Powered by Blogger.

දුප්පත්කම අලෙවිකරන සමාජය ඉදිරියේ පැරදුණා
මධුමාධව අරවින්ද

දුප්පත්කම් දරාගත්ත පරපුර වෙනුවෙන් මම දේශපාලනය කළා. නමුත් දුප්පත්කම් දරාගත්ත පරපුර දුප්පත්කම් අලෙවි කරන පරපුර ඉදිරියේ පරාජයට පත් වුණා. තවත් පැහැදිලි කරනවා නම් තහඩුවට, උළු කැටයට, සාරියට, රෝදයට, පෝස්‌ටරයට, රතිඤ් ටිකට නොරැවටුණු 25000 ක්‌ පමණ වන මට ඡන්දය ලබා දුන් අවංක ජනතාවට, මගේ සිංහල පරපුරට මම ප්‍රණාමය දක්‌වනවා. ජනතා සේවය මම දිගටම කරගෙන යනවා.


සමාජයේ දූෂණයට ඉඩ නෑ
ගීතා කුමාරසිංහ

මනාප ඡන්ද 26931 ක්‌ ලබා දෙමින් දකුණු පළාතෙන් මගේ ජයග්‍රහණය තහවුරු කළ ජනතාවට පළමුව මගේ ස්‌තුතිය පුද කරනවා.

රජයේ මුදල් වියදම් කරමින් මැතිවරණ කටයුතු හෝ වෙනත් ඕනෑම දේකදී කිසියම් කෙනෙකු දූෂණ වංචා හා නාස්‌තිය සිදු කරනවා නම් එය වළක්‌වන්න ක්‍රියා කරන බව මම ප්‍රකාශ කරන්න කැමැතියි.


විශ්වාසය එලෙසමයි
රොජර් සෙනෙවිරත්න

ජනතාව මා ගැන විශ්වාසය තියලා මාව තෝරා පත්කර ගැනීම පිළිබඳව මගේ උත්තමාචාරය මට ඡන්දය දුන් 44011 ක්‌ ජනතාවට පුද කරනවා. ඔවුන් මා කෙරෙහි තැබූ විශ්වාසය පලුදු නොවන ආකාරයට දුන් පොරොන්දු ඉටු කරනවා


 

මගේ සේවය විනිවිදයි
රවීන්ද්‍ර යසස්‌

සන්තෝසයි. මම මෙතෙක්‌ කල් ජනතාවට, මාධ්‍ය මගින් කියූ දේ හා කළ වැඩසටහන් ඔස්‌සේ ජනතාව අතරට ගෙනගිය දේවල් අගය කරලා මම ඉදිරිපත් වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය හරහා ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරමින් මාව ජයග්‍රහණය කරවීම පිළිබඳව ජනතාවට ස්‌තුතිවන්ත වෙන අතර ම විනිවිද භාවයකින් යුතුව ජනතා මෙහෙවර ඉටු කරන්න පොරොන්දු වෙනවා.


අනර්කලී ආකර්ෂා, නදීෂා හේමමාලි හා ජගත් බෙනරගම දුරකථනය ඔස්‌සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එම උත්සාහය ව්‍යර්ථ විය.

සැබෑ චරිතය ජනතාව සමගයි
නලින් ප්‍රදීප් උඩවෙල

මම නාට්‍යවල මොන චරිත රඟපෑවත් සැබෑ ජීවිතයේදී ජනතාව එක්‌ක හිටියා. මම කොහොමටත් ගමේ මිනිස්‌සු එක්‌ක බුලත්විටක්‌ කාලා දුක සැප බෙදාගෙන හිටිය මිනිහෙක්‌. මගේ යථාර්ථවාදීකමට ජනතා බලයක්‌ ලැබී තිබෙනවා. ඒ බලය හරහා ජනතාවගේ දුක හඳුනන කෙනෙක්‌ හැටියට ඔවුන්ගේ ජීවන රටාව නංවා ලීමට මම කැපවෙනවා.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය