Powered by Blogger.

ලෝක ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උපහාර දැක්වීම වෙනුවෙන් සමරු මුද්දරයක් සහ සිහිවටන පත්‍රිකාවක් නිකුත් කිරීමට තැපැල් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා විසින් මුද්දර උපදේශක කාරක සභාව වෙත මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේය.

වසර 18කට පසු ලෝක ශූරතාව දිනාගනිමින් රටට කීර්තිය අත්කර දුන් ක්‍රිකට් කණ්ඩායමට රජයෙත් මහජනතාවගේත් උත්තමාචාරය පුදකිරීමේ අරමුණින් මෙම සමරු මුද්දරය සහ සිහිවටන පත්‍රිකාව නිකුත් කිරීමට තීරණය කළ බව ජීවන් කුමාරතුංග අමාත්‍යවරයා පවසයි .

ක්‍රීඩකයින්ගේ ඡායාරූප සහිත සමරු මුද්දරය සහ සිහිවටන පත්‍රිකාව නිකුත් කිරීම සඳහා තැපැල්පති රෝහණ අබේරත්න මහතා විසින් අද දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් ද කර තිබේ.

1996 වසරේ ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට උපහාර දැක්වීම සඳහා මීට පෙර තැපැල් සේවා අමාත්‍යාංශය විසින් මුද්දර නිකුත් කිරීමට පියවර ගනු ලැබුණි

බිත්තර දෙන්නම් කියා බාලවයස්කාරිය අපයෝජනය කරලා - සැකකරුත් වසබීලා

වයස අවුරුදු 08 ක් වන බාල වයස්කාර පාසල් සිසුවියක ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන සැකකරුවෙකු වස පානය කිරීම හේතුවෙන් හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබේ.

අතවරයට ලත්ව ඇත්තේ මුන්දලම - අගුණවිල,කුඩා කුඹුක්කඩවල පදිංචිකාරියක වන 08 හැවිරිදි පාසල් සිසුවියකි.

අතවරයට පත්ව ඇති දැරිය බිත්තර ගෙන ඒම සඳහා සැකකරුට අයත් වෙළඳසැලට ගොස් ඇති අතර බිත්තර දීම සඳහා යයි කියමින් දැරිය වෙළඳසැල තුළට ගෙන ඇති සැකකරු ඇයව කාමරයකට ගෙන ගොස් අපයෝජනයට ලක් කර ඇත.

තමන් මුහුණ දුන් අත් දැකීම දැරිය නිවසට ගොස් තම මවට පවසා ඇති අතර ඒ අනුව මව විසින් මේ බව මුන්දලම පොලීසියට පැමිණිලි කර තිබේ.

බාලවයස්කාර දැරියක අපයෝජනය කළ බවට තමන්ට එරෙහිව මුන්දලම පොලීසියේ පැමිණිල්ලක් ඇති බව දැන ගෙන ඇති සැකකරු වස පානය කර ඇති බව පොලීසිය කියයි.

පසුව ඔහුව මුන්දලම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව හලාවත මහා රෝහලට මාරු කර යවා ඇත.

මුන්දලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි

කාන්තා කණ්ඩායමේ චමරී අතපත්තු නව නායිකාව ලෙස පත්වෙයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව නායිකාව ලෙස චමරී අතපත්තු මෙනවිය තේරී පත් වී තිබේ.

එසේම නව උප නායිකාව ලෙස උදේශිකා ප්‍රබෝධනි තේරී පත් වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය