Powered by Blogger.


Moneyබදාදා (
02) පැය 2025 ට පමණ වඳුරඹ පොලිස් වසමේ වඳුරඹ නගරයේ ඉන්ධන පිරවුමිහකට යතූරු පැදියකින් පැමිණි දෙදෙනෙකූ විසින් ඉන්ධන ලබා ගෙන රුපියල් 1000/- ක මුදල් නෝට්ටුවක් මුදල් අයකැමිට ලබා දී ඇත.මුදල් අයකැමි විසින් මෙම මුදල් නෝට්ටුව ව්‍යාජ රුපියල් 1000/-හේ මුදල් නෝටිටුවක් බව දැන ගැනිමෙන් පසු
වඳුරඹ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතූමාට දුරකථනයෙන් දැනුම් දීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා වඳුරඹ පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගූවට ගෙන ඇත.
සැකකරුවන්ගෙන් වැඩිදුරටත් ප‍්‍රශ්න කිරිමේ දී වදුරඹ පොලිස් වසමේ ගල්පොත්දෙණිය ප‍්‍රදේශයේ මොවුන් නැවතී සිටින නිවසක් සහ නැවුම්ගල ප‍්‍රදේශයේ පවත්වාගෙන යන කොමියුනිකේෂන් මධ්‍යස්ථානයක් පරික්‍ෂා කිරිමේදී තවත් ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 5000 /-නෝට්ටු 01 ක්,රුපියල් 2000/-නෝට්ටු 02 ක්,රුපියල් 1000/-නෝට්ටු 10 ක් සහ මුද්‍රණය කිරිමට උපයෝගි කරගත් පරිගණකයක් සහ ප‍්‍රින්ටරයක් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් අවුරුදු 21-22 අතර වයස් වල පුද්ගලයන් වන අතර වදුරඹ,මාබොටුවන ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වේ.සැකකරුවන් අද දින බද්දේගම ගරු මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.වදුරඹ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන පවත්වයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය