිට විවිධ ජාත්‍යන්තර අභියෝග එල්ලවෙමින් තිබෙනවා. දැන් ලංකාව රටක් ලෙස එකට එක්ව එම අභියෝගයන්ට මුහුණ දිය යුතුයි. ඒ සදහා ජනතාව එක පෙළට පෙළ ගැසී එක් දැක්මක්, එක් අරමුණක් වෙනුවෙන් පෙළ ගැසිය යුතුයි. මේ ගැන ජනතාව දැනුවත් කරමින් ස්වයං විවේචනයක් අපි ආරම්භ කරනවා. අපි ඔළු හෝදගෙන ආකල්පමය වශයෙන් තවත් ශක්තිමත් වෙන්න  ඕන. ඒ වැඩපිළිවෙළේ ආරම්භය තමයි මේ ආකාරයට සනිටුහන් කළේ’

පුරන් කුඹුරුවල කුරහන් වවයි
පුරන් කුඹුරුවල කුරහන් වවයි පුරන් කුඹුරු සහ ජලය හිග ඉඩම්වලට කුරක්කන් වගාව හදුන්වාදීමේ වැඩපිළිවෙළක් මාතලේ මකුගේකැන්න ව්‍යාපාර කමිටුව විසින් හදුන්වා දී ඇත.
කුරක්කන් ආනයනය කිරීමට වැයවෙන විදේශ විනිමය බැහැරට යා නොදී සෑම බිම් අඟලක්ම වගා කිරීමේ ජාතික වැඩසටහන යටතේ පුරන් හා ජල හිගයක් ඇති කුඹුරු වල ඵලදායීතාව ඉහළ නැංවීමේ අරමුණ ඇතිව මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කර තිබේ.
මෙතෙක් වී වගාවෙන් යැපුණු ගොවීන් පුරන් කුඹුරු ඉඩමේ කුරක්කන් වගාවට යොමු කිරීමේ වැඩපිළිවෙළක් මේ යටතේ කි‍්‍රයාවට නංවා තිබේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය