Powered by Blogger.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ට තරඟ ගාස්තුවෙන් සියයට 20 ක දඩයක් නියම කිරීමට අන්තර්ජාතික

ක‍්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ, ඊයේ නවසීලන්ත කණ්ඩායම සමග පැවති තරඟයේදී ඔහු දැවී ගිය බවට විනිසුරුවරයා

විසින් ලබාදුන් තීරණයට නොසතුට පළකරමින් හැසිරීම හේතුවෙන්

පැන්ෂන් ගිය පොලිස් ලොක්කා කොටි දෙකක ටෙන්ඩර් අත්සන් කරලා

වයස අවුරුදු 60සම්පූර්ණ වීම හේතුවෙන් විශ‍්‍රාම ගිය නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පොලිස් ගොඩනැගිලි අංශයේ රුපියල් කෝටි දෙකහාමාරක ටෙන්ඩර්පත් වලට අත්සන් තබා ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කළේය.
ඉකුත් 19වෙනිදා විශ‍්‍රාමගිය එම නිලධාරියා කොන්ත‍්‍රාත් සේවා දිගුවක් අපේක්‍ෂාවෙන් විශ‍්‍රාම ගන්නා විට පොලිස් මූලස්ථානය විසින් ලබාදෙන පොලිස් ආචාරද පිළිගත්තේ නැත.
විශ‍්‍රාම දිනයෙන් පසු සේවා දිගුවක්ද නොමැතිව එම නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයට නිල ඇඳුමෙන් පැමිණ දින කිහිපයක්ම සිය කාර්යාල කාමරයට වී රාජකාරි කටයුතුවලද නිරතව සිට ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කළේය. ටෙන්ඩර් වලට අත්සන් තබා ඇත්තේ ඉකුත් 23වෙනිදා ඔහු පොලිස් මූලස්ථානයට පැමිණි විටදී බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.
විශ‍්‍රාම ගිය එම නිලධාරීයා පොලිසිය සතු වාහන තුනක් තවමත් පරිහරණය කරන බවත් එම වාහන වලට තෙල් ලබා දෙන්නේත් පොලිසියේ මුදල්වලින් බවත් සදහන්ය. එම වාහන අතර ඔහුට පොලිසියෙන් ලබාදී ඇති මෝටර් රථයත් පොලිස් මූලස්ථානයට අයත් අලූත්ම ලෑන්ඞ් කෲෂර් රථයක් සහ පොලිස්  ගොඩනැගිලි කොට්ඨාශයට අයත් කැබ් රථයක් ඇති බව සදහන්ය. එම වාහන තුනට රියදුරන්ද සිටින බවත් එම රියදුරන්ට අමතරව තවත් පොලිස් නිලධාරීන් පස් දෙනෙක් ඔහු තමා යටතේ තබාගෙන සිටින බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය. උප පොලිස් පරීක්‍ෂකවරයෙක්ද සැරයන් වරයෙක්ද ඒ අය අතර සිටින බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

මැදිරිගිරියේ දරුවන් පිරිසක් බෝම්බයකින් බෝල ගහලා

මැදිරිගිරිය නව නගරය වාරමාර්ග කාර්‍යාලයට නුදුරු ඇලේ තිබි හමු වූ බෝම්බයකින් දරුවන් පිරිසක් බෝල ගැසු පුවතක් පසුගිය (30)දින මැදිරිගිරිය පොලිස් බල ප‍්‍රදේශයෙන් වාර්තා විය.
මැදිරිගිරිය නව නගරය වාරිමාර්ග කාර්යාලයට නුදුරු ජලය සිඳි යමින් පවතින ඇලේ දිය කෙළියට පැමිණ සිටි වයස අවුරුදු අටත් නවයත් අතර දරුවන් පිරිසකට ඇලේ තිබි මෙම බෝම්බය හමු වී ඇත. තිස් වැනි දින සවස තුනට පමණ සිදු වී ඇති මෙම සිදුවිම පොලිසියට වාර්ථාවි තිබුණේ මෙසේය.
මෙම බෝම්බයෙන් සෙල්ලම්කර ඇති දරුවන්
තමන්ට හමු වූ මෙම නුහුරු වස්තුව බෝම්බයක් බව නොදත් මෙම දරුවන් බෝලයක හැඩය ඇති මෙම බෝම්බයෙන් බෝල ගසා ඇත. සෙල්ලම් කිරිමේදි මෙම බෝම්බයේ ඇති “ග‍්‍රිප් ලිවර්”එකද මෙම දරුවන් අතින් කැඩිගොස් ඇත. දරුවන් මෙලෙස මෙම මාරක බෝම්බයෙන් සෙල්ලම් කරමින් සිටියදි එම අවස්ථාවේ එම ඇල ඉවුරු මාර්ගයේ ගමන්ගත් එහි සිටි එක් දරුවකුගේ පියෙකු තම දරුවන් යම් වටකුරු දෙයකින් සෙල්ලම් කරණු දැක ඒ පිළිබඳව විමසිලිමත් වී ඇත. එහිදි ලිලාරත්න නැමැති මෙම පියා තම දරුවන් සෙල්ලම් කරනුයේ  ග්‍රෙනේඩ් බෝම්බයකින් බව දැක වහාම එම බෝම්බය දරුවන්ගෙන් රැගෙන ඇල ඉවුරේ ආරක්‍ෂිව තබා වහාම මැදිරිගිරිය පොලිසිය දැනුවත් කර ඇත.
බොම්බය පරික්‍ෂා කරණ ආකාරය හා එහි “ග‍්‍රිප් ලිවර්”එක කැඩි ඇති ආකාරය
එම දැනුම් දිමට අනුව ස්ථානයට පැමිණි මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රදිප් විජේසේකර සහ අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප ඒ. එම්. එන්. බංඩාර ඇතුළු නිලධාරින් මෙම බෝම්බය පරික්‍ෂා කර එය නිෂ්ක‍්‍රීය කිරිමට කටයුතු කර ඇත.
ඇල මාර්ගයේ බොම්බය තිබු තැන පරික්‍ෂාකරණ පොලිස් නිලධාරියෙක්
SFG82වර්ගයට අයත් මෙම බෝම්බයෙන් මෙම දරුවන් සෙල්ලම් කිරිම නිසා එහි ඇති “ග‍්‍රිප් ලිවර්”එක කැඩි ඇති බව මෙම බෝම්බය පරික්‍ෂා කිරිමේදි දැකගත හැකිවු බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය. මෙම “ග‍්‍රිප් ලිවර්”එක කැඩි ගියද එහි ඇති ආරක්‍ෂිත ඇනය ගැලවි නොතිබිම නිසා මෙම නොදරුවන්ගේ ජිවිත අනූනවයෙන් බේරි ඇතැයි ස්ථානාධිපතිවරයා පවසයි.

ආක්‍රමණිකයා රේගුවේ දිම වනසයි
අනවසරයෙන් මෙරටට ගෙන ආ ලොකු ලූණු බීජ කිලෝග්‍රෑම් 1050 ක් සහ කජු ඇට කිලෝග්‍රෑම් 400 ක්   කටුනායක  පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැලෑටි  නිරෝධායන පරිශ්‍රයේදී  අද සවස  විනාශ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
ලොකු ලූනු බීජ වල  ආක්‍රමනික පැලෑටියක්  වන පාතේනියන්  බීජ ඇති බව සොයාගෙන ඇත.
මෙවැනි  බීජ  ඇට  ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නම්  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය හා අපනයනය කරන රටෙහි ශාක නිරෝධායනය බලපත්‍රය සහිතව ගෙන්විය යුතු අතර පසුව ගුවන් තොටුපොළෙහි ශාක නිරෝධායනය සේවය වෙත යොමුකර එහි අනුමැතිය  ලබා ගත යුතු බව ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
  යම් හෙයකින්  මේවා රට තුළට මුදාහිරියේ නම්  මෙරට දේශීය කෘෂිකර්මාන්තයටද   මහත් ව්‍යසනයකට මුහුණ පෑමට සිදුවන බවත් ඔහු කීවේය.
මේවා පසුගිය මාස කිහිපය තුළ  අවස්ථා කිහිපයකදී  විවිධ රටවලින් නීති විරෝධී ලෙස  මෙරටට ගෙන ඒමට උත්සහ කරද්දී  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී   අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද බීජ ඇට  බව රේගුව කියයි.
 ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ  පැලෑටි නිරෝධායන අංශයේ සහ  රේගු නිලධාරීහු  එක්ව  මෙම බිජ ඇට විනාශ කළහ.

ණයට කාලා බිල නොගේවා හිරේ යයි
කොළඹ පාර්ක් වීදියේ හෝටලයක බිරිය හා දරුවන් සමඟ නතර වී රුපියල් 701759ක් වංචා කළ ජෝන් රියාස් පීටර්ට හය මාසයක සිර දඬුවමක් නියම කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඔහුට රුපියල් 3000ක දඩයක් ද නියම කළේය.
2010 ජනවාරි 13 සිට පෙබරවාරි 29 දක්වා හෝටලයේ නතර වී සිටි ඔහු නඩුවට නොපැමිණි නිසා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ද නිකුත් කැරිණි.
 
වාමන පාපන්දු කණ්ඩායමක්
වාමන මිනිසුන් කණ්ඩායමක් එක්ව තනාගත් පාපන්දු කණ්ඩායමක් ගැන වාර්තා වන්නේ බ‍්‍රසීලයෙනි.
ප‍්‍රමාණයන් කුඩා වුවද තමන් මෙන් දෙතුන් ගුණයක් උස ක්‍රිඩකයින් හා කරට කර තරග කිරීමට ඔවුන් සමත්ය.කණ්ඩායමේ මිටිම ක්‍රිඩකයා වන්නේ අඩි 3 යි අගල් 3 ක් උසැති ‘‘වැග්නර් ලව්‘‘ වන අතර ඔහු ඉලක්කයට ගෝලය එල්ල කිරීමට අති දක්ෂයෙකි.
පුහුණුකරු මැක්ස් පවසන ආකාරයට කණ්ඩායමේ සාමාජිකයින්ට සාමාන්‍ය ශරීර ප‍්‍රමාණයන් දරන ක්‍රිඩකයින් හා සමවනම දස්කම් පෙන්විය හැකිය.
තමන් මෙසේ කණ්ඩායමක් තනා ගැනීමට අදහස් කළේ කුරු මිනිසුන් යැයි සමාජය තමන්ට අලවා තිබෙන ලේබලය නිසා යැයි ක්‍රිඩකයින් කියයි.තමන්ට කිසිදු වැඩක් පලක් කළ නොහැකි යැයි සිතා සිටින සමාජයේ බහුතරයට එය කෙතරම් වැරදි අදහසක්දැයි පෙන්වා දීමට තම කණ්ඩායම ක්‍රිඩාකරන විට ප්‍රෙක්ෂකාගාරයෙන් නැගෙන ඔල්වරසන් හඩ හොදම පිළිතුර වන්නේ යැයි ඔවුන් පවසයි.
දැනටමත් මෙම වාමන පාපන්දු කණ්ඩායම ප්‍රෙක්ෂකයින් 30000 ක් පමණ එක්රැස්ව නරඹන පාපන්දු තරග වලට සහභාගී වේ.දෙතුන් ගුණයක් විශාල තරගකරුවන් හා තරග වැද ඔවුන් පරාජය කරන තම කණ්ඩායමේ ක්‍රිඩකයින් ප්‍රෙක්ෂකයින්ව අමන්දානන්දයට පත්කිරීමේ සමත් බව පුහුණුකරු මැක්ස් පවසයි.
අනාගතයේදී ලෝක කුසලාන පාපන්දු තරගාවලීන්ටත් සහභාගී වීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.


පැයක් අඳුරේ සිට මිහිකත පැය සමරයි
පසුගිය විසි නම වැනිදා ලොව ප‍්‍රකට නගර රාශියක් පුරා පැයක් පුරා අදුරේ ගිලී තිබෙනු දැක ගත හැකිවිය.
සෑම වසරකම මාර්තු මස 29 වැනිදා සැමරෙන ‘‘මිහිකත පැය‘‘ සංකේතවත් කිරීමට ඇමරිකාව,බි‍්‍රතාන්‍යය,චීනය, ඕස්ටේ‍්‍රලියාව,සිංගප්පූරුව වැනි රටවල් එක්ව සිටියේ එසේය.එම රටවල ප‍්‍රධාන නගරයන්හි වෙළද මධ්‍යස්ථාන,මහල් නිවාස,ස්මාරක ආදියේ විදුලි පහන් පුරා පැයක් පුරාවට නිවා දමා ඔවුන් ‘‘මිහිකත පැය‘‘ සැමරීමට එක්ව සිටියේය.
මිහිකත පැය ලෝක පරිසර අරමුදලේ සංකල්පයකි.ලොව පුරා සිදුවන පරිසර දුෂණය,ගෝලීය කාලගුණ විපර්යාස කෙරෙහි සියලූදෙනාගේ අවධානය යොමුකරවීම මෙහි අරමුණයි.
චීනයේ ෂැංග් හයි හා  ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර මුලින්ම තම තමන්ගේ විදුලි පහන් නිවා දමා මිහිකත පැය සදහා එකතු වු අතර අනතුරුව බි‍්‍රතාන්‍යයේ ලන්ඩන්,ඇමරිකාවේ නිව්යෝරක් හා ලාස් වේගාස් වැනි නගරද මිහිකත පැය සදහා එකතුවී සිටිනු දැක ගත හැකි විය.
ඇතැමුන් මෙය දක්වන්නේ සංවර්ධනය වු රටවල් තම තමන්ගේ වැරදි වසාගැනීමට දරන වෑයමක් ලෙසයි.
ඒ කෙසේ වුවත් ලෝක පරිසර අරමුදල පවසන්නේ සියලූ දෙනාගේ ආධාර නැතිව මිස පරිසර විනාශය නැවැත්වීමට අන් කිසි මාර්ගයක් නොමැති බවයි.


හීනයි හඳයි අතර සම්බන්ධය සොයයි
සිහින දැකීම සඳහා  ආදි මානවයින් අතර ගති සිරිත් එක්කොට සළකා අපූරු පරීක්ෂණයක් කිරීමට බි‍්‍රතාන්‍යය මනෝවිද්‍යාඥයින් පිරිසක් කටයුතු කළහ.
ඔවුන් පවසන ආකාරයට සිහින දැකීමේදී සදෙහි බලපෑමට මිනිසා නතුවේ.විශේෂයෙන් පුර හඳ පවතින දිනයන්හීදී නිදා ගැනීමේ අපහසුතා හා නරක සිහින පෙනෙන්නේයැයි ඔවුන් පුද්ගලයින් 1000 ක් දෙනා ඇසුරෙන් සිදුකර ඇති පර්යේෂණයකින් අනාවරණයව තිබේ.
සඳ හා මිනිසා අතර සම්බන්ධය ඈත අතීතයටම දිව යන්නක් බව සදහන් වේ.ඉතිහාසඥයින් පවසන ආකාරයට ආදි මානවයා දඩයම් සදහා ප‍්‍රිය කර ඇත්තේත් පුර හද පවතින කාලයයි.තවද පුර හද පවතින සමයේදී ආදි මානවයා වඩා විමසිල්ලෙන් සිට ඇත්තේ තමන් ගොදුරු කර ගැනීමට එන මාංශ භක්ෂක සතුන්ගෙන් ආරක්ෂා වීමේ අරමුණෙනි.
ආදි මානවයාගේ මේ ගති සිරිත් නූතන මානවයාටද පරිනාමය වී ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.පර්යේෂණයෙන් හෙළිව ඇති ආකාරයට පුර හඳ පවතින සමයෙහි වර්තමාන මානවයා දක්වන හැසිරීම් අතීතයේ ආදි මානවයා දැක්වූ හැසිරීම් හා සමාන වන්නේ යැයි ඔවුහු කියති.
උදාහරණයක් ලෙස දක්වන්නේනම් පර්යේෂණයට සහභාගී වූවන් පුරහඳ පවතින සමයෙහි නිදා ගැනීමට අපහසු බව පැවසීම පැහැදිලි කිරීමට විද්‍යාඥයින් යොදාගෙන ඇත්තේ අතීතයේ ආදි මානවයා පුර හද පවතින සමයේදී ගොදුරු සොයා එන සතුන් පිළිබඳ විමසිල්ලෙන් සිට තිබීමයි.එම පුරුද්ද වත්මන් මානවයාටත් ලැබී ඇති සෙයක් දක්නට ඇතැයි විද්‍යාඥයෝ පවසති.
මෙම විද්‍යාඥයින් පිරිස කර ඇති තවත් දෙයක් වන්නේ පර්යේෂණයට සහභාගී වූවන් පිරිසට නිදා ගැනීමට යාමේදී නොයෙකුත් ශබ්දයන් ඇසීමට සළස්වා අනතුරුව ඔවුන් දුටු සිහින වල තොරතුරු ලබා ගැනීමයි.
 
එහිදී හෙළිව ඇත්තේ කුරුළු හඩ,සුළගට ගහ කොළ සෙලවෙන හඩ වැනි ශබ්දයන් අසමින් නින්දට ගිය පුද්ගලයින් සෞම්‍ය සිහිනත්,වාහන නළා හඩ කළබලකාරී නගරයක ඝෝෂාව වැනි ශබ්ද අසමින් නින්දට ගිය පුද්ගලයින් ප‍්‍රචණ්ඩ සිහිනත් දැක ඇති බවයි.
මේ අනුව නින්දට පෙර කිසියම් දෙයක් ඇසීමට සැළැස්වීමෙන් නින්දේදී පෙනෙන සිහිනයේ ස්වරූපය වෙනස් කිරීමට පවා හැකියාවක් තිබෙන බව පෙනෙන්නේයැයි ඔවුහු කියති.


0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය