Powered by Blogger.

ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් කිර්යාලයේදී අද පැවති ගාල්ල දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටුවට පැමිණ සිටි ගාල්ල දිස්ත‍්‍රික් ලේකම්වරයාට පානය සදහා තබා තිබූ භූමිතෙල් දුගද හමන පානීය ජල බෝතලයක් හමුවී තිබේ.
එය පරීක්ෂණ කටයුතු සදහා වෙළද හා පාරිභොගික සෙවා නිළධාරීන් වෙත භාර දී ඇත.
මෙහිදී දිසාපතිවරයාට පානය සදහා තබා තිබූ ජල බෝතලයකන් ද භූමිතෙල් දුර්ගන්ධය හැමීම නිසා එය ද පාරිභෝගික සෙවා නිලධාරීන් වෙත භාරදීමට කටයුත කර ඇත.
මෙයට අමතරව මෙම රැුස්වීමට සහභාගීවීමට පැමිණි නිළධාරීන්ට පානය සදහා ගෙනෙන ලද තවත් භූමිතෙල් දුගද හමන පානීය ජල බෝතල් හතරක්ද සොයාගෙන ඇත.

ලෝක මිහිතල දිනය අද 
ලෝක මිහිතල දිනය අදට (22) යෙදී ඇත. 'හරිත නගර' මෙවර ලෝක මිහිතල දින තේමාව වේ. එය සැමරීම සඳහා ලොව පුරා විවිධ වැඩසටහන් හා උත්සව සංවිධාන කර තිබේ.

ලෝක මිහිතල දිනය සැමරීම සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය ප්‍රමුඛ ජාතික විද්‍යා පදනම විසින් විශේෂ වැඩසටහනක් සංවිධාන කොට තිබේ.
එම උත්සවය අද පෙ.ව. 8.30ට ජාතික විද්‍යා පදනම් ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

විෂයානුබද්ධ විද්වත් දේශන, මිහිතල දිනය හා සම්බන්ධව නිර්මාණය කෙරුණු වීඩියෝ පට ප්‍රදර්ශනය, පැන විසඳුම් හා විවිධ ප්‍රසංගයක් ඇතුළු විශේෂාංග ගණනාවක් එක්කොට ඇත.

තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ වැඩසටහන සඳහා විද්‍යාඥයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරුවරුන් හා පාසල් ළමුන් රැසක් සහභාගී වේ.

පොළොං නැටුම් පෙන්නලා පොළොං මස් කන්න දීලා 
පසුගියදා ඇමෙරිකාවේ ඇලබාමා වෙත රැස්වූ නයි නටන්නෝ විශාල පිරිසක් පොළඟුන් නැටවීමේ 54 වැනි මහා ප්‍රදර්ශනය පැවැත්වූහ. මේ සැණකෙළියට ඊස්ටන් ඩයමන්ඩ්බැක් පොළඟුන් ප්‍රධාන වශයෙන් යොදා ගන්නා අතර උන්ගේ විවිධ දස්කම් දැක්වීම්, බඩගාගෙන යෑමේ තරග හා සර්පයන්ට අදාළ අනෙකුත් විවිධ ඉසව්ද පැවැත්විණි.

මේ උළෙල අතරතුර රාත්තල් 200ක පමණ පොළඟුන් ප්‍රමාණයක් සංවිධායකයන් ආහාර පිණිස සකස් කළ බවද වාර්තා සඳහන් කරයි. මේ උත්සවයට පැමිණෙන පිරිස දිනෙන් දින වැඩිවන බව පැවැසූ උත්සවයේ සංවිධායක ‍ෙදාන් චිල්ඩ්‍රි මේ ස්ථානයේදී දෙන බදින ලද සර්ප මාංශය බොහෝ ජනප්‍රිය ආහාරයක් බවද කීවේය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය