Powered by Blogger.


නැවත ප්‍රතිසංවිධානය වෙමින් සිටි එල්.ටී.ටී.ඊ යේ ප්‍රබලයින් පිරිසක් කොටුකර ගන්නට  සිදුකළ විශේෂ මෙහෙයුමක දී නැඳුන්කර්නි ප්‍රදේශයේ  අද (11) සිදු වූ වෙඩි හුවමාරුවකදී  කොටි ත්‍රස්තවාදීන් තිදෙනෙක් මියගොස් යුද හමුදා සාමාජිකයකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
මොවුන් වැටලීමට ගිය අවස්ථාවේ කොටි ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන්  යුද හමුදා සාමාජිකයා ජීවිතක්ෂයට පත් වී තිබේ.මරුමුවට පත් වී ඇත්තේ ගෝපි,තේවන් යන ත්‍රස්තවාදීන් දෙදෙනා බව හඳුනා ගෙන ඇත. අනෙක් කොටි සැකකරුවා අප්පන් බවට සැක කෙරේ. මෙම පුද්ගලයන් තිදෙනා අල්ලා ගන්නට සාර්ථක තොරතුරක් දෙන අයකුට එක් අයෙක් සඳහා රුපියල් දස ලක්ෂයක් බැගින් මුදල් තෑගි දෙන බව පොලිස්  දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළේය.
මියගිය හමුදා සාමාජිකයා මාවතගම පදිංචිකරුවෙකි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය