Powered by Blogger.


Dinesh-Lasithවිස්සයි
විස්සලෝක කුසලාන තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර බ්‍රහස්පතින්දා(3 ) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදීද ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගටම පැවරෙනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි. තීරණාත්මක නවසීලන්ත තරඟය ජයග්‍රහණය කරා මෙහෙයවීමට
මාලිංග සමත් වූ අතර යම් හෙයකින් චන්දිමාල් කණ්ඩායමට එක්වේ නම් තිරිමාන්න හෝ තිසර පෙරේරා දෙදෙනාගෙන් අයෙකුට ස්ථානය අහිමි වනු ඇත.
එහෙත් ඒ දෙදෙනාම දක්ෂතා අතින් ඉදිරියෙන් සිටී.තත්ත්වය එසේ වුවහොත් අද තරගයේදී දිනේෂ් චන්දිමාල් කී‍්‍රඩා නොකරන්නට ඉඩ ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ප්‍රථම අවසන් පූර්ව තරගය අද (3දා) ඩාකාහිදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 6.30ට ආරම්භ වෙයි.මේ අතර අද තරගය දෙපි‍ලේම දඟපන්දු යවන්නන් අතර තියුණු සටනක් බවට පත්වී තිබේ.
තරගාවලිය පුරා පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ සැමුවෙල් බද්රි සහ සුනිල් නාරායින් සිටීමෙන් කොදෙව් පිල ශක්තිමත් වී තිබේ.නවපන්දුවෙන් ක්‍රියාත්මක වන බද්රි මෙවර කඩුලු 10ක් ලබා පන්දු යවන්නන්ගේලැයිස්තුවේ තෙවැනි තැන සිටියි. ඔහුට අනගි සහයක් දෙන නාරායින් කඩුලු 6ක් ලබාසිටියි. මේ අනුව ශ්‍රී ලංකා පිතිකරුවන්ට මෙම දඟපන්දු යවන්නන් දෙදෙනා තියුණු අභියෝගයක් වන ලකුණු පහළ වී තිබේ.කොදෙව්වේගපන්දු බලඇණිය එතරම් ශක්තිමත් නොවන බැවින් මෙම දඟපන්දු යවන්නන් දෙදෙනාපාලනය කිරීම අත්දැකීම් පිරි ඩිල්ෂාන්, මහේල සහ සංගාට පැවැරී තිබේ. අනෙක් අතර ඉකුත් නවසීලන්ත තරඟයේදී විශ්මිත පන්දු කරනයක යෙදුන රංගන හේරත් හා සචිත්‍ර කොදෙව්වන්ට හිසරදයක් වනු ඇත.ඔවුන් දෙදෙනාද ඇතුලත්ව මාලිංග සහ කුලසේකර සහිත ප්‍රබල පන්දු යැවීමේ බලඇණියක් ශ්‍රී ලංකාව සතුව සිටියි.එයද ශ්‍රී ලංකාව පැත්තෙන් ප්‍රභල ශක්තියකි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය