Powered by Blogger.

අනූෂා දමයන්ති දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නැටුම් ශිල්පිනියක්. වසර 14ක රංගන ක්ෂේත්‍රයේ පළපුරුද්දක් හිමි ඇගේ රංගන කටයුතුවල වර්තමාන තොරතුරු සහ පෞද්ගලික ජීවිතේ තොරතුරු මඳක් අපි ඇයත් සමග කතා කළා.
අනූෂා මේ දවස්වල පේන්න ඉන්නවා වැඩියි?
ඔව්. ටෙලි නාට්‍ය කිහිපයකට සම්බන්ධ වුණා. ඒ අතරින් සඳසාවි ටෙලි නාට්‍යය මේ දවස්වල විකාශය වෙනවා. ඊට අමතරව නිහාල් ප්‍රනාන්දු මහතාගේ නාට්‍යයකට සහභාගි වුණා. ඒ නාට්‍යයේදී මම රඟපාන්නේ රොඩී කෙල්ලකුගේ චරිතයක්. චරිතය නම්වෙලා තියෙන්නේ ‘හුදී’ කියලා.

ඇයි මේ දවස්වල නර්තන වැඩකටයුතුවල යෙදෙන්නේ නැද්ද?
නර්තන ප්‍රසංග කිහිපයකට සහභාගි වෙලා තියෙනවා.

ඔයා සල්ලි දීලා නර්තන ප්‍රසංගවලින් ජයගත්තා කියලා තමයි ගොඩක් අය කියන්නේ?
මම කවදාවත් එහෙම කරලත් නැහැ, කරන්න හිතලත් නැහැ.

 ඒ වුණත් ඔයාට නටන්න බැහැ කියලා තමයි ගොඩක් අය නම් කියන්නේ?
මට නටන්න බැහැ. ඒත් රංගනයේ යෙදෙන්න පුළුවන්.

 කාලයක් ඔයාට ගොඩක් රංගන ශිල්පිනියන් අපලෙට හිටියා නේද?
නැහැ. මට උත්පත්තියෙන්ම අපල නැහැ. හොඳ ග්‍රහචාරයක් තියෙනවා.

මම ඇහැව්වේ ඔයාට කැපිල්ල දාපු ගොඩක් ශිල්පිනියන් ඉන්නවා නේද කියලා?
මට නම් කාත් එක්කවත් ප්‍රශ්නයක් නැහැ. කොහොම වුණත් ඕනෑම වෘත්තියක ප්‍රශ්න තියෙනවා.

ක්ෂේත්‍රයේ අනිත් අයට වඩා ඔයාට කැපිල්ල වැඩියි කියලා තමයි ගොඩක් අය කියන්නේ?
ඔව් ඉතින් එහෙම තමයි. අපි යන පාරේ ගල් මුල් තියෙනවා. මේ අභියෝග ජයගෙන තමයි ඉදිරියට යන්න තියෙන්නේ.

ඔයා ඔය නොකියා කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න බහුතරයක් කුහකයෝ කියලනේ?
කවදාවත් නැහැ. නමුත් එක දෙයක් කියන්න තියෙනවා. මේ ලෝකේ මිනිස්සු ජීවත් වෙන්නේ අටලෝ දහම අනුවනේ. හැම මිනිහෙක්ම පරිපූර්ණ නැහැ.

රංගන ක්ෂේත්‍රයේ ඔයා රැඳිලා ඉන්නේ දක්ෂතාවට නොවෙයි, වෙනත් හේතු නිසා කියලා තමයි ආරංචි?
මෙහෙමයි. දක්ෂයාට තමයි කටකතා හැදෙන්නේ. වෙනත් දේවල් කරලා මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්න තරම් මම දුර්වල නැහැ.

ඔයා රඟපාපු චරිතවලින් පෞද්ගලික ප්‍රතිරූපයට හානි වෙන්නේ නැද්ද?
කවදාවත් එහෙම හානියක් වෙලා නැහැ. මගේ නිර්මාණ රසිකයන් පිළිගැනීම තුළම ඒ පෞරුෂත්වය තියෙනවා.

විවාහ වෙන්නේ නැද්ද ළඟදී?
සුදුස්සා තාම ලැබුණේ නැහැ.

ඔය සුදුස්සා නාවොත්?
කලකිරීමක් නැහැ. තනිකඩව ඉන්නවා.

නිළියක් නිසාද මෙච්චර කල් විවාහ වෙන්න සුදුස්සෙක් මුණ නොගැසුණේ?
නිළියන්ව තමයි පිරිමි බඳින්න කැමැති.

ඒ ඇයි?
අපිට මිනිස්සු කිට්ටු වෙන්න කැමැතියිනේ.

ප්‍රේම සම්බන්ධතා තිබිලා තියෙනවාද?
දෙකක් විතර තිබිලා තියෙනවා. එක්කෙනෙක් ලංකාවේ කෙනෙක්. අනිත් එක්කෙනා විදේශීය රටක කෙනෙක්.

ඇයි මේවා නතර වුණේ?
කේන්දර ප්‍රශ්න නිසා තමයි. නැත්නම් අදත් මගෙන් ආදරය බලා‍පොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ඉන්නවා.

කේන්දර ප්‍රශ්න කියලා ආදර බැඳීම් කඩලා දාන්න පුළුවන්ද?
ඒක එච්චර දීර්ඝ ආදර බැඳීමක් ‍නෙවෙයි.
ඉමල්කා ගුණවර්ධන
ඡායාරූප- චමිල කරුණාරත්න
http://www.rivira.lk/edition/images/2014/04/13/cka-044.jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය