Powered by Blogger.

දකුණු පළාතේ ප‍්‍රදේශයක පදිංචිකරුවකු වූ ඔහු රාජ්‍ය සේවයේ රැකියාවක් කරන තරුණයෙකි. පියා ද අහිමිව සිටින මොහුට සිටියේ තම මව පමණි. මව නිතරම උනන්දු වුයේ තම පුතුට මංගල්‍යයක් කරදීමට ය. අප ඔහුට සිරිල් යැයි කියමු.
සිරිල්ගේ මව තම පුතුට සහකාරිය සෙවීමේ කටයුත්තට අතගසා තිබිණ. එක් අසල්වැසියෙකු සිරිල්ගේ මවට කියා ඇත්තේ මෙය පුවත්පතක පල කරන ලෙසයි. ඒ අනුව සිරිල්ගේ මව මංගල දැන්වීම් පලකරන ඉරිදා පුවත් පත් දෙකකට මෙම දැන්වීම දැමීමට තීරණය කළාය. එම ආයතනවලින් විමසීමේ දී ඇයට පවසා ඇත්තේ නිවසේ සිටම එස්.එම්.එස් මාර්ගයෙන් දැන්වීම ටයිප් කර අදාළ අංකයට යොමු කරන ලෙසයි.
ඒ අනුව සිරිල්ගේ මව තම පුතුගේ රැකියාව උස වයස සහ කුලය ඇතුලත් කොට එස්.එම්.එස් පණිවිඩය අදාළ පුවත්පත් ආයතනයට යවා ඇත. ඒ අනුව පසු සතියේ එම දැන්වීම පුවත්පත්වල පල වී දින කිහිපයක් ගත වනවිට දිනකට ලියුම් 40ක් - 50ක් ලැබෙන්නට විය.
ඒ අතර පිටරට සිට පැමිණි ලියුම් ද තිබී ඇත. ප‍්‍රතිචාරය පිළිබඳ සිරිල්ගේ මව ද සියේ ඉහවහා ගිය සතුටකිනි. බහුතරයක් ලිපි ලැබී ඇත්තේ ඇමරිකාව ඇතුළු යුරෝපා රටවල තම දියණියන් සේවය කරන හා පදිංචියට කැමති දෙමාපියන්ගෙනි. නමුත් ඇය තම පුතු සතිඅන්තයේ නිවසට පැමිණෙන තුරු ලියුම් කඩා බැලූවේ නැත.
සති අන්තයේ දී නිවසට පැමිණි පුතුට පිටරටවලින් ද ප‍්‍රතිචාර ලැබීම පිළිබඳ සැකයක් මතුවිය. සිරිල් අදාළ පුවත්පත් දැන්වීම සහිත පුවත්පත ගෙන බැලීය. ඒ අනුව ඔහුට කාරණය පැහැදිලි වී සිනා පහළ විය.
තම මව එස්.එම්.එස් මාර්ගයෙන් යැවු පුවත්පත් දැන්වීම පලකර ඇත්තේ වැරැදි ලෙසට ය. එස්.එම්.එස් මාර්ගයෙන් ටයිප් කළ එ් පණිවුඩය සටහන් කර තිබුණේ සිංග්ලිෂ්වලිනි.
සිරිල්ගේ මව යැවු එස්.එම්.එස් පණිවිඩය මෙසේය,
BODU GOVI  29  USA 5  11 KADAWASAM POLIS PAREEKSHAKA PAWULE EKAMA  PUTHUTA SAHAKARIYAK MAWPIYO SOYATHI.
මෙය පුවත්පතේ පලවී තිබුණේ මෙසේය,
'බොදු ගොවි 29 USA 5 11 කඩවසම් පොලිස් පරීක්ෂක පවුලේ එකම පුතුට සහකාරියක් මව්පියෝ සොයති' යනුවෙනි.


අදාළ දැන්වීම පහත දැක්වේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය