Powered by Blogger.

ගාල්ල බටදුව ප‍්‍රදේශයේ පැවැති බක්මහ උළෙලක් නැරඹීමට පැමිණ සිටි වයස අවුරුදු 14ක දැරියක  සමූහ දුෂණයකට ලක් කල බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් සොයා පොලිස් පරික්ෂණ පැවැත්වේ.
ඊයේ මෙය සිදුව ඇත්තේ අක්මීමන පොලිස් බල ප‍්‍රදේශයේ දී ය.
පිලාන මොරගොල්ල පදිංචි දැරියක වන ඇය බටදුව ප‍්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක් නැරබීමට පැමිණ සිටිය දී තරුණයන් කිහිපදෙනෙකු සමඟ මිතුරු වී තිබේ.
තරුණයන් පවසා ඇත්තේ ඇය ඉතාම සුන්දර බැවින් අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වන ලෙසයි. එ් සඳහා ඇඳුම් පැළඳුම් මිලදී ගන්නට යමු යැයි පවසා තරුණයන් පිරිස දැරිය රවටාගෙන ති‍්‍රරෝද රථයකින් නවාතැන්පළකට ගොස් ඇත.
ඇයව සමූහ දුෂනය කළ පසු මහමඟ දමා ගොස් තිබියදී ප‍්‍රදේශවාසීන් පිරිසක් පොලිසියට දැනුම්දීමෙන් පසුව පොලිස් රථයකින් ඇය රැුගෙන ගොස් පැමිණිල්ල සටන් කරගෙන ප‍්‍රතිකාර සඳහා ඇය රෝහල්ගත කර ඇත.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය