Powered by Blogger.


‘මගේ නම වාසනා මල්කාන්ති. ඉපදුණේ 1990 අප්‍රේල් 20 වැනිදා. අද මගේ උපන් දිනයයි.’24 හැවිරිදි මල්කාන්ති 24 වසරකට පසු  ජර්මනීයේ සිට  ශ්‍රී ලංකාවට පැමිණියේ තම මව සොයා ගැනීම සඳහායි.
ඇය ජර්මන් මිතුරියකද සමඟ ලංකාදීප කාර්යාලයයට පැමිණ සිය මවත් පියාත් සොයා ගැනීමට උදව් කරන ලෙස ඉල්ලා සිටියා.
කොළඹ බොරැල්ලේ කාසල් රෝහලේ ඉපැදුණු මල්කාන්ති  සති තුනක දැරියකව සිටියදී හදා වඩා ගැනීම සදහා ජර්මන් යුවළකට බාර දී ඇත.
ඇය හදා වඩා ගත් මව ජර්මනීයේ ගුරුවරියකි.පියා පැරැණි භාණ්ඩ ව්‍යාපාරිකයෙකි.ගුරුවරියක වීම සඳහා  මල්කාන්ති රසායන විද්‍යාව,ආගම හා ජර්මන් බස හදාරමින් සිටින්නීය.
‘මගේ අම්මා තාත්තාගේ නම් හැර වෙනත් විස්තරයක් දන්නේ නැහැ.පින්තූරයක්වත් ළඟ නෑ .මා හිතනවා මගේ අම්මා මං වගේ ඇති කියලා.අම්මාගේ නම වීරසිංහ මුදියන්සේලාගේ හීන් මැණිකේ. පියාගේ නම උඩුව විදානලාගේ දොන් සෝමදාස. ජර්මනීයේ අධ්‍යාපනයෙන් පසු මම ශ්‍රී ලංකාවේ පදිංචිවීමට කැමැත්තෙන් සිටිනවා.මගේ මව හා පියා දැක ගැනීම මගේ ජීවීතයේ ලොකුම ආශාවයි.ජීවිතයේ එක් වරක් හෝ මගේ මව දැක ගත යුතු යැයි මා සිතනවා සෑම දරුවකුගේම අශාව එයයි.මට මගේ අම්මා  මිනිත්තු පහකටවත් දැනගත්තොතත් ලොකු දෙයක්. ආදරණීය අම්මේ ඔබ මගේ කතාව ලංකාදීප පත්තරෙන් දැක්කොත් පහත සඳහනක් දුරකතන අංකයට කතා කරන්න. (ඇන්ඩෘ සිල්වා 0094779941919, ඊ මේල් andrew.silvatour@yahoo.com)
ඔබ දකින තුරු මට ඇතේ එකම ආශාවයි ලබන 22 වැනි අඟහරුවාදා මා ජර්මනියට යනවා.අධ්‍යාපනය අවසන් කර ලබන වසරේ යළිත් පැමිණෙනවා.දැන් මට ශ්‍රී ලංකාවේ මිතුරනුත් සිටිනවා ’



0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය