Powered by Blogger.

http://sinhala.adaderana.lk/news_images/16879670377-L.jpg
බුදු රුව සහිත පච්චයක් අත් බාහුවේ කොටා තිබීම නිසා පිටුවහල් කිරීමට ලක් වූ බ්‍රිතාන්‍ය ජාතික කත පවසා ඇත්තේ තමාද බුදු දහම අදහන කෙනෙකු නිසා එයට නිගා කිරීමේ චේතනාවක් නොතිබුණු බවයි.

නයෝමි කොලමන් නමැති මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ඇගේ දකුණු අතේ බාහුවේ නෙළුම් මලක් මත වැඩ සිටින බුද්ධ රූපයක් සහිතව පච්චයක් කොටා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරන ලදී.

කෙසේ වෙතත් බී.බී.සී පුවත් සේවය සමග එක්වෙමින් ඇය මෙසේ පවසා ඇත.

“ගුවන් තොටුපළේ නිලධාරීන්ගෙන් කිසි ප්‍රශ්නයක් වුනේ නැහැ. ටැක්සි රියදුරන් දෙදෙනෙක් සහ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියෙක් ඇවිත් කිව්වා මේක නීති විරෝධී බව. මාව පොලිසියට අරන් ගියා. උසාවියේදී මට කතා කරන්න දුන්නේ නැහැ.’ නයෝමි කොලමන් කියා සිටියාය.

'නිලධාරීන් සල්ලි ඉල්ලා සිටියා’ යනුවෙන්ද ඇය සඳහන් කළාය.

පිටුවහල් කිරීමට පෙර සඳුදා රාත්‍රිය රැඳවුම් භාරයේ තබා ගත් බව නයෝමි කොලමන් එහිදී පෙන්වා දුන්නාය.

‘මම රැඳවුම් මැදිරියේ ඉන්න කොට පොලිස් සහ රැඳවුම් නිලධාරීන් ඇවිත් කිහිහ වතාවක්ම මගේ බෑග් මලු ඇදල පරීක්ෂා කර මගෙන් සල්ලි ඉල්ලා සිටියා’ ඇය බීබීසීයට පැවසුවාය.

37 හැවිරිදි එම කාන්තාව ඉන්දියාවේ මුම්බායි සිට මෙරටට නිවාඩුවකට පැමිණ ඇති අතර මීට පෙර දෙවතාවක් ලංකාවට පැමිණි බවත් ඉන්දියාව, නේපාලය, තායිලන්තය වැනි රටවල භාවනා වැඩසටහන්වලට සහභාගී වූ බවත් තවදුරටත් කියා සිටියාය.

එසේ වුවද බුදු දහමට නිගා වන අන්දමින් බුද්ධ රූපයක් සහිතව පච්චයක් කොටා තිබීම ඇය පිටුවහල් කිරීමට හේතු වූ බව පොලිසිය පවසා තිබිණි.

මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව නෙළුම් මලක් මත වැඩ සිටින බුද්ධ රූපයක් සහිත පච්චය කොටා ගෙන ඇත්තේ අන් අයට දර්ශනය වන ස්ථානයක නිසා ඇය ශ්‍රී ලංකාවට ඇතුළුවීමෙන් විශාල මහජන කැළඹීමක්‌ ඇතිවීමට ඉඩ ඇති බව ඇය අධිකරණය වෙත ඉදිරිපත් කරමින් පොලිසිය පවසා ඇත.

ඒ අනුව ඇය ශ්‍රී ලංකාවෙන් බ්‍රිතාන්‍යයට පිටුවහල් කරන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ.

මාර්තු මාසයේ ද මෙලෙස බුද්ධ රූපයක් සහිතව පච්චයක් සමග ශ්‍රී ලංකාව ඇතුළුවීමට උත්සාහ කළ විදේශිකයෙක් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ අතර පසුගිය වර්ෂයේ දී ප්‍රංශ ජාතික සංචාරකයන් පිරිසකට බුද්ධ රූපයක් සිප ගැනීම හේතුවෙන් අත්හිටවූ සිරදඬුවම් නියම කරනු ලැබිණි.

2010 වසරේදී ලෝක ප්‍රකට ගායක එකොන්ට ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් අවලංගු කිරීමට සිදු වූයේ ද බුදු රුවක් ඉදිරිපිට ඊට අවමානයක් වන ආකාරයේ නර්තනයක් ඔහුගේ ගීතයක අඩංගු වීම නිසා බවද කිව හැකිය

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය