Powered by Blogger.

සුපිරි බොලිවුඞ් නළු සල්මන් ඛාන්ට එරෙහිව මුම්බායි අධිකරණයේ ගොනුකර ඇති නඩුව අද යළිත් කැඳවනු ලැබුවා. ඉන්දීය වාර්තා සඳහන් කළේ 2002 වසරේදී බන්ද්‍රාප‍්‍රදේශ්හි දී පදික වේදිකාවේ සිටි පුද්ගලයෙකු සිය වාහනයට යට වී මියයාම සහ තවත් 4 දෙනෙකු තුවාල ලැබීම සම්බන්ධයෙන් මොහුට විරුද්ධව චෝදනා ගොනුකර ඇති බවයි. සල්මන් ඛාන්ට එරෙහිව මෙම නඩුව සම්බන්ධයෙන් සාක්ෂි පවතින බවයි ඉන්දීය වාර්තා කියා සිටියේ. මීට පෙර 1998 වසරේදී රාජස්ථාන් හිදී දුර්ලභ ගණයේ මුවෙකු දඩයම් කිරීමේ චෝදනාවට සල්මන් ඛාන්ට දින 3 ක සිරද`ඩුවම් නියම කර තිබෙනවා

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය