Powered by Blogger.

අහසින් වැටුණු බවට සැකකෙරෙන කිරිඉබ්බෙකු අනුරාධපුර නගරයේ පිහිටි තුන්වන පියවර ප්‍රදේශයේ නිවසක හිමිකරුවකුට හමුවීමේ පුවතක් බදාදා(23) උදෑසන වාර්තා විය. අංක 2347 අනුරාධපුර තුන්වන පියවරේ පිහිටි නිවසට රාත්‍රියේ 10ත් 10.30ත් අතර කාලයේදී මෙම ඉබ්බා අහසින් වැටුණු බව එම නිවසේ හිමිකාරියවන පී.ජී කුසුමාවතී (54) මහත්මිය පැවසුවාය.
රාත්‍රියේ 10.30ට පමණ නිවසේ මිදුලට යමක් වැටෙන හඬක් ඇසුණා. ඒ වෙලාවේ වර්ෂාව තිබුනෙත් නැහැ. ඒ නිසා මාත් සැමියාත් දරුවනුත් නිවසෙන් පිටතට පැමිණ විදුලි බුබුළු දල්වා වත්තට වැටුනේ කුමක්දැයි හොදින් විපරම් කර බැලුවා. නමුත් කිසිම දෙයක් සොයා ගැනීමට නොහැකි වුණා. වත්තේ හැමතැනම පරික්ෂා කරලා නිවසේ ගේට්ටුව අසලට ගොස් නැවතත් නිවසට පැමිණෙද්දි විදුලි ආලෝකයෙන් දැක්කා ඉබ්බෙක් වත්තේ සිටින අයුරු. ඉබ්බා අල්ලාගෙන පරික්ෂා කර බලද්දි උගේ කටුවට සුළු හානියක් සිදුව තිබෙන අයුරුද දැකගැනීමට හැකිවුණා.
මිදුල පරික්ෂා කරද්දි ඉබ්බා උඩක සිට වැටුණු බවට පොළොවේ සලකුණුද දකින්නට ලැබුණා. කිසියම් කෙනෙකු මෙම ඉබ්බා වත්තට වීසි කළායැයි හිතන්න අමාරුයි. එහෙම කෙනෙකුට කිලෝ 3-4 ක් විතර බර ඉබ්බාව වත්තට දාන්නත් අමාරුයි. මම හිතන්නේ මේ ඉබ්බා අහසින් පැමිණ වැටෙන්නට ඇති බවයි. කුසුමාවති මහත්මියගේ නිවසට අහසින් ඉබ්බෙකු වැටුණු බව දැනගැනීමත් සමග ඉබ්බා දැකබලා ගැනීමට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එම නිවසට පැමිණි අතර ඔවුන් පැවසුවේ ඉගිලෙන විශාල පක්ෂියෙකු විසින් මෙම ඉබ්බා ඩැහැගෙන යද්දි පොළොවට වැටෙන්නට ඇති බවයි’ කුසුමාවතී මහත්මිය කීවාය.
Kiri-Ebba2ටොනාඩෝවකට හසුවී ගසාගෙන විත් කුසුමාවති මහත්මියගේ නිවස පිහිටි මිදුලට වැටෙන්නට ඇති බවටද අනුමාන කෙරේ. අහසින් වැටුණු බවට සැක කෙරෙන කිරි ඉබ්බා දිගින් අඩි එකහාමාරක් පමණ වන අතර ඌ හොද සෞඛ්‍ය තත්වයෙන් සිටින අයුරුද අපට දැකගත හැකිවිය.

Kiri-Ebba3

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය