Powered by Blogger.

කුරුවිට ප‍්‍රාථමික විදුහලට 1 ශ්‍රේණියේ සිසුවකු ඇතුළත් කිරීම සඳහා මාපියන් පාසලට ගිය අවස්ථාවේදී එහි විදුහල්පතිනිය සිසුවා ‘කුල්ලෙ මඩුවට’ ගෙනගොස් දමන ලෙස මාපියන්ට පවසා ඇතැයි අමාත්‍ය ඩබ්.ඞී.ජේ සෙනෙවිරතන මහතා පවසයි.
‘කුල්ලේ මඩුව’ ලෙසින් හැඳින්වෙනුයේ වතුකරයේ කම්කරු කාන්තාවන් රැකියාවට යාමට පෙර සිය දරුවන් රැකබලා ගැනීම සඳහා තබන ස්ථානයයි.
අමාත්‍යවරයා මෙ බව පවසා ඇත්තේ කුරුවිට සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ය.
මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසට අධ්‍යාපන බලධාරීන් දැනුවත් කළ බව ද අමාත්‍යවරයා පවසා තිබිණ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය