Powered by Blogger.

අතවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට සහ අනිද්දා දෙදින තුළ කොළඹ නගරයේ ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට පෙරවරු 10 සිට අනිද්දා උදැසන 8 දක්වා නුගේගොඩ, හයිලෙවල් පාරේ නුගේගොඩ හන්දියේ සිට විජේරාම හන්දිය දක්වා ජල සැපයුම අත්හිටු වීමට නියමිතය.

මීට අමතරව පිටකෝට්ටේ, ඇතුල්කෝට්ටේ, මිරිහාන, උඩහමුල්ල, විජේරාම, පාගොඩ, නාවල, මාදිවෙල, තලපත්පිටිය සහ මහරගම, බොරැුලැස්ගමුව, කැස්බෑව නගර සභා බල ප‍්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇත

හෙට රාත‍්‍රී 9 සිට අනිද්දා උදෑසන 10 දක්වා කොළඹ, මට්ටක්කුලිය, කොට හේන, මෝදර, මුතුවැල්ල, මාදම්පිටිය, මහවත්ත, ජෝර්ජ් ආර් ද සිල්වා මාවත සහ කොටුව ප‍්‍රදේශයද ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

හෙට රාත‍්‍රී 9සිට අනිද්දා අළුයම 5 දක්වාද හෝකන්දර, අරංගල හන්දියේ සිට විදුහල හන්දිය දක්වා ඊට සම්බන්ධ සියළුම අතුරුමාර්ග වල ජල සැපයුම් අත්හිටුවේ.

වානගුරු මාවත, මල්වත්ත, ශාන්ත කැතරින් වත්ත, විදුහල හන්දියේ සිට කලල්ගොඩ පාර දක්වා සියළු අතුරු මාර්ග වල ජල සැපයීම අත්හිටු වීමට නියමිතයි. මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතා පිළිබඳ කණගාටුව පළ කරන අතර අවශ්‍ය ජලය කල්තබා රැස් කර ගන්නා ලෙස ජල සම්පාද මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය