Powered by Blogger.

පාකිස්තාන ක්‍රිකට් පිලේ මැදපෙළ පිතිකරු උමාර් අක්මාල් පසුගියදා විවාහ දිවියට ඇතුළත් වූ අතර ඔහුගේ විවාහ උත්සවය එරට නීතියට පටහැනිව සිදුවූ බවට චෝදනා කරමින් කරාච්චි පොලීසිය උත්සවය වටලනු ලැබීය.
එහෙත් ඒ වනවිට අක්මාල් ඇතුළු පිරිස එම ස්ථානයෙන් ඉවත්ව ගොස් සිටි අතර ඉතිරිව සිටි පුද්ගලයන් සිවුදෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව ලාහෝර් පොලිසිය ප්‍රකාශ කළේය.
පාකිස්තාන විවාහ උත්සව නීතිය අනුව සෑම විවාහ උත්සවයක්ම රාත්‍රී 10.00ට නිමාවිය යුතු වන අතර අමුත්තන් සඳහා සංග්‍රහ කළ යුතු වන්නේ එක් ආහාර වර්ගයක් පමණි. අක්මාල්ගේ විවාහ උත්සවය එම නීතිය උල්ලංඝනය කළ බවට කරාච්චි නුවර පොලීසිය චෝදනා කරයි.
උමාර් අක්මාල්ගේ අත ගත්තේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක අබ්දුල් කදීර්ගේ දියණිය වන නූර් ආමිනාය. පවුලේ හිතවතුන්ට පමණක් සීමා වූ මේ විවාහ උත්සවයට පාකිස්තාන ක්‍රිකට් ප්‍රධානී නජාම් සෙති, එක්දින ක්‍රිකට් පිලේ නායක මිස්බා උල් හක්, හිටපු ක්‍රීඩකයන් වන ඉන්සමාම්උල් හක්, අබ්දුල් කාසිම්, ස‍ෆ්රාස් නවාස්, මුස්තාක් අහමඩ් සමග තවත් හිටපු ක්‍රීඩකයන් පිරිසක් සහභාගි වූහ.
පාකිස්තාන මාර්ග නීති උල්ලංඝනය කිරීමේ වරදට පසුගිය මාසයේ දී ද උමාර් අක්මාල් පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔහු එරට ජාතික වීරයකු බැවින් එවර ඔහු නිදහස් කිරීමට පොලිසිය කටයුතු කළේය.
.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය