Powered by Blogger.

විනූ සිරිවර්ධන යෞවනයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය ඉකුත් 10 දා ඇගේ 22 උපන්දිනය සැමරුවා. උපන් දිනය නිසා එදින සවස ඇය ගංගාරාම පන්ස‍ලේ ලොකු පින්කමක යෙදිලා හිටියා කියලත් ආරංචි වුණ නිසාම ඒ ගැන අහලා දැනගන්නත් එක්කම රිවිර අපි විනූ එක්ක කතා කළා.
ළඟදී උපන් දිනය සැමරුවා දැක්කා
ආ... ඔව්... ඔව්...

පන්ස‍ලේ නේද උපන් දිනය සැමරුවේ
ඔව් ගංගාරාම පන්ස‍ලේ

ඇයි උපන්දින සාදයක් තියන්න හිතුවේ නැද්ද?
මම බෞද්ධයෙක්. ඉතිං පන්සල් ගිහින් ආශිර්වාද ගන්න හිතුවා. මගේ උපන් දිනය වෙනුවෙන් වැඩිහිටි නිවාසයකට දානයක් දෙන්නත් සූදානම් කරගෙන හිටියේ.

ඉතිං කවදද දානේ දුන්නේ
තාම දානේ දුන්නේ නම් නැහැ. කාලවේලාවේ ගැටලු ආව නිසා.

ඉතිං උපන් දිනේට උපන්දින සාද තියලම නැද්ද ඔයා?
මොකද නැත්තේ මගේ ගිය අවුරුද්දේ 21 උපන්දිනයට මම යාළුවෝ හැමෝටම කියලා උපන්දින සාදයක් පැවැත්වූවා.

ගොඩක් නළු නිළියෝ උපන් දින සාද පවත්වලා විනෝද වෙද්දී ඔයා පන්සල් ගියේ අනිත් අයට වඩා ඔයා වෙනස් කියලා පෙන්නන්නද?
එහෙම ‍නෙවෙයි. මම ආශිර්වාද ගන්න තමයි පන්සල් ගියේ.

කොහොම වුණත් උපන්දිනේට පන්සල් ගිහින් ෆොටෝ ටිකක් ගහලා ඒක වබේ අඩවියක පළකරම හොඳ මාකට් එකකුත් තියෙනවා තමයි?
ඇත්තටම නැහැ. මේක සංවිධානය කළෙත් මම ‍නෙවෙයි. කොහොම වුණත් මම මේ දේට සහභාගි වුණේ මට ආශිර්වාදයක් ලබාගත්න වගේ ‍පොඩි ළමයි කිහිප දෙනෙකුට ඕනකරන පාසල් උපකරණ ලබා දෙන්න.

ආ..... එහෙ නම් ඔයාට හිතිලා පන්සල් ගියා ගමනක් ‍නෙවෙයි මේක
මගේ උපන්දිනය වෙනුනේ එදා උදේ පන්සල් ගියා

කවුද ඉතිං ඔයාට ගංගාරාම පන්සල් යන්න ලෑස්ති කරලා දුන්නේ?
යෞවනේ තරු පදනම කියලා පදනමකින් තමයි. මගේ උපන්දිනයට කලින් දවසේ කෝල් කරලා කිව්වේ මෙහෙම දෙයක් සංවිධානය කරලා තියෙනවා කියලා. ඉතිං මම ෆ්‍ස්බුක් එකට දැම්මා මෙහෙම පූජාවක් තියෙනවා කියලා.

ඊට පස්සේ දන්නා තවත් ගායකයොයි හැමෝම එක්කගෙන පන්සල් ගියා. එහෙමද...
ෆොටෝ දැක්ක නම් තේරෙයි එච්චර අය ඇවිල්ලා හිටියේ නැහැ. දන්න දෙතුන් දෙනෙක්ට විතරයි මම කිව්වේ

කොහොම හරි පින්කම වෙලාවේදී පින්තූර ගන්න කෙනෙකුත් එක්කන් ගියා නේද?
නැහැ. මම එක්කන් ගිය කෙනෙක් ‍නෙවෙයි. එයානම් මේ පින්කම සංවිධානය කරපු කට්ටිය ගෙන්නපු කෙනෙක්.

ඔයා පෙම්වතියක් කියලා කටකතාවක් ගියා
කොහොමත් එහෙම කතා යන එක සාමාන්‍ය දෙයක්නේ. එහෙම කතා යන්නේ  පසුගිය කාළේ මට ආපු විවාහ යෝජනා නිසා වෙන්න ඇති.

විවාහ යෝජනා එන්නේ ක්ෂේත්‍රයේ ජනප්‍රිය අයගෙන්ද
නැහැ. එහෙම මට ක්ෂේත්‍රයේ කාගෙන්වත් විවාහ යෝජනා ඇවිත් නැහැ. මම මේ ක්ෂේත්‍රයේ කෙනෙක් එක්ක විවාහ වෙන්නෙත් නැහැ.

ඒකට හේතුව
බැන්දට පස්සේ මම හිතාගෙන ඉන්නේ මේ ක්ෂේත්‍රයෙන් ඉවත්වෙන්න ඒ නිසා මම මේ ක්ෂේත්‍රයේ කෙනෙක්ව බඳින්නේ නැහැ.

අකමැත්තට හේතුව මේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනා ආදරේදී චපල නිසා නේද?
එහෙම දෙයක් නැහැ. ඉතිං සාමාන්‍ය මිනිසුන් එහෙමනේ නළු නිළියෝ කියලා වෙනසක් නෑනේ.

බැන්දාට පස්සේ රංගන ක්ෂේත්‍රයෙන් අයින් වෙලා මොනවද කිරන්න හිතාගෙන ඉන්නේ
මම ජනමාධ්‍ය කළමනාකරණය සම්බන්ධව උපාධියක් හදාරනවා. ඉතිං ඊට පස්සේ ඒ අංශයෙන් ඉදිරියට යන්න හිතන් ඉන්නේ.

පුංචි කුමාරි හාමි කෙනෙක්ලු නේද දැන්
ආ..... ඔව්..... ඔව්... මම ඇහැළේ‍පොළ කුමාරිහාමි චිත්‍රපටයේ පුස්වැල්‍ලේ කුමාරි හාමිගේ දුවගේ චරිතය රඟපානවා

මේක ඔයාගේ පළමුවෙනි චිත්‍රපටය නේද?
ඔව්.. මීට කලිනුත් මට චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබුණා. ඒත් හිතාගෙන හිටියේ ඓතිහාසික චිත්‍රපටයකට පළමුවෙන්ම සහභාගී වෙනවා කියලා.

දැන් ඒ ආශාව ඉෂ්ට වෙන්න ඇති
ඕ...ඕව්....... ඒක නම් ඇත්ත
ඉමල්කා ගුණවර්ධන
ඡායාරූප-චමිල කරුණාරත්න
http://www.rivira.lk/edition/images/2014/04/20/vinu%20siriwardana%202.jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය