Powered by Blogger.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් යනු නිතර තම ශරීර ශක්‌තිය වැයකරන පිරිසකි. එනිසා ඔවුන් වැයකරන ශක්‌තිය හා සමානව ශක්‌තියක්‌ ශරීරයට ලබාගත යුතුය. ඒ සඳහා ශක්‌තිජනක පාන වර්ග සහ ආහාර වර්ග අත්‍යවශ්‍ය නැත. අල බතල, මඤ්ඤොක්‌ක කඩල, කව්පි, මුං ඇට වැනි ආහාර වර්ගවලින් එම ශක්‌තිය ලබාගත හැකිය.

වර්තමානයේ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ උත්තේජක වර්ග ගැනීමට වැඩි උනන්දුවක්‌ දක්‌වති. යම් ක්‍රීඩක ක්‍රීඩිකාවක්‌ උත්තේජක ඖෂධයක්‌ භාවිත කර ඇති බව දැන ගැනීම සඳහා මීට පෙර කරනු ලබන පරීක්‍ෂාවන් මගින් දැනගත හැකිවූයේ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පරීක්‍ෂණයට මාස 1 1/2 ක පමණ පෙර ගත් උත්තේජක සම්බන්ධව පමණි. නමුත් වර්තමානයේ සිදුකරන මුත්‍රා පරීක්‍ෂණ මගින් යම් ක්‍රීඩකයෙක්‌ හෝ ක්‍රීඩිකාවක්‌ මාස 06 කට පෙර ලබාගත් උත්තේජක පිළිබඳවත් දැනගත හැකිය.

උත්තේජක ඖෂධ ගැන පවසනවිට තහනම් උත්තේජක වර්ග තිබේ. එම ඖෂධ ලැයිස්‌තුව වසරින් වසර වෙනස්‌ වේ. 2013 වසරේ නිකුත් කළ තහනම් උත්තේජක ඖෂධ ලැයිස්‌තුව 2014 වසරේදී අවලංගුය. ඒ සඳහා නව ලැයිස්‌තුවක්‌ නිකුත් කර ඇත.

"ස්‌ටෙරොයිඩ්" ගත යුතු අය

බොහෝ කාය වර්ධන ක්‍රීඩකයෝ 'ස්‌ටෙරොයිඩ්' ඖෂධ ගනු ලබති. 'ස්‌ටෙරොයිඩ්' යනු ශරීරය දුර්වල වනවිට එය මඳක්‌ ඉහළ නැංවීම සඳහා ලබාදෙන ඖෂධ වර්ගය. මේවා බොහෝවිට පිළිකා රෝගීනට සහ ස්‌වසන ආබාධ සහිත රෝගීන්ට ලබා දේ.

'ඇක්‌ටිපෙක්‌ටි' සහ 'කොරෙක්‌ස්‌' වැනි කැස්‌සට ලබාදෙන සිරප් වර්ග ගත්විට ඇතැම් දෙනා තුළ කළහකාරී හැසිරීම් මතුවේ. මෙම ඖෂධ වැඩි මාත්‍රාවක්‌ ගත්විට මෙලෙස මානසික වෙනස්‌වීම් ඇතිවේ.

උත්තේජකවල ප්‍රතිඵල

උත්තේජක ඖෂධ මගින් ක්‍රීඩකයන්ගේ ශක්‌තිය වැඩිවන්නේ නැත. ඉන් ඔවුනගේ ශරීරය විනාශ වේ.

උත්තේජක ඖෂධ නිසා කාන්තා සහ පිsරිමි හෝමෝනවල ක්‍රියාකාරිත්වය පවා වෙනස්‌වේ. එවිට ගැහැනු පිරිමි බව හඳුනාගත හැකි ශරීර ලක්‍ෂණවල වෙනස්‌කම් මතුවේ. කාන්තාවන්ගේ ලැම පිරිමියකුගේ මෙන් වර්ධනය වේ. මුහුණේ රෝම කූප හටගනී. කටහඬ ගොරෝසු වේ.

ක්‍රීඩකයිනට ගුණදායී පාන වර්ග

ක්‍රීඩකයන්ට ඉතාම ගුණදායී පාන වර්ග වනුයේ පිරිසිදු ජලය, තැඹිලි සහ ජීවනීය. විවිධ වර්ගයේ වෙළෙඳ නාමවලින් ඇති පාන වර්ග අවශ්‍ය නැත.

ක්‍රීඩා අමාත්‍යාංශයේ, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ
අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රම
සකස්‌ කළේ - රත්නපුර විශේෂ තිලකසිරි දෑල බණ්‌ඩාර
 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය