Powered by Blogger.



ස්‌වභාව ධර්මයා විසින් ලොවට දායාද කල හෝ දෙවියන් වහන්සේ විසින් මවන ලද සියලුම පැළෑටි සත්ත්වයාගේ ප්‍රයෝජනය සඳහා උපකාරීවේ.

සෙම් රෝගයට විශේෂ ගුණයක්‌ දෙන පැළෑටියක්‌ වූ කටුවැල්බටු ශාකය අගනා ඔසුවකි. ඊට අමතරව විශේෂ විවිධ රෝගවලට මෙම ශාකය උපයෝගී කරගනී.

උද්භිද විද්‍යානාමය ලෙස Sol anum Virginianuml. Solanum Surattense Burm Helvetica, Solanum xantho Carpum Schrad wend!ආදියෙන් සහ කුලය ලෙස Solanuceae හෙවත් කණඨකාරි කුලයට අයත් වේ.

පොදු සිංහලනාමය කටුවැල්බටු සංස්‌කෘත බසින්, කණඨකාරි කණඨකාලිකා ක්‍ෂුද්‍රපලා චිත්‍රපලා දෘෂ්පර්ශා කාසස්‌නි සංහි ආදී වශයෙන් විවිධ නම් විවිධ භාෂාවන්ගෙන් හඳුන්වයි.

මෙය ආයුර්වේද ඔසුවක්‌ ලෙස විශේෂ තැනක්‌ ලැබේ. අරිෂ්ඨ අරිෂ්ඨ ආසච ක්‌චාථ සෘත ආදී සෑම සංස්‌කරණයකම කටුවැල්බටු ශාකය උපයෝගිකරගනී.

ශරීරයේ අභ්‍යන්තර හා බාහිර ලෙස විවිධ ආබාධවලට කටුවැල්බටු ශාකය යොදා වේදනාස්‌ථාපන, උත්තේජක ගුණයෙන් යුක්‌තය. වේදනා සහිත අවයවල ලේප වශයෙන් යෙදිය හැක. බාහිර වශයෙන් මෙසේ යෙදිය හැකි වන අතර අභ්‍යන්තර ලෙස රුධිර සංසරණ ව්‍යqහයදී හෘද උත්තේජන රක්‌ත යෝධන (ලෙස පිරිසිදු කිරීම ශෝථහර (ඉදිමුම් නසන) ගුණයෙන් යුක්‌තය. මේ නිසා හෘද දුර්වලතා (ඉදිමුව නසන) ගුණයෙන් යුක්‌තය. මෙම ඔසුවෙහි මුල්, ගෙඩි, මල්, කොළ ආදියෙහි ඔසු ගුණ විවිධය. මෙය වර්ග දෙකකින් යුක්‌ත එය හීන් සහ මහ යනුවෙනි. එමෙන් සුදු මල හා නිල් මල ඇති වර්ග ලෙස කොටස්‌ දෙකකි.

ඖෂධීය ගුණය ලෙස ගත හොත් කටුක හා තිත්ත වන අතර වීර්යයෙන් යුක්‌ත උෂ්ණය පැලෑටිය කටුකයි. තිත්තයි. තීක්‍ෂණ හා විරේඡන ගුණ බලකාරකය. මුත්‍රකාරකය මෙහි උෂ්ණාධිකය නිසා සෙම් වාත ගුණකාරකය.

වේදනා ශාක උත්තේජනයෙන් යුක්‌තය. කැස්‌ස ස්‌වසන ආබාධ, කුසගිනි ඇතිකරවන උදර වේදනා අරුචිය කෘමි රෝග වලට උපකාරිවේ. මෙහි ඇට ගර්භාෂය සංකෝචන හා වාජීකරණය. එනිසා සුදුසු පරිදි යොදාගත හැකිය. ලිංග දුර්වල අයට කටුවැල්බටු ඇට ඉතා සියුම්ව අඹරා ආලේප කිරීම ගුණදායකය. එසේම උඳුවා කෑමට අබරාගත් ඇට දෙහි යුෂයෙන් ආලේපය ගුණය. තනිකරම ගත්තත් ගුණදායක බැව් පොත පතෙහි සඳහන් වේ. කාන්තාවන්ගේ යෝනි රෝගවලට සුදුසු බැව් සඳහන් වුවත් උගත් හෙළ ඔසු වෙදැදුරකුගේ උපදෙස්‌ මත කළ යුතු බැව් සඳහන් කරයි.

කැස්‌සට පංචාංගය කරියට මුංඇට යොදා සිඳුවා ඊට නෙල්ලි යුෂ හා කහ යොදා පානය ඉතා ගුණය. ඇඳුමට කටුවැල්බටු අඹරා ගත් කල්කයට නෙල්ලි ගෙඩියක ප්‍රමාණයට ඉන් ඇති පමණකින් පෙරුම්කායම් මීපැණියෙන් අඹරා දින 3 ක්‌ ලේහ කිරීමෙන් ප්‍රබල ශ්වාසය සුව කරයි.

මුත්‍රාගත රෝගයන්ට කොල යුෂ මීපැණි සමග පානය මුත්‍රා ගල් විනාශයට සුදුසුය. මෙම ගෙඩිවල තෛලාම්බලය ඉට සහ සොලනින් (Solanin) අම්ලය පොටෑසියම්, නයිටේ්‍රට්‌ අන්තර්ගත කටුවැල්බටු ශාකය විවිධ ඖෂධීය ගුණයෙන් යුක්‌තය. කටුකය. තිත්තය පාචන හා විරේකන යුක්‌ත බලකාරකය. මේ නිසා මෙම ශාකය මිශ්‍රණයෙන් සකස්‌ කළ ඖෂධ වර්ග විශාලය. ඉන් සමහරක්‌ නම් කණ්‌ඨකාරික්‌චථය නිදග්ධිකාරික්‌වාථය කණඨකාරිපැණිය, කණඨකාර්යාව ලේහය ව්‍යාඝ්‍රහරිතක්‌ දශමූලාරිෂ්ඨය දශමූල ක්‌වාථය.

මෙම ශාකය ආඩතෝඩා (පාවට්‌ටා) සමග තම්බා බීම කැස්‌සට ගුණදායක බැව් අත්දැකීමෙන් කිව හැක.

දත් කැක්‌කුමට කටුවැල්බටු ඇට කබලෙන් බැඳ කුඩුකර පොල්කටු අඟුරු මත හෙලා දුම් ඇල්ලීම ගුණදායකය. අමු කටුවැල්බටු අඹරා ගෑමෙන් උඳුගොව්වා කෑමෙන් වන හානිය වලකා ගත හැකිය.

එසේම මුත්‍රා දොaස මුත්‍රා පෙරීම අඩු නම් කටුවැල්බටු තම්බා බීම ඉතා ගුණදායකය.

ආයුර්වේද වෛද්‍ය උපදෙස්‌ සහ පොත පත ඇසුරිනි.

සකස්‌ කළේ

කො. ආ. ගුණසේකර

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය