Powered by Blogger.


බාල වයස්‌කාර දැරියක නීත්‍යානුකූලභාරකාරත්වයෙන් අපහරණය කර ඇය දුෂණය කළ බැව් කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් හිනිදුම පොලිසිය පුළුල් පරීක්‌ෂණ ආරම්භ කර තිබේ.

හිනිදුම පොලිස්‌ වසමේ පදිංචි පහළොස්‌ හැවිරිදි බාල වයස්‌කාර දැරිය උඩුගම රෝහලේ දී බිලිඳෙකු ප්‍රසුත කර ඇති අතර උඩුගම රෝහල් වෛද්‍ය අධිකාරිවරයා පොලිසියට කරනු ලැබූ දැනුම් දීමකින් පසුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

2013 පෙබරවාරි 02 දා එවකට දාහතර හැවිරිදි වියේ පසු වූ මෙම බාල වයස්‌කාර දැරිය එක්‌තරා පුද්ගලයකු විසින් රැගෙන ගොස්‌ යක්‌කලමුල්ල ප්‍රදේශයේ නිවසක රඳවාගෙන සිට ඇත.

පසුව මෙම බාල වයස්‌කාර දැරිය දරුවකු ප්‍රසූත කිරීමට රෝහල්ගත වූ අවස්‌ථාවේ මෙම තොරතුරු හෙළිව ඇති අතර සිද්ධියෙන් පසුව සැකකාර තරුණයා ප්‍රදේශය අතහැර ගොස්‌ සිටින බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් හිනිදුම පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය