Powered by Blogger.


අකුරැස්ස මලිදුව, කොහුගොඩ ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ ූ දෙනගම පඤ්ඤාසාර හිමියන් 2001 වර්ෂයේ කොහුගොඩ විහාරස්ථානයට පැමිණ භික්‍ෂූන් වහන්සේලාට වැඩසිටීම සඳහා සංඝාවාසයක් ඉදිකරවීමෙන් පසුව සැදැහැවත් බෞද්ධ පින්වතුන්ට වැඳුම් පිදුම් සිදු කිරීම සඳහා දෙමහල් බුද්ධ මන්දිරයක් ඉදිකරමින් පවතී. මැයි 01 වැනිදා ආශිර්වාද බෝධිපූජා පින්කම හා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක්ද පැවැත්වේ. මැයි 02 වැනිදා ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවහන්සේට මුල්ගල් තැබීම හා කුලදරුවන් දෙදෙනෙකු සසුන් ගත කිරීමට නියමිත බව එම විහාරයේ දායක සභාව දන්වා සිටියි.

කලංනායක සදහම් ආශ්‍රමයේ පින්කම්


කෑගල්ල, අඹන්පිටිය, කලංනායක, සිරි සදහම් ආශ්‍රමයේ අභිනව අටවිසි බුදු මැදුර හා බෝධිඝරය විවෘත කිරීමේ පුණ්‍යෙීත්සවය නිමිත්තෙන් මේ මස 30 වන දින එම විහාරස්ථානයේ දී ආගමික වතාවත් රැසක් සංවිධානය කර ඇත.
එදින සවස 3.00 ට අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා විහාරස්ථානයට වැඩම කිරීමේ මහා පෙරහරත්, එදින රාත්‍රි 7.00 ට පදලංගල ධම්මදේව හිමියන් විසින් පවත්වනු ලබන විශේෂ ධර්ම දේශනාවක් ද පැවැත්වේ. මැයි මස 1 වන දින පෙරවරු 7.00 ට අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා අභිනව කුටිවල තැන්පත් කිරීමේ මහෝත්සවයද එදින පෙරවරු 7.30 ට ප්‍රථම කිරි ආහාර පූජාව පැවැත්වේ.
එදිනම සවස 6.00 ට ගිලන්පස පූජාවක්ද, රාත්‍රි 7.00 ට පුණ්‍යානුමෝදනා විශේෂ ධර්ම දේශනාවක් පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන් විසින් සිදු කරනු ලබන බව විහාරාධිපති පොළොන්නරුවේ ආනන්දසිරිහිමියෝ පවසති. අභිනව බෝ මළුවේ අධිෂ්ඨාන අබතෙල් පහන් පූජාව මැයි මස 2 වන දින රාත්‍රියේ සිට පහන්වනතුරු පැවැත්වේ. 3 වැනිදා පෙරවරු 8 ට මාවරලේ භද්දිය හිමියන්ගේ දම් දෙසුමක් පැවැත්වේ.

ඝාතනය කළ මී මින්නන් 7ක් සමඟ 3ක් දැලේ.
මී මීන්නන් 7 දෙනෙකු වෙඩි තබා දඩයම් කර කුඩා ලොරියකින් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු පොල්පිතිගම - කුඹුක්කඩවල ප‍්‍රදේශයේ දී අද (27) අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩි තබා ඝාතනය කර ඇති මී මින්නන් 7 දෙනාගෙන් 6 දෙනෙකුම ගැහැණු සතුන් වන අතර ඉන් දෙදෙනෙකුගේ කුසේ සිටි බිහිවීමට ආසන්න මිය ගිය පැටවුන් දෙදෙනෙකු ද අද සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඉවතට ගැනුණා. රිදීගම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන සැකකරුවන් මෙම මී මින්නන් දඩයම් කර ඇත්තේ කුඹුක්කඩවල රජයේ රක්ෂිතයේදියි. සැකකරුවන් සහ අදාළ ලොරි රථයක මහව මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි

අලි හිඟන්නා ඇල්ලීමට මෙහෙයුමක්.
අනුරාධපුර - ශ‍්‍රාවස්තිපුර - මොරගොඩ ප‍්‍රදේශයේ තේක්ක කැළෑව ආශ‍්‍රිතව සැරි සරන අලි හිඟන්නා ලෙස ප‍්‍රදේශවාසීන් හඳුන්වන වන අලියා ඇල්ලීමේ මෙහෙයුමක් වනජීවි නිලධාරීන් අද (27) ආරම්භ කළා. ප‍්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ වන ජීවි නිලධාරීන්ට අමතරව පොලීසිය ද මෙම මෙහෙයුම් සඳහා එක්ව සිටින බවයි. වෙඩි වැදීම හේතුවෙන් ඇසක් අන්ධ වී ඇති මෙම වන අලියා නිරන්තරයෙන් අනුරාධපුර - කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයට කඩා වදිනවා. එම නිසා මෙම වන අලියා අල්ලා වනෝද්‍යානයකට මුදා හැරීමට තීරණය කළ බවයි වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ

විදුසැර වද්දා ඝාතනය කළ අලියෙකුගේ මළ සිරුරක් ?
විදුලිසැර වැදීමට සලස්වා ඝාතනය කළ බවට සැක කෙරෙන වන අලියෙකුගේ මළ සිරුරක් තන්තිරිමලේ - හල්මිල්ලකුලම ප‍්‍රදේශයේ ගස්ලබු වගා කර ඇති ඉඩමක තිබී ඊයේ (26) සොයාගෙන තිබෙනවා. අනුරාධපුර වනජීවි කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ ස්ථීර වශයෙන්ම වන අලියාගේ මරණය සිදුවී ඇත්තේ විදුලිසැර වැදීම නිසා ද යන්න අද සිදුකෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති බවයි. විදුලිසැර වැදීමට සලස්වා අලියාගේ මරණය සිදුකර ඇති බවට එමගින් තහවුරු වුවහොත් ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව අනුරාධපුර වනජීවි කාර්යාලයේ ප‍්‍රකාශකයා සඳහන් කළා

තරුණ වියයි බුදු දහමයි ලිපි මාලාව - 15

යහපත් විවාහ දිවියකට මෙත්ත සූත්‍රයෙන් උපදෙස්



පසුගියදා අපගේ අවධානය යොමු වූයේ සුත්ත නිපාතයේ උරග වර්ගයේ ඇතුළත් මෙත්ත සූත්‍රයේ සඳහන් උපදේශයක් සාර්ථක දිවියකට උපකාරි වන අයුරු විමසා බැලීමයි. මෙවර අපගේ අවධානය යොමුවන්නේ එහි දෙවන කොටස පිළිබඳ විමසා බැලීමටයි.
සුභරෝ - පහසුවෙන් පෝෂණය කළ හැකි බව
ආහාර පාන, ඇඳුම් පැළඳුම් හා වෙනත් අවශ්‍යතාවන් කොතරම් මහන්සියෙන් සපුරා දුන්නත් එයින් සතුටට පත් නොවන භාර්යාවන් කොතෙකුත් සිටිති. සමහරවිට ස්වාමියා ගෙනත් දෙන දෙයෙහි දොස් දකිමින්,අඩුපාඩු දකිමින් ස්වාමියාට දොස් පවරා එය ප්‍රතික්ෂේප කිරීමෙන් හා පරිහරණය කිරීමෙන් වැළකී සිටීමෙන් කටයුතු කිරීම තුළින් ස්වාමියාට ඇතිවන්නේ වේදනාවකි. කළකිරීමකි. එය ස්වාමියාගේ සතුටට මෙන්ම විවාහ දිවියේ දියුණුවට කිසිදාක හේතු නොවේ. තරහ ගන්නා ස්වාමියෙක් නම් මෙය කෙළවර වන්නේ ගැටුමකිනි. ‘සුභර’ යන ගුණයෙන් අවධාරණය කරන්නේ නිතැතින්ම පහසුවෙන් පෝෂණය කළ හැකි අය විය යුතු බවයි. චාම් ඇඳුම් පැළඳුම් වලින් හා චාම් චර්යාවෙන් යුක්ත වූ විට සැහැල්ලුවෙන් දිවිය ගෙන යා හැකිය. එය තමාගේ පහසුවට මෙන්ම ස්වාමියාගේ සතුටට ද හේතුවේ.අන්‍යයන්ගේ ගෞරවයට ද එය හේතු වේ. සමහර අය සමාජයේ කැපී පෙනීමට විවිධ ආටෝප සාටෝප වලින් ආයිත්තම්වලින් සැරසී කටයුතු කරති. සමහරු ගමන් බිමන් සඳහා වස්ත්‍රාභරණ ණයට පවා ගනිති. ඇත්තෙන්ම නුවණැති සමාජය අගය කරන්නේ චාම් ඇවැතුම් පැවැතුම් හා චාම් ඇඳුම් පැළඳුම්ය. විශේෂයෙන් භාර්යාවන් තම විවාහ දිවිය තුළ චාම් බවට, පහසුවෙන් පෝෂණය කළ හැකි බවට පත්විය යුතුය. එසේ වූ විට එය සාර්ථක විවාහ ජීවිතයකට නිතැතින්ම එළැඹෙන්නක් බවට පත්වේ.
අප්පකිච්චෝ - වැඩකටයුතු අධිකවීම
වැඩකටයුතු අධිකවීම හෙවත් කාර්ය බහුලවීම නිදහස අඩුවීමට හේතුවේ. අප කොතරම් දේවල් කළත් නිදහසක් නැතිනම් සහනයක් නැතිනම් එම දිවියෙහි සතුටක් නැහැ. වැඩ කටයුතු අධිකවීම නිසා තමාගෙන් දරුවන්ට ස්වාමි දියණියට දෙමාපියන්ට ඉටු විය යුතු යුතුකම් හා වගකීම් නිසි අයුරින් ඉටුකිරීමට නොහැකිවනු ඇත. සමහර විට තම ජීවිතයේ වටිනාම අවස්ථාවන් ගිලිහී යෑමට සිදුවනු ඇත. සමහර අය දැඩි ආශාවන් හා සමාජයේ කැපී පෙනීමට හෙවත් තමා සමාජයේ අන් අය විසින් පිළිගැනීමට ලක්කර ගැනීමට අවශ්‍ය නිසා විවිධාකාර කටයුතු සිදුකරති. එහෙත් එයින් ඇතිවන්නේ සිත් තැවුලක් නම් අසහනයක් නම් තව කෙනෙකුගේ් සිත් රිදීමක් නම්, ඒ කරන කැපකිරීම් වලින් ඵලක් තිබේද? එබැවින් අප නිතරම තමාට කළ හැකි කටයුතු පමණක් භාරගැනීමට සිදු කිරීමට කටයුතු කළ යුතුය. තමාගේ් පමණ දැනගෙන කටයුතු කිරීම ඉතාම වැදගත් වේ.
විශේෂයෙන් විවාහ දිවියේ දී ස්වාමි භාර්යා දෙදෙනාම තමාගේ ජීවිතයේ වැඩි කාලයක් යොමුකළ යුත්තේ තමාගේ ගේ දොර හා දරුවන්ගේ කටයුතු සඳහාය. දෙදෙනාම කාර්ය බහුල නොවී අල්ප කටයුතු ඇතිව ජීවත් වන්නේ නම් එය තමාගේ නිදහස් හා විවේකයෙන් යුතුව දරුවන්ගේ හා විවාහ දිවියේ දියුණුව සඳහා කැපකිරීමට හේතු වනු ඇත.
සල්ලහුක වුත්ති - සැහැල්ලු පැවතුමෙන් යුක්ත වීම
සමාජයේ බොහෝ අය ජීවත් වන්නේ අන් අය අනුකරණය කරමිනි.අල්ලපු ගෙදරට අලුතින් යම් උපකරණයක් ගෙන ආ බව දැනගත් සැනින් තමා ද එවැනිම උපකරණයක් හෝ ඊට වඩා වටිනාකමකින් යුත් උපකරණයක් ගැනීමට උත්සාහ කරයි. එයින් සිදුවන්නේ තමාගේ කටයුතු අධික වීම හා බඩු බාහිරාදියෙන් ගේ දොර පුරවාගෙන නිකරුණේ ඒවා ගැන සිත සිතා කරදරයට පත්වීමයි. ආශාවන් පිටුපස හඹායන සමාජයත් සමඟ තරඟකාරීව ඉදිරියට යන බොහෝදෙනා අන් අයට ණය වීමෙන් එම ණය ගෙවා ගැනීමට බැරිවීමෙන් අපහසුතාවන්ට පත්වී පවුල් ජීවිත අවුල් තත්වයට පත් කර ගනී. මෙම සැහැල්ලු පැවැත්මෙන් තොරව ජීවත් වීමට පෙළඹී සිටීම නිසා තාමගේ ජීවිතය ට අනවශ්‍ය බඩු බාහිරාදිය ගොඩගසා ගැනීමෙන් සමාජයට තම පොහොසත් බව පෙන්වීමට උත්සාහ කිරීම නුවණැත්තන් විසින් පසසන කටයුත්තක් නොවේ. එය බොරු වටිනාකම පෙන්වීමට කරන අහංකාර කමකි. එතුළින් ඇතිවන්නේ අසහනය හා අනවශ්‍ය පීඩනය මෙන්ම අසතුට පමණි. එබැවින් සැහැල්ලුව තම අවශ්‍යතාවන් ඉටුකර ගනිමින් දිවි පැවැත්ම සාර්ථක විවාහ දිවියකට අතිශයින්ම හේතු වේ.
සන්තින්ද්‍රියෝ - සන්සිඳුණු ඉඳුරන් ඇති බව
සංවරකම යනු කවුරුත් අගය කරන ගුණාංගයකි. එම සංවරකම පිරිසක් ඉදිරියේ මෙන්ම නැති තැන ද පැවැතිය යුතුයි. එනම් එම සංවරකම හදවතින්ම ඇතිකර ගත යුතු බව මෙයින් අවධාරණය කරයි. සමාජයේ සමහර අය පිරිසක් ඉදිරියේ පමණක් සංවරකම පෙන්වීමට පුරුදුවී සිටින අතර පෞද්ගලික දිවියේ දී එවැනි සංවරකමක් නොදක්වා කටයුතු කරන අවස්ථා කොතෙකුත් ඇත. එය නියම සංවරකම නොවේ. සංවරකම බාහිරින් මෙන්ම අභ්‍යන්තරයෙන් තිබිය යුතුය. එය ධර්මයේ හඳුන්වා ඇත්තේ මෙසේය.
“කිං තේ ජටාහි දුම්මේධ
කිං තේ අජින සාටියා
අභ්‍යන්තරං තේ ගහනං
බාහිරං පරි මජ්ක්‍ධසි “

යමෙක් බාහිරින් ජටාවන් බැඳ, අඳුන් දිවිසම් දැරුවද අභ්‍යන්තර වශයෙන් කෙලෙස්වලින් ගහනව කටයුතු කරන්නේ නම්, එය නියම සංවරකමක් නොව සමාජයට පෙන්වීම සඳහා කරන ආත්ම වංචාවකි. සාමාන්‍ය ගෘහජීවිතයේ දී ඇස, කන, නාසය, දිව , ශරීරය යන ඉන්ද්‍රියන් පිනවීම සිදුකළ ද ඒවායෙහි ඇලී ගැලී සීමාව ඉක්මවා පිනවන්නේ නම්, එය පුද්ගලයාගේ විනාශයට හේතුවන බව සම්බුදු දහමේ විවිධ අවස්ථාවන්හි අවධාරණය කර ඇත.විශේෂයෙන්ම විවාහ දිවියේ දී ස්වාමියාගේ මෙන්ම බිරිඳගේද ඉන්ද්‍රිය සංවරය, සාර්ථක විවාහ දිවියට අතිශයින්ම වැදගත් වේ.
නිපකෝ - නුවණැති අයෙකු වීම
නිපක යන්නෙන් අදහස් කරන්නේ නුවණයි. විශේෂයෙන් ජීවිතයක් සාර්ථක කරගැනීම සඳහා දැනීම නුවණ අවබෝධය අත්‍යවශ්‍ය වේ. කෙනෙකුට උප්පත්තියෙන් ලැබෙන සහජ දැනුමක් ඇත. එය ඉගෙනීමෙන් හා සමාජ අත්දැකීම් තුළින් වර්ධනය කර ගත යුතුය. ගැටුම් ඇතිවීම සඳහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ ලෝභ, ද්වේෂ සහ මෝහ යන අකුසල් මුල්ය. ලෝභයෙන් පුද්ගලයා තෘෂ්ණාව කරා යොමුකරන අතර ද්වේෂයෙන් පුද්ගල සන්තානය කිළිටි කරනවා. මෙන්ම විවිධ ගැටුම් සඳහා මුල් වෙයි. මෝහය තුළින් පුද්ගලයාගේ දැනීමට හා අවබෝධයට බාධාකරන අතර නිවැරැදි දෙයක් තේරුම් ගැනීමේ හැකියාව නැති කරයි.
විවාහ දිවියේදි අඹු සැමි දෙදෙනාම සමසීල, සමසද්ධා හා සමපඤ්ඤා යන ගුණාංග වලින් යුක්ත විය යුතු බව අප 06 වන පරිච්ඡේදයේදී සිහිපත් කළෙමු. විශේෂයෙන් දෙදෙනාම අන්‍යෝන්‍ය අවබෝධය ඇතිව කටයුතු කිරීම ඉතාම වැදගත් වෙයි. පවුල් ජීවිතයක වටිනාම සම්පත වන දරුවන්ද නිසි මග යැවීමට දෙමාපියන්ගේ දැනුවත් භාවය අවබෝධය හා සමාජ දැක්ම අතිශයින් ප්‍රයෝජනවත් වෙයි. එසේ නැති වූ විට දරුවන්ද අයාලේ ගොස් විනාශ වීමට ඉඩ ඇත.ගේ දොර කටයුතු නිසි අයුරින් කළමනාකරණයකින් යුතුව පවත්වාගෙන යෑමට බිරිඳගේ දැනුවත් බව නුවණැතිබව,අතිශයින් වැදගත් වේ. තම කටයුතු කර්මාන්තයන් (ධනෝපායන මාර්ගයන්) නිසි අයුරින් කරගෙන යෑමට ස්වාමියාගේ දැනුවත්බව නුවණැති බව අවශ්‍ය වේ.
අප්පගබ්භෝ - තැන්පත් ගති පැවතුම් වලින් යුක්ත වීම
අනුන්ට හිරිහැරයක් නොවන අයුරින් තම කායික වාචසික හා මානසික කටයුතු පවත්වාගෙන යෑම අප්පගබ්භෝ යන ගුණයෙන් අර්ථවත් වේ. බොහෝ දෙනෙක් තමාගේ අරමුණු කෙසේ හෝ ඉටුකර ගැනීම සඳහා අන් අය විවිධ කරදර බාධක වලට පමුණුවති. වාචසික වශයෙන්ද විවිධ හිරිහැර වලට පමුණුවති. එය තැන්පත් ගති පැවැතුම් ඇති අයගේ ලක්ෂණයක් නොවේ. එවැනි අයගෙන් අසල්වැසියන්ට සමාජයට සිදුවන්නේ හානියකි. බාධාවකි.
විවාහ ජීවිතයේදී විශේෂයෙන්ම කාන්තාවන්ගේ සංවරකම සමාජය බලාපොරෙත්තු වෙයි. එබැවින් කාන්තාවන් කථාබහ කිරීමේදී ගමන් බිමන් වලදී මෙන්ම ගේ දොර දී ද තැන්පත් ගති පැවැතුම් වලින් යුක්තවීම අතිශයින් වැදගත් වෙයි.ස්වාමියා ඉදිරිපිට දීද තැන්පත් ගති පැවැතුම් වලින් යුක්තව කටයුතු කිරීම භාර්යාවගේ් හැදියාව කියා පාන්නකි. ස්වාමියා ද තැන්පත් ගති පැවැතුම් වලින් යුක්තව කටයුතු කිරීම තුළින් වාසනාවන්ත විවාහ දිවියක් ගත කිරීමට දෙදෙනාටම හැකියාව ලැබේ.
මතු සම්බන්ධයි

සීල විසුද්ධිය 3 කොටස

සීලය පිරිසුදු වීමට අවශ්‍ය ගුණධර්ම



බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය ඉගෙන ගන්න පුද්ගලයා ඒ අග්‍ර වූ සැප අත්කර ගන්නට භාග්‍යවන්තයෙක් වෙනවා. ඒ නිවන් මඟ ගැන ඒ භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දී තිබෙන ධර්මයන් ගැන හොඳ පැහැදීමක් තිබෙන්නට ඕන. ඒ වගේම නිවන් මෙ¼ග් අනුපිළිවෙල ගැන කියාදුන් ධර්මයන් ගැන අපට හොඳ වැටහීමක් තියෙන්නටත් ඕන. නිවන් මඟ හොඳින් තෝරාගෙන, පුරුදුකර ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් ධර්මය හොඳට ඉගෙන ගන්නට මේ කාලයේ අපට අවස්ථාව උදාවී තිබෙනවා.
යම් කෙනෙක් නිවන්මඟ ගැන හොඳින් ඉගෙන ගත්විට ඔහුට භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන්නට පුළුවන්කම තිබෙනවා. නිවන් මඟ ගැන හොඳින් දන්න පුද්ගලයා සතුටු සිතින් වාසය කරන කෙනෙක්. ඔහුට කණගාටුවක් ඇතිවන්නේ නැහැ. නිතරම නිර්භයභාවය ඇතිවෙනවා. නිර්භයභාවයෙන් යුක්ත කෙනා සතුටින් ඉන්නවා. සතුටින් ඉන්න පුද්ගලයා තුළ සැහැල්ලුව, සුව පහසුව තිබෙනවා. ඔහු ඒ මාර්ගය හොඳින් පුරුදු කර ගන්නවා. සුව පහසුවක් නැත්නම් ඔහුට ධර්මය පුරුදු කරන්නට බැහැ.
ඒ වගේම නිවන්මඟ නො දන්න පුද්ගලයාට කණගාටු නොවී ඉන්නටත් බැහැ. මඟ නො දන්න කෙනාට කණගාටුව, පසුතැවිල්ල, බය තමා ඇතිවන්නේ. හොඳින් නිවන් මඟ ගැන වැටහීමක් නැත්නම් ඒ වැටහීමක් නැති පුද්ගලයා නිවන් මඟ කියා මොනව හරි දෙයක් කරනවා. නමුත් සුව පහසුවක් නැති නිසා ඒ කරන හැම දෙයකින්ම පීඩාවක් තමා ඇති වන්නේ. සුව පහසුවක් නැහැ. හොඳින් නිවන්මග ගැන දන්න පුද්ගලයාට සතුට තිබෙනවා. සතුටෙන් ඉන්න කෙනා සුව පහසුවෙන් වාසය කරන්නේ. සුවපහසුවෙන් වාසය කරන විට සුව පහසුවෙන්ම තමා ඒ මාර්ගය පුරුදු කරන්නේ. එවිට ඔහු අපහසුවට පත්වෙන්නේ නැහැ. ඒ නිසා නිවන් මඟ ගැන හොඳට ඉගෙන ගන්න. හොඳට ඉගෙන ගත්විට භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරන කෙනෙකු බවට පත්වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරනවානම් ඔහුට පිරිනිවන්පාන්නට පුුළුවන්. පිරිනිවන් පාන්ට පුළුවන්නම් සියලු දුකෙන් නිදහස් වීමේ භාග්‍යය උදාවෙලා සියලු දුක් අවසන් වෙලා යනවා.
සියලු දුකින් නිදහස් වීමකින් තොරව ජරා මරණ කියන මූලික අර්බුදයට පිළියම් නැහැ. එහෙනම් අප ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට කටයුතු කරන්නට කැමැතිනම් ජරා මරණ කියන දුකෙන් නිදහස් වෙන්නට කැමැති වෙන්ට ඕන. ජරා මරණ දුකෙන් නිදහස් වෙන්නට කැමැති කෙනා ඒ නිවන් මඟ ගැන හොඳ වැටහීමක් ඇතිකර ගන්නටත් ඕන. එසේ නිවන් මඟ ගැන වැටහීමක් ඇති කරගත් පුද්ගලයා ඒ නිවන් මඟ ආරම්භයේ සිට පුරුදු කරනවා.
එසේනම් ඒ නිවන් මඟ පටන් ගන්නේ සීලය පිරිසුදු කර ගැනීමෙන්. ඒ සඳහා මහත් සේ වෑයම් කරන්නට ඕන. නිවන් මගේ ආරම්භය පිරිසුදු කර ගත් පුද්ගයාට යම් කලක ඒ නිවන් මඟ අවසන් කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ ධර්මයේ තිබෙන සුවිශේෂීත්වය තමා ඒ නිවන් මගේ ආරම්භයට පැමිණි තැනැත්තා ඒ මඟ අවසානය කරා යනවාම යි. එය මේ ධර්මයේ තිබෙන අතිශය සුවිශේෂි බවක්. යම් ප්‍රමාදයන් තිබෙන්නට පුළුවන්. ඒ ප්‍රමාදයක් උපරිම වශයෙන් තිබුණොත් භව හතක් දක්වා පමණයි. ඒ නිසා මේ ධර්මය තුළ තිබෙන මේ විශේෂ ස්වභාවය මේ විශේෂ ආරක්ෂාව අතිශයින්ම විශ්මිත වූ ආරක්ෂාවක් අපට තිබෙනවා. ඒ නිසා වෑයම් කරන්නට නිවන් මගේ ආරම්භයට හෝ එන්න. නිවන් මගේ ආරම්භයට පැමිණිම තමා අමාරු දේ. ඒ අමාරුම දේ කළ පුද්ගලයා ඒ නිවන් මඟ අවසන් කරනවා කියන දේ සිදු වෙනවා.
කුමක්ද ඒ ආරම්භය? ඒ සීලය පිරිසුදු කර ගැනීම යි. ඒක අතිශයින්ම අමාරුයි. ඉතාම අමාරුයි. ඒ සඳහා විශාල කැප කිරීමක් කරන්නට සිදු වෙනවා. විශාල කැප කිරීමක් නො කර සීලය පිරිසුදු කරන්නට බැහැ. විශාල වශයෙන් ගුණධර්ම හදා ගන්නට තිබෙනවා. ගුණ ධර්ම හදාගන්නේ නැතිව සීලය පිරිසුදු කරන්නට බැහැ. ගුණධර්ම හදා ගැනීමෙන්ම යි ගුණ ධර්ම පුරුදුකර ගැනීමෙන්ම යි ගුණ ධර්ම පරිපූර්ණ කර ගැනීමෙන්ම යි සීලය පිරිසුදු වෙන්නේ. ඒ නිසා ඒ නිවන් මගේ ආරම්භය වන සීලය පිරිසුදු කර ගැනීම කියන ඒ අතිශයින් අමාරු කටයුත්ත කරන්නට අප කවුරුත් කැමැති වෙන්නට ඕන. ඒ සඳහා අප විසින් පුරුදුකර ගතයුතු ගුණ ධර්මයන් අප විසින් ඉගෙන ගන්නට ඕන. ඒ ගුණ ධර්ම ඉගෙන ගෙන ඒවා මහත් වූ පැහැදීමෙන් ගෞරවයෙන් ආසාවෙන් පුරුදු කර ගන්නට කවුරුත් කැමැති වෙන්න ඕන. ඒ ගුණ ධර්ම ටික ටික අපේ ජීවිතේට පුරුදු කර ගත්තොත් අප තුළ සීලය දියුණු වෙනවා. සීලය පිරිසුදු දෙයක් බවට පත්වෙනවා. සීලය පරිපූර්ණ බවට පත්වෙනවා.
සීලය පරිපූර්ණ වෙනවා කියන්නේ පිරිහෙන්නේ නැති දෙයක් බවට පත්වීමයි. නැවත වතාවක් සිල් බිෙඳන්නේ නැති ස්වභාවයට දුස්සීල බවට පත් නො වන ස්වභාවයට පත් වීමයි. එවිට සීලය පිරිසුදු වෙලා ඉවරයි. නැවත වතාවක් ඔහු දුස්සීල් භාවයට පත් වෙන්නේ නැහැ. එය සිදුවෙන්නේ නැහැ. සිද්ධ කරන්නත් බැහැ. දුස්සීලභාවය නිරුද්ධ වෙලා ඉවරයි. ඒකයි සීල විසුද්ධිය කියා කියන්නේ. එවිට ඒ සීල විසුද්ධියට පැමිණීම පිණිස අප විසින් පුරුදුකර ගතයුතු බොහෝ ගුණධර්ම තිබෙනවා. ඒ ගුණධර්ම සියල්ලම පුරුදුකර ගන්නේ නැතුව සීලය පිරිසුදු කරන්නට බැහැ. ඒ ගුණධර්ම ගැන ඉගෙනගෙන ඒ ගුණධර්ම ජීවිතයට පුරුදුකර ගන්නට කවුරුත් කැමැති වෙන්නට ඕන.
ඒ සීලය පිරිසුදුකර ගැනීම පිණිස වුවමනා කරන ඒ ගුණධර්ම පුරුදුකර ගැනීමට වුවමනා කරන සුදුසුම පරිසරය ගොඩනැගෙන්නේ කල්‍යාණ මිත්‍ර ඇසුරේ පිරිසක් සමඟ එකට වාසය කිරීමෙන්. යම් කෙනෙක් සීලය පිරිසුදු කර ගන්නට කැමැති නම්, ඒ සඳහා වුවමනා කරන ගුණධර්ම ගැන ඉගෙන ගෙන පුරුදු කරන්නට ඕන. ඒ ගුණධර්ම ගැන ඉගෙනගෙන පුරුදුකර ගන්ට කැමැති තැනැත්තා විසින් කළ යුතු දේ තමා කල්‍යාණ මිත්‍ර ඇසුරේ පිරිසක් සමඟ වාසය කරන්නට කැමැතිවීම. හැබැයි මේ දේ අමාරු යි. අමාරුයි කියා කියන්නේ කැප කිරීමකින් කළ යුතු දේකට. කැප කරන්නට වීර්යයක් ඕන. කැප කිරීමක් කරන්නට බැරි කෙනාට විර්යයක් නැති කෙනාට ඒ කල්‍යාණ මිත්‍ර ඇසුරේ පිරිසක් සමඟ වාසය කිරීම අමාරු දෙයක් විදිහට තමා පෙනෙන්නේ. නමුත් කැප කිරීමක් කරන්නට පුළුවන් පුද්ගලයාට වීර්යයක් තිබෙන පුද්ගලයාට කල්‍යාණ මිත්‍ර ඇසුරේ පිරිසක් සමඟ වාසය කිරීම අතිශ්‍යයින් මිහිරි අත්දැකීමක්. සසර පුරාවට ලබන මිහිරිම අත්දැකීම බවට එය පත්වෙනවා.
ඒ විදිහට කල්‍යාණ මිත්‍ර ඇසුරේ පිරිසක් සමඟ වාසය කිරීමෙන් ඔහුගේ ජීවිතේ යහපත් ව දියුණුවෙන්ට උපකාරවෙන ගුණධර්ම ගැන ඉගෙනගෙන ඒවා පුරුදු කරගන්නට ඔහුට පුළුවන්කම ලැබෙනවා. කාය දුෂ්චරිතය බැහැර වී, කාය සුචරිතය පුරුදු කරගන්නට, වචී දුෂ්චරිතය බැහැර වී, වචී සුචරිතය පුරුදු කරන්නට, මනෝ දුෂ්චරිතය බැහැර වී, මනෝ සුචරිතය පුරුදු කරන්නට. එවිට ඔහුගේ සීලය පිරිසුදු කරගන්නට පරිපූර්ණ කර ගන්නට පුළුවන්.
එනිසා ඒ දුර්ලභ වූ වාසනාව අත්කර ගන්නට කැමැති අය විදිහට කල්‍යාණ මිත්‍ර ඇසුරේ පිරිසක් සමඟ වාසය කරන්නට සියලුදෙනාම කැමැති වෙන්න. එසේ කැමැති වීමෙන්ම ඔබලාට ඒ උතුම් ගුණධර්ම පුරුදු කරගෙන ඒ භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරුකරන වාසනාවන්තයෝ වීමට පුළුවන්කම තිබෙනවා.


සතුන් වත්තේ 'ඇන්ටිලොප්ට' කුර රෝගය වැලඳෙන අවදානමක් 
දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටින ඇන්ටිලොප්ගේ කුර කැපීමට උද්‍යානයේ බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීම හේතුවෙන් කුර තුළට මඩ එකතු වී කුර ලෙඩ ඇති වීමේ අවදානමක් තිබෙන බව වාර්තා වේ. සැලකිය යුතු ප්‍රමාණයක් කුර දිගට වැවී ඇති බව සත්ත්ව උද්‍යාන ආරංචි මාර්ග පවසයි.

සත්ත්ව උද්‍යානයේ සත්ත්ව පාලකයන් 8 දෙනකු පමණ සේවය කරන නමුත් කිසිවකු මෙතෙක් උද්‍යානයේ පශුවෛද්‍යවරුන් මේ පිළිබඳ දැනුම්වත් කර නොමැති බවද වාර්තා වේ.

ඇතැම් ඉහළ බලධාරීන්ගේ නොසැලකිල්ල සහ රාජකාරිය පැහැර හැරීම හේතුවෙන් සතුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව ඔවුහු පවසති.


E. T. F. සල්ලි ආයෝජනය කරලා දෙකෝටියකට වැඩි පොලිය ලැබී නෑ
 සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය සමාගම් දෙකක ආයෝජනය කළ ආයෝජන වෙනුවෙන් ලැබිය යුතු රුපියල් දෙකෝටි පනස් අටලක්ෂ හැටපන්දහස් හයසිය විසිනවයක් (2,58,65,629) පොලී මුදල් ලැබී නැත.

විගණකාධිපතිවරයා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලයේ 2012 ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විගණන වාර්තාවේ එම විස්තරයද සඳහන් කර ඇත.

සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය සීමාසහිත ඇල්කඩුව වැවිලි සහ වණික් ඉන්කෝපරේෂන් යන සමාගම් දෙකේ ආයෝජන කර ඇති ආයෝජන වෙනුවෙන් ලැබිය යුතු පිළිවෙළින් රුපියල් එක්කෝටි දෙලක්ෂ අනූඑක්දහස් පන්සිය පනස්හයක් (1,02,91,556) ද, එක්කෝටි පනස්පන්ලක්ෂ හැත්තෑ හතරදහස් හැත්තෑතුනක්ද (1,55,74,073) යන පොලී මෙසේ ලැබී නැත.

මෙම ගනුදෙනුව සිදුවූ සමයේ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලයේ සිටි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ නාම ලේඛනය ඇතුළත් කරමින් ගනුදෙනුව පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කර තිබේ.


හිටපු සභාපති හොරෙන් බියර් විකුණා අහුවෙලා 
මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ හිටපු (එ. ජා. ප.) සභාපතිවරයකු නීති විරෝධී ලෙස බියර් විකිණීමේ වරදකට සැකපිට මැදිරිගිරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මැදිරිගිරිය අඹගස්වැව ප්‍රදේශයේ කලක පටන් මෙම පුද්ගලයා මෙලෙස අවසර පත්‍රයකින් තොරව බියර් විකුණන බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව උපායදූතයකු මාර්ගයෙන් මෙම වැටලීම සිදුකර තිබිණි. එහිදී බියර් කෑන් එකොළහක් සමඟ බියර් කෑන් අලෙවිකරන අවස්ථාවේදීම මොහු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා පොලිස් ඇප මත නිදහස් කර ඇති අතර 29 වැනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රදීප් විජේසේකර මහතාගේ උපදෙස් පරිදි පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති එච්. එම්. එස්. හේරත්, පො. කො. සමීර (66983) යන නිලධාරීහු මෙම වැටලීම සිදු කර තිබිණි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය