Powered by Blogger.


බාල වයස් කාර දැරියක් අපයෝජනයට ලක් කළේ යැයි කන්දේගෙදර මුස්ලිම් පල්ලියේ මව්ලවිට  විරුද්ධව පැමිණිල්ලක් ලැබි ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
දහම් අධ්‍යාපනය සඳහා පල්ලියට ගිය අවස්ථාවේ  සිදුවි ඇතැයි කියන මෙම සිද්ධියට කුපිත වූ ප‍්‍රදේශවාසින්  සැකකරුට වටකර පහරදි ඇති අතර තුවාල ලැබු ඔහු බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ.
ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප‍්‍රනාන්දු, බදුල්ල  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති හා සහකාර පොලිස් අධිකාරි ජයන්ත පුෂ්පකුමාර පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල වැඩබලන මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂක එස් .පි.කේ ගාල්ලගේ මහතාගේ මෙහෙයවීම යටතේ  බදුල්ල පොලිසියේ කාන්තා කාර්යාංශය මෙම අපයෝජන  සිද්ධිය  පිළිබදව වැඩිදුර  පරික්ෂණ  පවත්වයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය