Powered by Blogger.

බොලිවුඩ් නිළි කත්‍රිනා කයිෆ් ඇය රඟන අලුත්ම චිත්‍රපටියේ රූගත කිරීම් අතරතුර අනතුරකින් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව එරටින් ලැබෙන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඇය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බෑන්ග් බෑන්ග් චිත්‍රපටයේ දර්ශන පසුතලයේදීය. රිතික් රෝෂනුත් සමග කත්‍රිනා කයිෆ් රඟන මෙම චිත්‍රපටියේ රූගත කිරීම් මීට පෙරද පමා වී ඇති අතර රිතික් අසනීප වීම ඊට හේතුවී ඇත.

කෙසේ වෙතත් එකදිගට පැය 14 ක පමණ නර්තන අංගයක් රඟ දක්වමින් සිටි කත්‍රිනා එක්වරම ඇද වැටී ඇති අතර මස්පිඩු ආබාධයක් ඊට හේතුවී ඇත. මේ වනවිට ඇය රෝහල් ගතවී ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.
http://www.mawbima.lk/ct-admin/images/news/56810_katrina-kaif600x450.jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය