Powered by Blogger.

පළාකොස්‌ නොහොත් පොළොස්‌ අප කවුරුත් හොඳින් දන්නා ආහාරයකි. කොස්‌ නමින් ප්‍රකට මෙම ගෙඩියකින් ගැමියන් කිහිප දෙනෙකුට දිනක ආහාර වේල පිරිමසා ගැනීමට හැකිය.

කිසිදු රසායනික බෙහෙත් පොහොර නොයොදා වැවිය හැකි ගසකි. ස්‌වභාව ධර්මයා විසින් දායාද කළ මෙම ශාකය ලංකාවේ සියලුම ප්‍රදේශවල වගා කළ හැකිය.

කොස්‌ගස මොරාසේ (Moraceae) ශාක කුලයට අයත්ය. උද්භිද විද්‍යාව අනුව ආටෝකාපන් ඉන්ටෙක්‌රාපෙස්‌ ෆොරස්‌ (Artocarpus integrdforst) සහ ආටෝකාස්‌ හෙට පෝලස්‌ (Atocarpus Hetero Phyclas) යන ද්වීතිය නාමයෙන් මෙය හඳුන්වයි. මෙය ප්‍රධාන ආහාරයක්‌ මෙන්ම ඉදුණු පසු පළතුරක්‌ ලෙසද ආහාරයට ගනී.

හෙරළි නොහොත් කොස්‌ වසරකට වරක්‌ හටගන්නා ගෙඩි විශේෂයකි. මෙය ඉදුණු පසු වැල, සහ වරකා යනුවෙන් දෙවර්ගයකින් හඳුන්වයි. මෙහි මදුලු තම්බා වියළා ගත් පසු අටුකොස්‌ නමින් හඳුන්වයි.

ඇට කල් තබාගන්නා ක්‍රම දෙකකි. වැළි සමග මිශ්‍ර කොට වැස්‌සෙන් පින්නෙන් ආරක්‌ෂා වීම පිණිස තැබූ විට වැලිකොස්‌ ඇට නම් මේ ඇට තම්බා වියළුE කල අටුකොස්‌ නම් වේ.

ගෙඩි කුඩා කාලයේදී වෑංජනයක්‌ ලෙසටත් මැල්ලුමක්‌ ලෙසටත් ආහාරයට ගන්නා අතර පොළොස්‌ ගැට මාළුව උඩරට ගැමිකතකගේ අතින් පිසෙන ඉතා රසවත් පොළොස්‌ (මාළුවකි) වෑංජනයකි.

කොස්‌ගෙඩිය හටගන්නා පුෂ්පය අනෙක්‌ ශාක පුෂ්පයකට වඩා වෙනස්‌ය. එය පනාමල ලෙස හඳුන්වයි. මල් රැසකින් යුතු පුෂ්ප මංජරියකි. ස්‌ත්‍රී පනා මල ඉතා සියුම්ය. කටු සහිතය. පුරුෂමල සිනිඳුය කටු රහිතය.

ස්‌ත්‍රී මලෙහි බාහිර ආවරණය ඇති කටුවකම මුදුනත මිලි මීටර් එකක්‌ පමණ දිග. අග ස්‌වල්පයක්‌ නැමුණු සුදු පැහැති රේණුවක්‌ වැනි මලක්‌ තිබේ. එම සෑම රේණුවකම මදුලක්‌ හටගනී. මෙහි වූ සියුම් මල් පරාග පෝෂණය වේ.

ඉක්‌මනින් ගෙඩි හටගන්නා ගස්‌ වර්ගයක්‌ තිබේ. මෙය ජෙහෙර් නමින් හඳුන්වා තිබෙන රසයෙන් ඉතා අඩු වර්ගයකි.

හවායි දූපතෙහි ඇලිස්‌ ආර්. තොම්සම් මිය කරන ලද පරීක්‌ෂණයක්‌ අනුව ඇට හා මදුලුවල ඇති පෝෂණ ගුණය විවිධය. මදුලක අම්ලය මිලි ග්‍රෑම් 6.27 ප්‍රොaටීන් 1.4 සීනි 15.15 මේදය 0.46 ලවණ 0.93 යකඩ 0.06 ක්‌ වන අතර මෙහි ඇටයක ඇති පෝෂණය වෙනස්‌ය.

ඇටයක අම්ලය මිලි ග්‍රෑම් 0.16 ප්‍රොaටීන් 5.14 සීනි 1.87 මේදය 0.24 කාබෝ හයිඩේ්‍රට්‌ 200 වෙනත් ප්‍රොaටීන් 23.53 ක්‌ බැව් සඳහන් වේ.

මදුලු වාතය වඩයි. බරයි. තරකරයි. ශක්‌තිය වැඩියි. මළ ශුද්ධ කරයි. ගැට පොළොස්‌ ගුණය විවිධයි. දරු ප්‍රසූතියට පසු ආහාරය හා ඖෂධයක්‌ ලෙසට සම්බෝලය සාදා දීම ගැමි කාන්තාව වර්තමානයේද කරයි. ආයුර්වේද වෛද්‍යවරුත් මෙන්ම බටහිර වෛද්‍යවරුද ගැටපොළොස්‌වල ඇති ගුණය පිළිගනී.

දරුගැබ දොaෂ දුරුවී ශක්‌තිය වඩන බැව් ආයුර්වේද වෛද්‍යවරු ප්‍රකාශ කරති. මෙවන් ගුණයක්‌ ඇති කොස්‌ වාරයේදී ගස්‌වල ඉදී බිමට වැටී පරිසරයද විනාශ කරයි. නවීන තාක්‌ෂණය දියුණු වර්තමානයේ කොස්‌ කල්තබාගන්නා ක්‍රම අනුව ඇසුරුම් කොට පළතුරු ලෙස අපනයනය කිරීමට හැකිය.

ළපටි කොස්‌දල්ල සියුම්ව කපා උණුවතුරෙන් තම්බා වතුර පෙරා හොද්දට මාළුවට අවශ්‍ය තුන පහ වර්ග එකතුකර පිස ගත් වෑංජනයට තෙල් දමාගත් විට රසය වැඩිවේ.

කොස්‌ ඇට තම්බා තුනපහවර්ග කබලෙන් බැද ඇට තලා එකට මිශ්‍ර කර පොල් මලවා අඹරා උයාගත් කොස්‌ඇට මාළුවට මිශ්‍රකර ගැනීම කලුපොල් මාළුව ලෙස ප්‍රකට උඩරට ගෘහණියගේ අගනා රසවත් වෑංජනයකි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය