Powered by Blogger.

රට හෙල්ලූ ඝාතන අධිකරණ වෛද්‍ය විද්‍යා ඇසින්
මහාචාර්ය ආනන්ද සමරසේකර

මීට වසර තිහකට පමණ පෙර මුළු රටම කැළඹූ නඩුවක් ලෙස මැතිව් පීරිස් නඩුව හැඳින්විය හැකිය. මෙම නඩුවේ චූදිතයන් වූයේ මැතිව් ජෝර්ජ් ෆෙඩ්රික් පීරිස් හෙවත් ඇන්ග්ලිකන් නිකායට අයත් මැතිව් පීරිස් දේවගැතිවරයා සහ ඩැල්රින් මිනිසන්ට් ඉන්ග්‍රම් යන දෙදෙනාය.
ඔවුන්ට විරුද්ධව ගොනුකර තිබුණු චෝදනා වූයේ 1977 ජූලි 07 - 1978 අගෝස්තු 11 අතර කාලය තුළ ඩැල්රින් ඉන්ග්‍රම්ගේ සැමියා වූ රසල් ඉන්ග්‍රම් සහ 1977 ජූලි 07 - 1979 මාර්තු 20 අතර කාලය තුළ මැතිව් පීරිස් දේවගැතිවරයාගේ බිරිඳ වූ ඉයුනිස් ෆිලිෂියා ලොයිස් පීරිස්ගේ මරණයන් සිදුකිරීමට සැලසුම් කිරීම, මරණයන් සිදුකිරීමට ආධාර අනුබල දීම හා මරණ සිදුකිරීමය.
රසල් ඉන්ග්‍රම් මරණයට පත්වූයේ 1978 අගෝස්තු 10 වැනිදාය. ෆිලිෂියා පීරිස් මරණයට පත්වූයේ 1979 මාර්තු 19 වැනිදාය.
දණ්ඩ නීති සංග්‍රහයේ අංක 102 හා 296 සඳහන් වැරදි සිදුකිරීම යටතේ 1980 මාර්තු 19 වැනි දින නීතිපතිවරයා විසින් නඩුව ගොනුකර තිබිණි. කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් ඉදිරියේ මෙම නඩුව විභාග විය. ත්‍රිපුද්ගල විනිශ්චය සභාවේ සභාපතිත්වය දරනු ලැබුවේ මහාධිකරණ විනිසුරු තිස්ස බණ්ඩාරනායක වන අතර පී. රාමනාදන්, ඩී.සී. ඩබ්ලිව්. වික්‍රමසේකර යන විනිසුරුවරයන් දෙදෙනා සෙසු සාමාජිකයෝ වූහ.
මැතිව් පීරිස් නඩුව ආරම්භ වූයේ 1983 මාර්තු 14 වැනිදාය. 1983 දෙසැම්බර් 06 වැනිදා නඩුව අවසාන විය. මාස 9ක් පුරා විභාග වූ මෙම නඩුවේ නඩු වාර 165ක් පවත්වා ඇත. පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තිලක් මාරපන, රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සී.ආර්. ද සිල්වා සහ රජයේ අධිනීතිඥ ගාමිණී අමරතුංග යන අය පෙනී සිටියහ.
විත්ති පාර්ශ්වයේ මැතිව් පීරිස් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ආර්. අයි. ඔබේසේකර සහ ඔහුගේ සහයට අනිල් ඔබේසේකර, කේ.වයි. පෙරේරා, ජයන්ත වීරසිංහ, උපාලි සේනාරත්න සහ මානෙල් ගුණතිලක යන නීතිඥවරු ඉදිරිපත් වූහ. ඩැල්රින් ඉන්ග්‍රම් වෙනුවෙන් පෙනී සිටියේ සිසිල් ගුණවර්ධන, පානි ඉලංගකෝන්, ආනන්ද මලගොඩ, චම්පානි රත්නසේකර සහ විජිත් ද අල්විස් යන නීතිඥවරුන් පිරිසයි.
මෙම නඩුවට පැමිණිලි පාර්ශ්වයෙන් සාක්ෂිකරුවන් 149 දෙනකු නම් කර තිබූ නමුත් සාක්ෂි දී තිබෙන්නේ 68 දෙනකු පමණි. විත්තිය වෙනුවෙන් සාක්ෂිකරුවන් තිදෙනකු කැඳවා තිබිණි. මැතිව් පීරිස් නඩුවේ අධිකරණ තීන්දුව 1984 පෙබරවාරි 15 වැනි දින ලබා දුන් අතර නඩු තීන්දුව පිටු 612කින් යුක්ත වේ. එකී අධිකරණ තීන්දුවට අනුව දෙදෙනාම වරදකරුවන් කර මරණීය දණ්ඩනය ලබාදී තිබේ.
එහෙත් ලංකාවේ විධායක ජනාධිපතිවරයාට ඇති බලතල අනුව 1985 ජුනි 28 වැනි දින මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් වශයෙන් ලබාදී ඇත. ඒ අනුව මරණ දඬුවම හිමිවූ සිරකරුවන් රඳවා සිටින සුවිශේෂී                 මැදිරියෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබන අය රඳවා ඇති සිරමැදිරිවලට ඔවුන්ව මාරු කර තිබේ. මේ අතරවාරයේදී මැතිව් පීරිස් හා ඩැල්රින් ඉන්ග්‍රම් යන දෙදෙනා වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කෙරිණි. එහෙත් අභියාචනාධිකරණය මහාධිකරණ තීන්දුව සනාථ කළ අතර අභියාචනාධිකරණයෙන් ලබා දුන් තීන්දුව පිටු 101කින් යුක්ත විය.
මැතිව් පීරිස් දේවගැතිවරයා සිරගතව සිටි කාලයේදී වෙන් වූ කුටියක් සහ ඇඳක් ලබා දී ඇති බව වාර්තා වේ. මේ කාලයේදී මැතිව් පීරිස් ට්චභබඩචථච ඕභඤඤඩච ඒදඤ ඊඩඥ ඛිපඥචබධප ට්ධඤ නමැති ග්‍රන්ථයේ අත්පිටපත ලියා ඇත. රිමාන්ඩ් සිරකරුවකු ලෙස වසර 2කුත් වරදකරුවකු ලෙස සිරගතවී වසර 13කුත් ගත කළ මැතිව් පීරිස් දේවගැතිවරයා 1997 ඔක්තෝබර් 25 වැනි දින නිදහස ලැබිය.
මැතිව් පීරිස් දේවගැතිවරයා මේ වන විට ජීවිතයෙන් සමුගෙන ඇත.
මැතිව් පීරිස් නිදහස ලැබිමෙන් පසුව ලබාදී තිබූ පුවත්පත් සාකච්ඡාවල ඔහු සිය බිරිඳ සහ රසල් ඉන්ග්‍රම් මරණයට පත්නොකළ බවට සිදුකළ ප්‍රකාශයන් සඳහන් වී තිබුණි. එහෙත් පැමිණිල්‍ලේ සාක්ෂි අනුව එය ඔහු සිදුකළ බවට තහවුරු වී ඇත. මෙම සාක්ෂිවලදී වඩාත් වැදගත් වූයේ දෙදෙනාටම ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ සාක්ෂීන්ය.
වෛද්‍යවරුන්ගේ සාක්ෂිවලට අනුව රසල් ඉන්ග්‍රම් සහ ෆිලිෂියා පීරිස් යන දෙදෙනාම රුධිරයේ සීනි සාන්ද්‍රණය අඩුවීමේ තත්ත්වයකින් වරින් වර රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදී ඇති බව හෙළි විය.
රසල් ඉන්ග්‍රම් සහ ෆිලිෂියා පීරිස් යන දෙදෙනාගේම මරණයට හේතුව එක සමානත්වයක් ගෙන තිබේ. එනම් රුධිරයේ සීනි සාන්ද්‍රණය අඩුවීමේ තත්ත්වය නිසා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කළ නොහැකි ආකාරයට මොළයට හානිවීම හේතුකොට ගෙන දීර්ඝකාලීන සිහි මුර්ඡාවට පත්වීමෙන් ඇතිවන අතුරු ප්‍රතිඵලයක් ලෙස නිව්මෝනියාව වැළඳීමෙන් මියයෑමය.
මෙහිදී රුධිරයේ සීනි අවසාන්ද්‍රණය වීම සිදුවූ ආකාරය කෙරෙහි වෛද්‍යවරුන්ගේ තියුණු අවධානය යොමුවිය. රුධිරයේ සීනි අවසාන්ද්‍රණය වීම හේතු 2ක් නිසා ඇතිවේ. පළමුවැනි හේතුව වන්නේ ස්වභාවික රෝගී තත්ත්වයක් නිසා රුධිරයේ සීනි මට්ටම අවසාන්ද්‍රණය වීමය. දෙවැනි හේතුව වන්නේ ඇති කරන ලද හේතුවක් නිසා රුධිරයේ සීනි අවසාන්ද්‍රණය වීමය.
පුද්ගලයන්ගේ රුධිරයේ සීනි සාන්ද්‍රණය පාලනය වන්නේ ඉන්සියුලින් හෝමෝනයෙනි. එය නිපදවනු ලබන්නේ අග්න්‍යාශය නමැති ඉන්ද්‍රියෙනි. අග්න්‍යාශයේ ඇතිවන රෝගී තත්ත්වයක් නිසා ඉන්සියුලින් වැඩිපුර නිපදවුවහොත් රුධිරයේ සීනි මට්ටම පහත බසිනු ඇත. අග්න්‍යාශයේ ඇති ඪඵතඥබ ජඥතතබභථධප යන කොටසෙහි රෝගී තත්ත්වයක් ඇතිවීම නිසා ඉන්සියුලින් වැඩිපුර නිපදවීම සිදුවේ. එවිට රුධිරයේ සීනි මට්ටම අවසාන්ද්‍රණය වේ. ඒ හැර ඇති කරන ලද හේතුවක් නිසා රුධිරයේ සීනි මට්ටම අවසාන්ද්‍රණය වන්නේ නම් එකී හේතුව සොයා ගත යුතුය. එකී හේතුව රෝගියා විසින්ම යම් දෙයක් සිදුකරගැනීම, කාලයක් භාවිත කළ ඖෂධ මගින් සීනි අවසාන්ද්‍රණය වීම සහ වෙනත් කෙනකු විසින් සිදුකිරීම නිසා අවසාන්ද්‍රණය වීම විය හැකිය.
මේ අනුව රසල් ඉන්ග්‍රම්ගේත් ෆිලිෂියා පීරිස්ගේත් රුධිරයේ සීනි මට්ටම පහතට බැසීම හෙවත් අවසාන්ද්‍රණය සිදුවූයේ මොන ආකාරයටදැයි වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කිරීම මෙම නඩුවේදී තීරණාත්මක සාධකයක් විය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය