Powered by Blogger.

Kataragama-accident1අලුත් අවුරුද්දේ උදාවත් සමගම රටම කම්පාවන පුවත් අසන්නට ලැබුණා ජීවිතය ගෙන යෑමට සිහි කල්පනාව ප්‍රවේසම සහ අවබෝධය තිබිය යුතුයි
- නියංගොඩ විජිතසිරි මල්වතු අනුනාහිමි
එකම පවු‍ලේ මෙම පස්දෙනාගේ මරණය සිදුවන විට වාසනාවන්ත දරුවෙක් ජීවිත බේරාගෙන ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කළ නිසා මේ තොරතුරු අන් අයට දැනගන්නට ලැබුණු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක අග්ගමහා පණ්ඩිත නියංගොඩ විජිතසිරි හිමියෝ පැවැසූහ.කතරගම වන්දනාවේ යන අතරතුර දෙටගමුව වැවට වැටුණු වාහනයේ සිටි මියගිය පිරිසගේ අවමඟුල් අවස්ථාවට සහභාගි වෙමින් උන්වහන්සේ එසේ සඳහන් කළහ.
මෙම අනතුරින් මියගියේ අඹතැන්න මුල්‍ලේගම ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවු‍ලේ සරත් දාබරේ (සීයා), ලලිත් ක්‍රිෂාන්ත බණ්ඩාර (47) පියා, ශිරෝෂිකා දාබරේ (37) මව, ඉදුනි ආදිත්‍ය බණ්ඩාර (14), ඒෂණී බණ්ඩාර (11) යන දරුවන් දෙදෙනාය.
Kataragama-accident2මොවුන්ගේ අවසන් කටයුතු සිදුවන අවස්ථාවේදී ආගමික කටයුතු සිදුකළ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියෝ මෙසේද සඳහන් කළහ.
සිංහල අලුත් අවුරුද්ද උදාවත් සමග මහත් කම්පනයටත්, සංවේගයටත් පත් මෙම පුවත දැනගත් විගස රටම කම්පාවට පත්වුණා. රටම සෝසුසුම් හෙළන්නට වුණා. මෙය අදහාගත නොහැකි ඛිෙදවාචකයක්. මේ සංවේගජනක සිදුවීම අවුරුදු කාලයේ සිදුවුණු ශෝකජනක සිදුවීමක්. මෙම පිරිස සිංහල අලුත් අවුරුදු සමයේ අලුත් අවුරුදු චාරිත්‍ර සිදුකර වන්දනාමාන කරගත්තත් කිසියම් සතුටක් ලබන්නත් අරමුණින් මේ ගමන පිටත් වන්නට ඇති. කිසියම් වැරදීමකින් හෝ අහේතුක බලපෑමකින් ඒ වාහනය අනතුරට ලක්වෙලා සිදුවුණේ කුමක්ද කියා ඒ අයට හිතාගන්නටවත් බැරිවෙන්න ඇති. එම අවස්ථාවේ ඉතා වාසනාවන්ත දරුවෙක් ජීවිතය බේරාගෙන ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කළ නිසා මේ තොරතුරු අන් අයට දැනගන්නට ලැබුණා. ඒ නිසා අප සැවොම ජීවිතය අනිත්‍ය බව සිහි තබාගත යුතු වෙනවා. අප ජීවිතය ඉදිරියට ගෙන යන විට අපගේ ගමන් බිමන්, ඇවතුම් පැවතුම් පිළිබඳව කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. ඒ නිසා අප ජීවත් වන කාලය තුළ සිහිකල්පනාවෙන්, ප්‍රවේශමෙන්, අවබෝධයෙන් කටයුතු කළ යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.
Kataragama-accident3පොළොන්නරුවේ සොළොස්මස්ථානාධිපති අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික ගෙඩිගේ විහාරාධිපති වේඬරුවේ උපාලි නාහිමි.
ජීවිතයේ අප පැමිණ සිටින්නේ එක්තරා නවාතැන් පළකට, සසරේ ස්වභාවය මෙයයි. අම්මයි, තාත්තයි, දරුවන් දෙන්නයි, සීයයි එකට මැරුණ පසු ඒ දේහයන් නිවසට ගෙන එන විට කොතරම් සංවේගජනකද. එදා පටාචාර මරණ හයක් දරා සිටි අයෙක්. එදා බුදුබණ ශ්‍රවණය කර අපි ජීවිතය අවබෝධ කරගත්තා. අප සැමවිටම උපතට කැමති වෙනවා. නමුත් විපතට කැමති වන්නේ නැහැ.”
Kataragama-accident4අඹතැන්න විහාරයේ විහාරාධිපති කොහොවල ධම්මකිත්ති හිමි
“මෙම ඉඳුනි ශිෂ්‍යාව දහම් පාස‍ලේ ශිෂ්‍ය නායිකාවක්. අනෙක් දියණියද දහම් පාස‍ලේ දක්ෂ සිසුවියක්. ලබන ඉරිදා වන විට ඒ මේස දෙකයි පුටු දෙකයි දුටුවිට එය අපට ඉතා සංවේගජනක අවස්ථාවක් වනවා.”
මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙම එකම පවු‍ලේ පස්දෙනා ජීවත්ව සිටි නිවසේ සිදුවන ආගමික කටයුතුවලින් අනතුරුව අවමංගල්‍ය රථ පහකින් දේහයන් මහනුවර මහයියාව සුසාන භූමිය වෙත ගෙන එනු ලැබිය. සෝසුසුම් හෙළමින් සිය ගණන් ජනතාව මග දෙපස සිට හැඬු0ූ කඳුළු පිසදමමින් දේහයන්ට ආචාර කළහ.
මහනුවර මහාමායා බාලිකාවේ සිසුවියන් හා ගුරුවරුන්ද මහයියාව සුසාන භූමිය වෙත පැමිණ මෙම සිසුවිය් දෙදෙනාට අවසන් ගෞරව දැක්වීය. අඹතැන්න ප්‍රදේශයේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජනතාව කිසිදු ජාතිභේදයකින් තොරව මෙම අවමංගල්‍ය කටයුතු සඳහා ආධාර උපකාර කළ අතර ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියේ ආධාරයෙන් පැමිණි අයට ආහාරවලින් සංග්‍රහ කළේය.
මහනුවර මහයියාව ‍පොදු සුසාන භූමියේදී පෙරේදා (21) සවස මෙම මියගිය පස් දෙනාගේ සිරුරු තැන්පත් කළ පෙට්ටි එකම වළක එකට තැන්පත් කර මිහිදන් කළේ දහසකුත් එකක් ජනතාවගේ හදවත් කම්පා කරවමිනි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය