Powered by Blogger.

ඉන්දියාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වන මොනාස් මිවාවලාට එරට කුළී රථ රියැදුරෙකු හිරිහැර කර පහර දීමට උත්සහ කර තිබේ.
අදාළ කුළී රථ රියැදුරු ඇයගේ මෝටර් රථයට අලාභහානි කරන ආකාරය ඇය සිය ජංගම දුරකතනයේ ඇති කැමරාවෙන් වීඩියෝ කර ඇති අතර එම වීඩියෝව පොලීසියට භාර දී ඇත.
මොනාස් මිවාවලා පවසන්නේ, ඊයේ පස්වරු 1.30ට පමණ මෙය සිදුවූ බව ය.
ඇය ටෙලිනාට්‍යයක රූගත කිරීම්වලට සහභාගි වීම සඳහා යමින් සිටියදී ගොරියොන් ප්‍රදේශයේ රථවාහන බහුල මාර්ගයකදී මෙම සිදුවීම සිදුව තිබේ.
මේ සම්බන්ධයෙන් ඇය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ, අදාළ රියැදුරා ඇගේ මෝටර් රථය මාර්ග විදුලි සංඥා හෙතුවෙන් නතර කර සිටි අවස්ථාවක තමන් දෙස එක දිගට බලා සිටි බව ය.
එහිදී ඇයගේ රථයට ඉදිරියට යාමට ඉඩ නොතබා එම රියැදුරා ඇය දෙස බලා සිට තිබේ.
පසුව ඇය ඔහුගේ කුළී රථය මග හැර යාමට උත්සහ කළ අවස්ථාවේ ඇගේ මෝටර් රථය හප්පමින් ඇයට දෝෂාරෝපණය කර ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් වේ.
පසුව අදාළ රියැදුරා අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වී තිබේ.
monaz
monaz4

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය