Powered by Blogger.


කුලී ගමනක් යන බව කියා  පසු ගිය මාර්තු 25 වැනිදා පිටකෝට්ටේ දුටුගැමුණු මාවතෙන් සිය කාරයෙන් පිටත් වු නිහාල් රත්නායක (60) නම් දෙදරු පියා බේරා ගැනීමට  ඔහුගේ දරුවෝද මිරිහාන  විශේෂ අපරාධ මෙහෙයුම් ඒකයේ නිලධරයෝද වෙහෙසෙති.
ඔහු මුදා හැරිමට රුපියල් ලක්ෂ 20 ක් රැගෙන  පානදුරටත් හොරණටත් ගිය නමුත් මුදල් දීමට නොහැකි වු බව නෑයෝ කියති.
මෙ අතර ඔහුගේ මෝටර් රථය බෙන්තොට දී සොයාගෙන ඇත.
මොහු ගැන තොරතුරක් දෙන කෙනකුට ත්‍යාගයක් පිරිනමන බව මිරිහාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් කරුණාරත්න මහතා කියයි.
ඔහුගේ දුරකතන අංක : 011-2809243 / 071-8256695



  

දුම්රිය පැය දෙකක් පමා වෙයි
පොලීසියෙන් ගැසු බව මගියෙක් කියයි
කොළඹ කොටුව දුම්රිය පොළේ  හතර වැනි හා පස් වැනි වේදිකා  අවහිර කරමින් සිල්පර කොට හරස් කරමින් කලහකාරී ලෙස හැසිරුණු දුම්රිය සේවකයින් පිරිසක් ඉවත් කිරීමට කැරැලි මර්දන පොලීසිය කැඳැවිණි.
පස්වරු තුනේ සිට හය පමණ වන විට පැය දෙකකට ආසන්න කාලයක් දුම්රිය මාර්ගය අවහිර කළ බව කියන දුම්රිය සේවකයින් අතර සිටි එක් පුද්ගලයෙක් ලේ පෙරාගෙන සිටියේය.
‘මට පොලීසියෙන් ගහුවා මං මේ උද්ඝෝෂණයට සම්බන්ධ මිනිහෙක් නෙවෙයි.මම වැඩ ඇරිලා ගෙදර යන්නයි අවේ යනුවෙන් එම පුද්ගලයා කීවේය .’
දුම්රිය ආදේශක,අනියම් හා තාවකාලික සේවකයෝ පිරිසක් සිය සේවය ස්ථිර කරන ලෙස ඉල්ලමින් දුම්රිය පාර අවහිර කළහ


 
උදාර බේරගන්න උදාර පිංකමක්
මාතර,තෙලිජ්ජවිල ,අංක 08,මහගොඩවත්ත ලිපිනයේහි පදිංචි කීර්ති ඉන්දික විතානගේ මහතාගේ පුත්  හිරුණ උදාර විතානගේ ගේ (06)  මොළය ආශ්‍රීතව  අසාමාන්‍ය ලෙස වැඩි ඇති  මස් දළුවක් ඉවත් කිරීම සඳහා  හැකි ඉක්මනින් ශල්‍ය කර්මයක් කිරීමට අවශ්‍ය බව මොළය හා ස්නායු  සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා  මහතා නිර්දේශ කරයි.
මේ සඳහා රුපියල් ලක්ෂ තිස් පහක් පමණ  වැය වන බව ද වෛද්‍යවරයා දරුවාගේ පියාට දැනුම් දී ඇත.
ලොරි රියදුරකු ලෙස රාජ්‍ය දැව සංස්ථාවේ සේවය කරන තම මාසික වැටුපෙන් අවුරුදු එකොළහක් වයසැති දියනියගේ අධ්‍යාපන කටයුතු ද පවුලේ  සෙසු කටයුතු ද සිදු කළ යුතු ඔහු මිතුරන් අතරේ ටිකට් පතක් මුද්‍රණය කැර රුපියල් ලක්ෂ දහයක් පහළොවක් පමණ සොයා ගැනීමට උත්සාහ කරයි.ජනපති අරමුදලින්ද යම් ආධාරයක් පතයි.ඉතිරි මුදල සොයා ගැනීම ඔහු මුහුණ පාන බරපතලම ප්‍රශ්නයයි. පරිත්‍යාගශීලීන්ගේ  උපකාර පතනුයේ ඒ වෙනුවෙනි.072-3437243 ඔහුගේ දුරකතන අංකයයි.ඉන්දික විතානගේ මහතා නමින් බැංකු ගිණුම් දෙකක්ද ඇත.
ලංකා බැංකුව : ටොරින්ටන් ශාඛාව -
අංකය - 75813181 , Swift code :BCEYLKLX, Branch code : 689
මහජන බැංකුව : තෙලිජ්ජවිල ශාඛාව - අකුරැස්ස
අංකය 117-2-001-1-0001134 , Swift code : PSBKLKLX 023 , Branch code :7135117

වැසි ඉල්ලා දඹුල්ලේ වැසි පිරිත්
මාස  හතරකට වැඩි කළක් පැවැති නියඟය දුරු කරන ලෙස ඉල්ලා රංගිරි දඹුල් රජමහා විහාරවාසී මහා සංඝරත්නය දඹුල්ල අවට ගම්වල වැසි පිරිත දේශනා කරමින් චාරිකා කළහ.
ඉනාමළුවේ සුමංගල රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක මාහිමියන්ගේ අනුශාසනා පරිදි දානීගම ආනන්ද හිමි හා හල්මිල්ලෑවේ පේමරතන හිමියෝ මේ වැඩපිළිවෙළ මෙහෙය වුහ.


0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය