Powered by Blogger.

https://www.youtube.com/watch?feature=player_embedded&v=ylMfERo60jc

ක්‍රිකට් කණ්ඩායමක සියලු දෙනා ලකුණු 3කට දැවී ගිය අමතක නොවන තරගයක්

ක්‍රිකට් කණ්ඩායමක සියලු දෙනා ලකුණු 3කට දැවී ගිය අමතක නොවන තරගයක්

එංගලන්ත අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියකදී ක්‍රිකට් කණ්ඩායමක සියලු කඩුලු ලකුණු 3කට දැවී ගොස් තිබේ.
මෙම දුර්ලභ සිදුවීම වාර්තා වූයේ, වයිරල් ක්‍රිකට් සමාජය (Wirral Cricket Club) සහ හැස්ලිංටන් (Haslington) ක්‍රිකට් කණ්ඩායම අතර ය.
එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් හැස්ලිංටන් කණ්ඩායම ලකුණු 108ක් රැස් කළ අතර ඊට පිළිතුරු වශයෙන් වයිරල් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ, ලකුණු 3ක් පමණි.
එහි සුවිශේෂත්වය වූයේ, ඔවුන් රැස් කළ ලකුණු 3න් ලකුණු ‍2ක් ම අතිරේක ලකුණු වීම ය.
Wirral-cc score card
මෙහිදී අවසන් පිතිකරුවා පමණක් නොදැවී එක් ලකුණක් රැස් කළ අතර සෙසු සියලු දෙනා ලකුණු නොලබා දැවී ගියහ.
මෙම තරගයේදී හැස්ලින්ටන් කණ්ඩායමේ බෙන් ඉස්ටඩ් එක් ලකුණකට කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් විය.
all out for 3
මීට පෙර 1913 වසරේදී සමර්සෙට් කණ්ඩායමේ සියලු පිතිකරුවන් කිසිදු ලකුණක් නොලබා දැවී ගොස් තිබේ.

Internet Explorer මෘදුකාංගයේ බරපතළ දෝෂයක්!

Internet Explorer මෘදුකාංගයේ බරපතළ දෝෂයක්! මයික්‍රොසොෆ්ට් සමාගමේ වෙබ් Web browser මෘදුකාංගයක් වන Internet Explorer හි දෝෂ කිහිපයක් මතුව ඇතැයි එම සමාගම පවසයි.
එම සමාගම උපුටා දක්වන විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ, Windows XP මෙහෙයුම් පද්ධතිය භාවිත කරන්නන්ට මෙය වැඩි වශයෙන් බලපානු ඇති බව ය.
මේ වන විට Windows XP යාවත් කාලීන කිරීම් නතර කර තිබීම හේතුවෙන් එම දෝෂ නිරාකරණය කිරීම අපහසු තත්ත්වයක් උදා වී තිබේ.
මෙම දෝෂය බලපානුයේ, Internet Explorer 6 සිට 11 දක්වා වන මෘදුකාංගවලට ය.


පියා විසින් නිල්වලා ගඟට විසි කළ දරුවන් දෙදෙනා මවට භාර දෙන්නැයි නියෝග (Video)

https://www.youtube.com/watch?feature=player_embedded&v=A36zEfw-fXk


කුමාර් සංගක්කාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ රහස් හෙළි කරයි (Exclusive Interview)

https://www.youtube.com/watch?feature=player_embedded&v=NzuoawDbc2w 

 


 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය