Powered by Blogger.

තංගල්ල ප්‍රාදේශීය සභාපති ඇතුළු පිරිස මට ටී. 56 තුවක්කුවකින් හා තවත් දේවලින් පහර දුන්නා
- දෙනගම විතාරණ රයන් අකලංක සාක්ෂි දෙමින් කියයි

තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදාන පතිරණ ඇතුළු පිරිස තමන්ට ටී - 56 තුවක්කුවකින් පුටුවකින් හා ලොකු මල්‍පෝච්චි දෙකකින් පහර දුන් බව තංගල්ල පදිංචි දෙනගම විතාරණ රයන් අකලංක (29) ඊයේ (28) තංගල්ල නඩුවේදී සාක්ෂි දෙමින් පැවැසීය.
 කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ පැවැති නඩු විභාගයේදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් පහරවලින් බේරීමට දෑතින් හිස අල්ලා ගත් බවයි.
මතෛක් සාක්ෂි දුන් ද නේචර් හෝටල් කළමනාකාරිනී ආර්.ඩී.තරංගා පීරිස්ගේ
සාක්කිවල වැඩිදුර විභාගය ද ආරම්භ විය.
 නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස - ඔබ පසුගිය දිනක පිළිගත්තා ඔය සිද්ධි වුණේ කෙනකුට පහරදුන් නිසා කියලා.
 සාක්ෂි - එහෙමයි
  නීතිඥ - 25 දින මධ්‍යම රාත්‍රියෙන් පසුවයි මේ සිද්ධිය වුණේ
නීතිඥ - වෙනත් සුදු ජාතිකයෙක් මේ සිද්ධියට මැදිහත් වෙනවා දුටුවාද? සුදු ජාතිකයා එම පිරිසට පහර දෙනවා දුටුවාද?
  සාක්ෂි - මම දුටුවේ නැහැ
 නීතිඥ - ඒ වෙලාවේ තමන් දුටුවාද 5 විත්තිකරු එතන ඉන්නවා. රයන්ට පහර දෙද්දී.
 සාක්ෂි - නෑ. මම දුටුවේ නෑ.
 නීතිඥ - රයන්ව බේරන්න එම තැනැත්තා ඒ වෙලාවේ උත්සාහ ගත්තද
 සාක්ෂි - මම දුටුවේ නෑ.
නීතිඥ - ඔබ කීවා ඔබ නයනිවයි චෙෆ්වයි ලොන්ඩරියේ හැංගුවා කියලා.
 සාක්ෂි - ඔව්. ඊට පස්සේ මම හෝටලයෙන් පිටතට අමිත් සමග දිව්වා.
 නීතිඥ - එසේ ඉද්දී තමයි අමිත්ට දුරකථන ඇමැතුමක් ලැබුනා කීවේ. ‍පොලීසියෙන් ඇවිත් කියලා.
 සාක්ෂි - එහෙමයි.
 නීතිඥ - ඔය සිද්ධිය පටන්ගත් වෙ‍ලේ ඉඳලා කුරාම් ෂේක්ට කවුරුත් වෙඩි තියනවා දැක්කද?
 සාක්ෂි - එහෙම දුටුවේ නෑ.
නීතිඥ - කුරාම් ෂේක් තණකොළ බිස්සේ වැටිලා ඉද්දිත් කවුරුහරි වෙඩි තියෙනවා දුටුවද?
 සාක්ෂි - නැහැ.
නීතිඥ - ඔබ කීවා වික්ටෝරියාට ගහනවා දුටුවා කියලා. එය ‍පොලිස් කටඋත්තරේ නෑ.
 සාක්ෂි - මම ප්‍රකාශ කළා. මම දුටුවා ගහනවා. මම ‍පොලීසියටත් කීවා.
 නීතිඥ - ලිපියක අත්සන් කරනවානම් එයින් ඔප්පු වෙන්නේ කුමක්ද
 සාක්ෂි - උඩ තියෙන දේ ඇත්ත කියලා.
 නීතිඥ -  තමන් කියූ දෙයක් කටඋත්තරේ වාර්තා කරලා නැත්නම් ‍පොලීසිය උවමනාවෙන් වාර්තා කරලා නෑ. නැත්නම් කියලා නෑ ඒ ගැන.
 සාක්ෂි - එහෙමයි.
 නීතිඥ - කුරාම්වයි වික්ටෝරියාවයි අවසානයට දුටුවේ පිහිනුම් තටාකය අසලදීයි.
සාක්ෂි - එහෙමයි
  නීතිඥ -  වික්ටෝරියාව
දූෂණය කරනවා ඔබ දුටුවාද
 සාක්ෂි - මම දැක්කේ නෑ.
 නීතිඥ - මේ සිද්ධිය ඇරඹුණු ආකාරය ගැන සාක්ෂි දුන්නද?
 සාක්ෂි - එහෙමයි.
නීතිඥ - එදින රාත්‍රී 12 තුරුත් කලබලයක් වුණේ නැහැ නේද?
 සාක්ෂි - නැහැ කලබලයක් ඒ වන තෙක් නැහැ.
 නීතිඥ - සාදය පටන් ගන්න පෙර වික්ටෝරියා ආවාද?
 සාක්ෂි - ඔව්. ඇවිත් අපිට හරියට උදව් කළා.
 නීතිඥ - සාදය පටන් ගත්තට පසු හිටියද?
 සාක්ෂි - මගේ මතකයේ නෑ.
නීතිඥ - කුරාම් මත්පැන් බිවද?
සාක්ෂි - ඔහු මොනවා හරි බිවා මතකයි.
 නීතිඥ - ඔහු මත්පැන් පානය කළ ඉන්වොයිස් අපරාධ පරීක්ෂණයට දුන්නද?
 සාක්ෂි - ඒ ගැන මතකයක් නැහැ.
 නීතිඥ - ඔය සිද්ධිය ඇරඹුණු අයුරු පැහැදිලි කරන්න. මේ තෙවන විත්තිකරු මීට කලිනුත් ඇවිත් තියෙනවා කීවා.
 සාක්ෂි - එහෙමයි
 මා මත්පැන් අලෙවි හල අසල හිටියා. මට ආපන ශාලාවට එහා නත්තල් ගහ අසල කලබලයක ඝෝෂාවක් ඇහුණා.
නීතිඥ - දෙසැම්බර් 24 වෙද්දී කුරාම් හා වික්ටෝරියා ඇවිත් දින කිහිපයක් හිටියා නේද?
සාක්ෂි - එහෙමයි.
 නීතිඥ - ඒ දිනවල රයන් අකලංක කුරාම් හා වික්ටෝරියා සමග කතා කරනවා දුටුවද?
සාක්ෂි - නැහැ.
නීතිඥ - මෙය ‍පොර බැදීමක්ද? ගහ ගැනීමක්ද?
 සාක්ෂි - ගහ ගන්නවා දුටුවේ.
 නීතිඥ - ඔබට හා ආයතනයේ අයට වගකීමක් තියෙනවා නේද බේරන්න. ගැටුමක් වුණාම.
 සාක්ෂි - මගේ සේවකයින් කෑගැහුවා. මමයි නයනියි දෙන්නත් කෑ ගැහුවා. මගේ කාර්ය මණ්ඩලයත් ඒ අසල ඉන්න ඇති. ඒත් මගේ මතකය තියෙන්නේ නයනි අනිවාර්යයෙන් එතන සිටි බවයි.
 නීතිඥ - නත්තල් ගස ළඟනේ මෙම ගැටුම ඇරඹුණේ.
 සාක්ෂි - ඔව්.
 නීතිඥ - ඔබ ඒ අසලට යද්දී කොතනද ගහගැනීම සිදුවුණේ.
 සාක්ෂි - මම කවුන්ටරය පැත්තෙන් ඉස්සරහට යද්දී තමයි දුටුවේ.
නීතිඥ - කුරාම් ඔතනට ආවේ කොයි වෙලාවේද?
සාක්ෂි - ඉස්සරහ පැත්තේ රණ්ඩු වෙද්දී ගහගනිද්දී තමයි කුරාම් ආවේ. ආපන ශාලාවේ ඉඳලා ආවේ.
 නීතිඥ - කාමර අංක දෙකේ තාරා තාමදේව කියලා විදේශිකයෙක් ගැන මතකද?
සාක්ෂි - මට මතක නැහැ.
 නීතිඥ - ඔයට සම්බන්ධ වුණු එකම විදේශිකයා කුරාම්
 සාක්ෂි - ඔව්.
නීතිඥ - ඔබ දන්න විදිහට කුරාම්ගෙයි අකලංකගෙයි සම්බන්ධයක් දන්නේ නැද්ද?
සාක්ෂි - නෑ
නීතිඥ - කුරාම් කෙනකුට ගහනවා දුටුවද?
සාක්ෂි - ඔව්.
නීතිඥ - කාටද කියලා මතක නැද්ද?
 සාක්ෂි - එහෙම කියන්න දන්නේ නෑ.
 නීතිඥ - කුරාම් බිම වැටුනද?
 සාක්ෂි - මම හරියට කියන්න අපහසුයි.
 නීතිඥ - ඔබ කීවා නේද කුරාම්ගේ ඇඟේ ‍ලේ තිබුණේ නෑ කියලා.
සාක්ෂි - ඔව්
නීතිඥ - ඔබ තමයි කුරාම්ගේ දේහය මරණ පරීක්ෂණයේදී හඳුනාගත්තේ?
සාක්ෂි - එහෙමයි.
නීතිඥ - ඔය සිද්ධිය වෙද්දී ඔබ දුටුවද තෙවන විත්තිකරුගේ අතේ තුවක්කුවක් තියෙනවා.
 සාක්ෂි - නැහැ.
 නීතිඥ - කැඩුණු බෝතලයක් තියෙනවා දුටුවද?
 සාක්ෂි - මම දුටුවේ නැහැ.
 නීතිඥ කාලිංග ඉන්ද්‍ර තිස්සගේ සාක්ෂි අවසන් කරයි. නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතාගේ හරස් ප්‍රශ්නවලට
පිළිතුරු ලබාදෙයි.
 නීතිඥ - නත්තල් උත්සවය සංවිධානය කළේ පිටින් අය ගෙන්වා ගන්න. රාත්‍රී බුෆේ ක්‍රමයට කෑම දීලා සංගීතයක් සූදානම් කළා.
 සාක්ෂි - එහෙමයි.
නීතිඥ - එතනදී තමන් දුටුවද අමිත් මිලින්දව. ඒ කියන්නේ රයන්ට පහර දෙද්දී?
 සාක්ෂි - නෑ මම දුටුවේ නැහැ.
නීතිඥ - රයන් ඉදිරියට යනවා දුටුවද? වාහන නවාතැන් ‍පොළ පැත්තට රයන් යනවා දුටුවද? එතැන ඔහු ඉන්නවා දුටුවද?
 සාක්ෂි - නැහැ.
 නීතිඥ - වාහන නවතැන්‍පොළේදී රයන්ට පහර දෙනවා දුටුවෙත් නැද්ද?
 සාක්ෂි - නැහැ.
නීතිඥ - මියගිය සුදු ජාතිකයා හෝටලයේ දොරකඩ අසලට ගියේ තමුන් විතරද වළක්වන්න පියවර ගත්තේ.
 සාක්ෂි - මම නවත්තන්න පියවර ගත්තා.
 නීතිඥ- තමාලගේ සේවක පිරිස හා සහායිකාවයි මොහුව ඉවත් කළාම නැවත වරක් කුරාම් ආවද?
 සාක්ෂි - ඔහු ඒ පැත්තටම ගියා. ඔහු ඉවත් වෙලා ගියේ නෑ.
 නීතිඥ - තමුන්ට මතකද ඔහුව කවුරු හරි ඉවත් කරනවා.
 සාක්ෂි - නෑ. මම දුටුවේ නෑ.
නීතිඥ - ඔහු රණ්ඩුව දෙසටම ගියා මිසක් ඉවත් වුණේ නෑ.
 සාක්ෂි - ඔව් ඉවත් වුණේ නෑ.
 නීතිඥ - ඔහු ඇවිදගෙන ගියා ෆූල් එක පැත්තට.
සාක්ෂි - පස්සෙන් පස්සට ගියා.
නීතිඥ - ඒ වෙලාවේ තමන් දුරකථන ඇමැතුමක් දෙන්න ගියාද?
 සාක්ෂි - නැහැ.
 නීතිඥ - ඔබ ළඟ නයනි ගලප්පත්ති හා චෙෆ් හිටියා. ඒ වෙලාවේ චෙෆ් කීවේ මාජුවාන ගමගේ ආරියදාස කීවා දුරකථන ඇමැතුමක් දෙමු කියලා ‍පොලීසියට?
සාක්ෂි - එහෙමයි
 නීතිඥ - පිළිගැනීමේ කවුන්ටරයට යන්නේ කවුළුවකින් ඇතුළට ගිහින් සිමෙන්ති බැම්ම අසල තමයි කෝල් එකක් ගන්න වාඩි වුණේ.
 සාක්ෂි - එහෙමයි ගන්න උත්සාහ කළා. එවිට තමයි කෝල් ගත්තොත් මරණවා කීවේ. ඔහු කළු කණ්ණාඩි දෙකක් පැළඳගෙන හිටියා.
 නීතිඥ - කළු කණ්ණාඩි පුද්ගලයා ඊට කලින් දුටුවද?
සාක්ෂි - නැහැ
නීතිඥ - ඔහුගේ ඇඳුම දුටුවද?
 සාක්ෂි - සුදු ඇඳුමක් වගේ ඇඳලා හිටියේ.
නීතිඥ - හතරවන විත්තිකරු ඔබ අධිකරණයේදී හඳුනගත්තා. තුවක්කුව දික්කළේ ඔහුයි කියලා නමුත් ‍පොලීසියට දුන් කටඋත්තරේ කියලා තියෙනවා ඔහු ඇඳලා හිටියේ නිල්පාට ටී. ෂර්ට් එකක් ඇඳපු නිල්පාට කණ්ණාඩි පැළඳි කෙනෙක් කියලා.
සාක්ෂි - එහෙමයි.
  නීතිඥ -  තමුන්ට තේරෙනවා සුදුයි නිලුයි වෙනස්?
 සාක්ෂි - ඔව් එහෙමයි
 නීතිඥ - කළු කණ්ණාඩි දෙකක් පැළඳගෙන හිටියා කියලා මම අහනකම් කීවේ නැහැ.
 සාක්ෂි - නැහැ.
 නීතිඥ - එය වැදගත් නේද?
 සාක්ෂි - වෙන්න ඇති ස්වාමීනි.
 නීතිඥ - එහෙම තමයි ස්වාමීනි
 එම නීතිඥවරයාගේ සාක්ෂි අවසන් කරයි.
රජයේ නීතිඥ තුසිත් මුදලිගේ ප්‍රශ්න අසයි.
රජයේ නීතිඥ -කුරාම්ට අමතරව රයන්ට පහරදීම ගැනත් ඇහුවා?
සාක්ෂි - එහෙමයි.
නීතිඥ - ගහගන්නවා වගේ දුටුවා කියලා කීවා. ඉන් අදහස් කළේ කුමක්ද?
සාක්ෂි - කවුරුහරි කෑගහනවා දුටුවා. ඒ වගේ ගහගැනීමේ පරිසරයක තියන ස්වරූපය එතන ගහගන්නවා වගේ තමයි දුටුවේ.
නීතිඥ - නයනි එල්ලුනේ කොහේ තිබූ පුටුවේද?
සාක්ෂි - නත්තල් ගස ළඟ තිබුණු පුටුවේ.
නීතිඥ - කුරාම් ඒ අසලට ප්‍රවිශ්ට වීම ගැන ඇහුවා. ඔබ සඳහන් කළා ඔබට පුළුවන් වුණේ නෑ කියලා කුරාම්ව නවත්වන්න. ඔබගේ දැනීමේ හැටියට කුරාම් මොනවගේ දෙයක් කරන්නද හැදුවේ.
සාක්ෂි - ඇත්තටම මා කුරාම් ෂේක්ව නැවැත්තුවේ මගේ නේවාසික විදේශිකයෙක් නිසා. මගේ අවුරුදු 22 ජීවිතයේ එවැනි ප්‍රශ්න වුණේ නෑ
නීතිඥ - ඔබෙන් ප්‍රශ්න කළා වික්ටෝරියාට පිහිණුම් තටාකය අසළදී පහරදීම ගැන. ඒ පහරදුන් අය පිහිනුම් තටාකයට බැස්සද?
සාක්ෂි - පිහිනුම් තටාකය අසලදී වික්ටෝරියට උඩට එන්න නොදී පහරදුන්නා. පඩිපෙළ අසළින් සම්පූර්ණයෙන් පිහිනුම් තටාකය ඇතුළට බැස්සා.
නීතිඥ - මුලින්ම ගුටිකෑමකට ලක්වූ රයන් අද අධිකරණයට ආවද? ඔබත් සමග ඇවිත් හිටි කෙනාද?
සාක්ෂි - මම ඔහුව රයන් කියලා දන්නේ ඒ සිද්ධියෙන් පස්සේ ඊට කළින් දන්නේ නෑ.
නීතිඥ - පෙර දින දෙකේ තංගල්ල ‍පොලීසියට දුන් කටඋත්තරය ගැන ප්‍රශ්න කළා. පරස්පරතා ගැන ප්‍රශ්න කළා. ඌනතා ගැන ප්‍රශ්න කළා.
සාක්ෂි - එහෙමයි ස්වාමීනි.
නීතිඥ - 25 දින පෙ.ව. 2.10 සාක්ෂිකාරිය දුන් කටඋත්තරේ ඌනතාවයන් විත්තිය විසින් සටහන් කළා. පරස්පරතාවයන් බොහෝමයක් සලකුණු කළා. ඒ පිළිබඳ පැහැදිලිකර ගැනීමට සටහන් කරගන්න පුළුවන්. මෙම අපරාධය පිළිබඳ විස්තර පසුව ලබාදෙමි යනුවෙන් සාක්ෂිය අවසානයේ සඳහන් කරලා තියෙනවා.
ඇයගේ සාක්ෂි අවසන් කරයි. රයන් අකලංක (29) සාක්ෂියට කැඳවයි
රජයේ නීතිඥ -ඔබ කොයි රටේද රැකියාව කරන්නේ?
සාක්ෂි - ඩුබායිවල
නීතිඥ - එහි ගියේ කවදාද?
සාක්ෂි - 2012 අප්‍රේල්වල.
නීතිඥ - අධ්‍යාපන සුදුසුකම් මොනවාද?
සාක්ෂි - උසස් පෙළ දක්වා ඉගෙනගෙන තියෙනවා. පාඨමාලා හැදෑරුවා. තංගල්ල පිරිමි ජාතික පාසලෙන් ඉගෙනගත්තා. ෆොටෝ
ක්‍ෂේත්‍රයේ පාඨමාලා කළා.
නීතිඥ - ලංකාවේ ඉද්දී රැකියා කළාද?
සාක්ෂි - මගනැගුම ආයතනයේ ගබඩා පාලක හා ෆොටෝ ක්‍ෂේත්‍රයේ රැකියා කළා.
නීතිඥ - ඉන්පසුව කුමක්ද කළේ?
සාක්ෂි - රෙස්ටුරන්ට් එකක් කළා නේචර් සීක්‍රට් කියලා.
මැඩිල්ල ප්‍රදේශයේ අවුරුද්දක පමණ කලක් විදේශිකයන්ට කෑම සපයන රෙස්ටුරන්ට් එකක්.

නීතිඥ - ඔබ ආවේ තංගල්ල හෝටලයේ සිදුවුණු සිදුවීමක් ගැන සාක්ෂි දෙන්න.
සාක්ෂි - 2011/12/24 සිද්ධිය ගැන
නීතිඥ - ඔබ සාදයට ගියේ කීයටද?
සාක්ෂි - රාත්‍රී 12.00 පහුවෙලා. යතුරු පැදිය මම අයිනෙන් නැවැත්තුවා. මම අවන්හලට ගියා. සංගීතය සැපයූ (ඩී.ජේ.) අමිල මගේ යාළුවෙක්. මම එතනට යද්දී නත්තල උදාවෙලා ඉවරයි.
නීතිඥ - ඔබ හෝටලයට ගියේ මත්පැන් අරන්ද?
සාක්ෂි - හෝටලයට යද්දී මත්පැන් පානය කරලා ගියේ නෑ. මම සංගීතය සපයමින් හිටි තැනට ගිහින් හිටියේ. අසල හෝටල්වල නේවාසික විදේශිකයන් මගේ රෙස්ටුරන්ට් එකෙන් කෑම ගන්නවා. එකට කෑම කනවට වඩා වෙන තැනකට ගිහින් කෑම කන එකට ආසයිනේ විදේශිකයන්.
නීතිඥ - ඔබ ගිහින් මොකද කළේ?
සාක්ෂි - විදේශිකයන් හා දේශිකයන් සිටියා. මම හඳුනන අයට සුබ පැතුවා. මම මත්පැන් පානය කරන්න කල්පනා කළා. මම යන්න හදද්දී මගේ ඇඟේ හැප්පුන කෙනෙක් මගේ මූණට ගැහුවා. මම කොට කලිසමක් හා ටී ෂර්ට් එකක් ඇඳගෙන හිටියේ. මගේ ඇඟේ හැපුණු කෙනාට සොරි කීවා. මම හිතුණා වැරදීමක් කියලා. මම අවහන් හ‍ලේ හිටියේ. ඩී.ජේ. සංගීතය සපයන කෙනා හිටියේ මීටර් 15 එහායින්. මට අවන්හල ඇතුළේ හිටි කෙනෙක් ගැහුවාම තව දෙතුන් දෙනෙක් පහර දුන්නා. ඒ අතරින් මා එළියට පැනගත්තා. අවන්හලෙන් මුහුද පැත්තට. පහරින් ගැලවෙන්න දුවලා ගියා. ඒ පුද්ගලයෝ දිගටම ඇවිත් මට ගැහුවා.
නීතිඥ - පිහිණුම් තටාකයක් තිබුණද?
සාක්ෂි - ඔව්. ඒ අසලදිත් 4,5 දෙනෙක් මට පහර දුන්නා. මම බිම වැටිලා හිටියේ. මගේ අතේ ආයුධ තිබුණේ නෑ. මම එයාලට පහර දෙන්න උත්සාහ කළේ නෑ. 3,4 දෙනෙක් සමග ‍පොරබදන්න බැරි නිසා මට ටී 56 අවියකින් පහර දුන්නා. ඔළුවට පහර එල්ල කළා. මම අත්දෙකෙන් ඔළුව බදාගෙන හිටියා. ඔලුවටයි පහර දුන්නේ. 4,5 දෙනෙක් සිටියා. මම ඔලුව වහගෙනයි හිටියේ. කවුරු හරි ඉංග්‍රීසි භාෂාවෙන් කෑගැහුවා. විදේශිකයෙක් මාව බේරන්න උත්සාහ කළා. ඒ නිසා මට පැනගන්න ලැබුණා.
නීතිඥ - ඔබට ඉංග්‍රීසි හැකිද?
සාක්ෂි - ඔව්. පුළුවන්.
නීතිඥ - ඉංග්‍රීසි භාෂාවෙන් කෙනෙක් යමක් කියද්දී පහරදීම අඩුවුණා. විදේශිකයා මාව බේරගන්න දායක වුණා. මට පහරදීම වළක්වන්න උත්සාහ කළා. මට පහරදෙන අය අල්ලලා වැළක්වන්න උත්සාහ  වැළැක්කුවා. ඔහු ඇඳලා හිටියේ ස්කිනර් එකක්. ඒ වෙලාවේ මා අවන්හලෙන් එළියේ සිටියේ කුඩා ආලෝකයක් තිබුණා. අඳුරු ආලෝකයක් තිබුණා. ඉන්පසු මා රථගාල පැත්තට පැනගත්තා. ඒ පහරදුන් අයගෙන් දෙන්නෙක් ආවා. මම ගනේෂ් ගාඩ්න් හෝටලය දිහාට ගියා. හෝටලය පේන දුරකට ගියේ. මම ප්‍රහාරයට ලක්වෙලා හිටියේ. මට මුලින්ම පහරදුන් ස්ථානයේ ගැටුමක් දැක්කා. අර විදේශිකයා සමග රණ්ඩුවක්. ඉන්පසු මම මගේ අවන්හ‍ලේ හිටියා එළිවන තුරු. මගේ බයිසිකලය ච්ෙන් එක තිබුණේ නෑ. ඒක ගන්න ගියා. උදේ යද්දී මම දැක්කා ‍පොලීසිය ඇවිත් ඉන්නවා. උදේ තමයි මම
කළමනාකාරිනියට කතා කළේ. මගේ මූණ ඉඳිමිලා තිබුණා. වම් අතේ ඇඟිල්ලක් කැඩිලා තිබුණා. පිටේ ‍ලේ ගලන තුවාලයක් තිබුණේ නෑ. සිද්ධිය වෙද්දී විවාහවෙලා සිටියේ. මට ප්‍රහාරය එල්ල වන වෙලාවේ මම නමින් දන්න අය ගැහුවේ නෑ. දැකලා තියන අය හිටියේ නෑ.
නීතිඥ - හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී හඳුනාගත්තද?
සාක්ෂි - ඔව් එක් අයෙක් හඳුනාගත්තා. හැඩරුවින් බලලා හඳුනාගත්තා. මගේ මතකයේ හැටියට ඔහු තමයි ගැහුවේ.
නීතිඥ - මරණ පරීක්ෂණයක් තිබුණා මතකද?
සාක්ෂි - ඔව්.
රජයේ නීතිඥ - ඔබ කීවා උදේ හෝටලයට යද්දී ‍පොලීසිය ඇවිත් හිටියා කියලා?
සාක්ෂි - එහෙමයි.
නීතිඥ - තුවාලවලට ප්‍රතිකාර ගත්තද?
සාක්ෂි - එහෙමයි. මාතර රෝහ‍ලේ ප්‍රතිකාර ගත්තා. හොටෙල් එකේ අය මාතර ‍පොලිස් කාර්යාලයට ගෙනිහින් කටඋත්තර අරන්. රෝහලට ඇතුලත් කළා. දින 2ක් ප්‍රතිකාර ගත්තා. ද නේචර්ස් හෝටලයේ නග්ගාගත්තා. උදේ 6.30 හෝටලයට ඇවිත් දිගටම මාතරට ගියා. නේචර් හෝටලයේදීත් තංගල්ල ‍පොලීසියට කටඋත්තරයක් දුන්නා.
නීතිඥ - ඉන්පසු
සාක්ෂි - මාතර ‍පොලිස් කාර්යාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තර දුන්නා. ‍පොලීසියෙන් තමයි රෝහලට ඇතුළු කළේ. ඉන්පසු ගාල්ලෙන් මගේ අතට පෞද්ගලික ප්‍රතිකාර ගත්තා.
හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට සහභාගි වුණා. ගාල්ලේ ඉඳලා ආවේ. ගෙදරට දැනුම්දීලා තිබුණා. ජංගම දුරකථනයක් තිබුණා. හඳුනාගැනීම සිදුවුණේ විනිශ්චයකාරතුමන් ඉදිරියේ. සිද්ධිය සිදුවී සතියකින් පසු තමයි රෝහලට ගියේ.
නීතිඥ - මරණ පරීක්ෂණයට සාක්ෂි දුන්නද?
සාක්ෂි - එහෙම මතක නෑ.
නීතිඥ - පෙරෙට්ටුවට යාමට පෙර තංගල්ල මහේස්ත්‍රත් අධිකරණයට ගියාද?
සාක්ෂි - නැහැ. ස්වාමීනි.
නීතිඥ - 2012-12-29 තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී සාක්ෂි දුන්නා?
සාක්ෂි - හරි මතකයක් නෑ.
නීතිඥ - මරණ පරීක්ෂණයේදී තමන් සාක්ෂියක් කීවද?
සාක්ෂි - එහෙමයි
නීතිඥ - සිද්ධියේදී පහරදීපු අය හඳුනාගත්තා කීවා නේද?
සාක්ෂි - ඔව්.
නීතිඥ - බේරිලා යන්න කොපමණ වේලා ගියාද?
සාක්ෂි - විනාඩි 4ක් 5ක් පමණ.
විත්ත පාර්ශ්වය පැමිණිල්‍ලේ ප්‍රශ්නවලට විරෝධය දක්වයි.
නීතිඥ - ඔබට පහර දුන්නේ කවුද කියලා දන්නවද?
සාක්ෂි - නැහැ.
විනිසුරු - කුරාම්ට පහරදුන්නේ කවුද දන්නවද?
සාක්ෂි - නැහැ.
විනිසුරු - වික්ටෝරියාට පහරදුන්නේ කවුද දැක්කද?
සාක්ෂි - නැහැ.
නීතිඥ - හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී එක් අයෙක් හඳුනාගත්තා කීවා. ඔහු මෙහි සිටිනවාද?
සාක්ෂි - හරියටම කියන්න අමාරුයි.
නීතිඥ - තමන් ඊට අදාළව මහේස්ත්‍රාත් උසාවියේදී කීවේ ඇත්තද?
සාක්ෂි - එහෙමයි ස්වාමිනි.
රයන් අකලංක අධිකරණයෙන් එළියට යවයි.
රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥ-
ස්වාමිනී, ඔහුගේ සාක්ෂිය අත්සන කරලා තියෙනවා. ඔහු තමන්ට පහරදුන් එක් පුද්ගලයෙක් නමින් හඳුනාගත් බව කියා තියෙනවා. ඔහුට බලපෑමක් සිදුවූ බව කීවා. 2011 දෙසැ.29 දිනත් ඔහු තමන්ට පහරදුන් කෙනෙක් ගැන කීවා. අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදීත් ඔහු එසේ කළා කියනවා. ඔහු අද හඳුනාගැනීමේදී ස්ථාවර දෙකක සිටිනවා. සාක්ෂි පනතේ 154 වන වගන්තිය යටතේ විත්තියට ඇසිය හැකි ප්‍රශ්න ඇසීමට සලස්වන මෙන් ඉල්ලා සිටිනවා. රයන් අකලංක තමන්ට පහර දුන් අයෙක් ගැන ඔහුගේ තනතුරු සමග සාක්ෂි ලබාදී කියා තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධ ප්‍රශ්න කීපයක් ඇසීමට අවශ්‍යයි ස්වාමිනී.
රයන් අකලංක නැවත ගෙන්වයි.
රජයේ නීතිඥ - තමුන් ප්‍රහාරයට ලක්වූ බව කීවා. තමුන්ව බේරීමට පැමිණි විදේශිකයා මියගිය බව දැනගත්තද?
සාක්ෂි - ඔව් උදේ.
නීතිඥ - සිද්ධියේදී හඳුනාගත් කෙනෙක් ඉන්නවද? සිද්ධියෙන් පසු දැනගත්තා සම්පත්
චන්ද්‍රපුෂ්ප. මම බයිසික‍ලේ ගන්න යද්දී එහේ අය කීවා සම්පත් චන්ද්‍රපුෂ්ප මට ගැහුවේ කියලා. ඊට කළින් එක්වරක් මගේ රෙස්ටුරන්ට් එක ළඟින් යද්දී මගේ ළඟ සිටි අය කීවා අර යන්නේ සභාපතිතුමා කියලා. ඊට කලින් නමත් දැනගෙන හිටියා. හඳුනාගැනීමේ පෙරට්ටුවේදී කීවා තමයි. ඒත් හරියට දැක්කේ නෑ. වෙපන් එකෙන් ගැහුවේ මොහු කියලා දැනගත්තේ. ඔහු උස නිසයි. පහරදුන් අය ලෙස හතරවන විත්තිකරු හඳුනාගනී.
රජයේ නීතිඥ - තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී ඔබ කීවා සාක්ෂි දෙන්න කවුරුත් බල කළේ නෑ කියලා.
සාක්ෂි - එහෙමයි ස්වාමිනී
නීතිඥ - තමුන් දන්නවද සත්‍ය කියන බවට ලියුමක් අරන් තියෙනවා කියලා.
සාක්ෂි - එහෙමයි ස්වාමිනී
නීතිඥ - තමුන් විදේශ රැකියාව කරමින් සිටියදී තමයි සාක්ෂි දෙන්න ආවේ.
සාක්ෂි - ගෙදරට සිතාසියක් එවලා තිබුණා.
නීතිඥ -නැවත යන්න තියෙන්නේ කවදද?
සාක්ෂි - හෙට සවස
නීතිඥ - අධිකරණයට අසත්‍යයක් කීවොත් සිරදඬුවමක් දෙන්න පුළුවන් බව දන්නවද? එය අධිකරණයට කරන අපහාසයක් බව දන්නවද?
සාක්ෂි - එහෙමයි ස්වාමීනි
නීතිඥ - මම තමුන්ගෙන් දීර්ගව ඇහුවා. තමුන්ට පහරදුන් අය ගැන දන්නේ නෑ කියලා කීවේ?
සාක්ෂි - එහෙමයි ස්වාමිනී
නීතිඥ - 2011 දෙසැ.29 තුන්වැනි විත්තිකරු ප්‍රාදේශීය සභාවේ සභාපති කියලා දැනගෙන හිටියද?
සාක්ෂි - එහෙමයි ස්වාමිනී
නීතිඥ - තුන්වන විත්තිකරු ගහනවා දැක්කද?
සාක්ෂි - මට පස් හය දෙනෙක්ම ගැහුවා. මම ඔළුව ආරක්ෂා කරගන්න හැදුවේ.
නීතිඥ - ඔබ කටඋත්තරේ මෙහෙම කියලා තියෙනවා. ඒ ගහපු අය අතරින් මම හඳුනන්නේ සම්පත්. ඒ කියන්නේ සභාපති. ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත්
විදානපතිරණ.
සාක්ෂි - මම එහෙම කීවා.මට උදේ දැනගන්නට ලැබුණු ලෙසට.
නීතිඥ - තමුන් කීවා කියන්නේ වැරදි දෙයක්ද?
සාක්ෂි - උදේ තමයි දැනගත්තේ.
නීතිඥ - මරණ පරීක්ෂණයේදී ඇයි කීවේ නැත්තේ නිවැරදි කිරීමක් ගැන.
සාක්ෂි - මගෙන් තුන් හතර ප්‍රමාණයක් කටඋත්තර ගත්තා.
නීතිඥ - පස්සේ දැනගත්තේ සම්පත් පහරදුන්නා කියලා එය කීවාද?
සාක්ෂි - මම එහෙම කීවේ නෑ.
සාක්ෂි -  මම ජීවිත ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් තිබුණා. සිද්ධියත් සමග ‍පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මට ලබා දුන්නා.
නීතිඥ - තමුන්ගෙන් මම ඇහුවා තමුන්ට බලපෑම් තිබුණද කියලා. මගේ ජීවිත ආරක්ෂාවට දෙන්නෙක් සිටි නිසා මට හිතුනා ජීවිතයට තර්ජනයක් ඇති කියලා.
නීතිඥ - තමුන්ට අවියකින් පුටුවකින් අමතරව මොනවගෙන්ද පහර දුන්නේ?
සාක්ෂි - ලොකු මල්‍පෝච්චි දෙකකින් පහර දුන්නා.
නීතිඥ - බෝතල්වලින් සම්පත් ඇතුළු ඔහු සමග ආව අය බිම දාගෙන පහර දුන්නා කියලා ‍පොලිස් කට උත්තරේ තමුන් කියලා තියෙනවා.
සාක්ෂි - එවැනි ප්‍රකාශයක් කළා. .තමන් මාතරදී මෙහෙම කීවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
“එම පහරදුන් අයගෙන් එක් අයෙකු තංගල්ල ප්‍රාදේශීය සභාවේ සම්පත් චන්ද්‍රපුෂ්ප යන  අයයි.
සාක්ෂි - එහෙම කීවා.
නීතිඥ - පස්වන විත්තිකරු තමුන් දන්නවද?
සාක්ෂි - සහන්
නීතිඥ - තමන් දැනගෙන හිටියද?
සාක්ෂි - ඔව්
නීතිඥ - ඔහුව දන්නේ කෙසේද?
සාක්ෂි - මම ඔහුව වසර කීපයක සිට දන්නවා. පසුකාලීනව දැනගත්තා සහන් සම්පත්ගේ ‍ලේකම් තනතුරේ සිටිනවා කියලා. සිද්ධිය වී දින දෙක තුනකට පසු දැනගත්තා.
නීතිඥ - පහර දුන් පිරිස අතර 5වන විත්තිකරු හිටියද? පහර දුන් අවස්ථාවේ දැක්කද?
සාක්ෂි - සහන් මාව බේරන්න උත්සාහ කළා. සම්පත් සමග මට පහර දුන් අය අතර සහන්ද හිටියා.
නීතිඥ - පස්වන විත්තිකරු තමන්ව කාගෙන්ද බේරුවේ?
සාක්ෂි - මට පහරදුන් අයගෙන්.
නීතිඥ - මොනවගේ උත්සාහයක්ද ගත්තේ?
සාක්ෂි - ගහන්න එපා. ගහන්න එපා කීවා.
 එම නීතිඥවරයාගේ සාක්ෂි අවසන් කරයි.
නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස - 2011 දෙසැ.24 රාත්‍රී සිදුවූ සිදුවීමක් ගැන සාක්ෂි දුන්නේ?
සාක්ෂි - එහෙමයි.
නීතිඥ - ඔබ දන්නේ වෙනින් අය කියූ දේවල්.
සාක්ෂි - එහෙමයි.
නීතිඥ - තමුන්ට මේ සිද්ධිවලින් සිටි අය හඳුනගන්න බෑ කීවා.
සාක්ෂි - ඔව්.
නීතිඥ - ඔය සිද්ධිය වුණේ දෙසැ.25 අලුයම. ගහපු අය දුටුවේ නෑ කීවා?
සාක්ෂි - එහෙමයි
නීතිඥ - දැනගන්න ලැබුණු ආරංචිය උඩයි නම් කීවේ.
සාක්ෂි - එහෙම කියන්න අමාරුයි.
නීතිඥ යූ.ආර්. ද සිල්වා  - තමුන් පෙරෙට්ටුවට ගියා කීවා.
සාක්ෂි - එහෙමයි
නීතිඥ - පෙරෙට්ටු දෙකේදී හතරදෙනෙක්ව හඳුනාගෙන තියෙනවා කියලා කියනවා.
සාක්ෂි - එහෙමයි
රජයේ නීතිඥ තුසිත් මුදලිගේ - රයන් අකලංක නම් සාක්ෂිකරු පරස්පර විරෝධී සාක්ෂි දීම නිසා රිමාන්ඩ් භාරයට පත් කරන්න. නැත්නම් සුදුසු ඇපයක් මත මුදාහරින්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමිනී.
නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස - මෙහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ සත්‍යයි. මෙහිදී අධිකරණය කටයුතු කළයුත්තේ පෙනේරයක් වගේ.
නීතිඥ ජයන්ත වීරසිංහ - ඔහු රිමාන්ඩ් භාරයට ගතහොත් නඩුවේ අනෙක් සාක්ෂිකරුවනටත් එය අයහපතක් වේවී. එසේ ඉල්ලීම  සුදුසු නැහැ.
වැඩිදුර විභාගය අප්‍රේල් 30 දින පැවැත්වේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය