Powered by Blogger.


Amphetamineලෝකයේ මිල අධිකම කෘතිම මත්ද්‍රව්‍යයක් වන ‘ඇම්පිටමින්’ නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම්
190ක් ඉන්දියාවේ සිට රැගෙන මෙරටට පැමිණෙමින් සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොලේදි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඉරිදා(20) අත්අඩංගුවට ගෙන ඇත. එම මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකක මිල රුපියල් 10000ක්
පමණ වන බවත් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්‍ෂ 19ක් පමණ වන බවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සදහන් කරයි.
මෙම මත්ද්‍රව්‍ය ශරීරයට එන්නත් කරගන්නා මත්ද්‍රව්‍යක් බවත් රාත්‍රී සමාජ ශාලා ආශිතව වැඩි වශයෙන් අලෙවි වන බවටත් මේ වන විට තොරතුරු ලැබී තිබෙන බව උසස් පොලිස් නිළධාරියෙක් සදහන් කළේය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය