Powered by Blogger.


arrestනිවස පිහිටි භූමියේ තිබෙන නිධානයක් ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් එම නිවසේ හිමිකරු වන හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඊට සහය දැක්වු කට්ටඩියා ලබන මස
05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් අමරසේන හෙට්ටිගේ මහතා නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වු දුෂණ මර්ධන අංශය කියා සිටියේ ලැබුනු තොරතුරක් මත උතුරු මැද පළාත් විශේෂ විමර්ශන ඒකකය
,අනුරාධපුර කුඩා නෙථම්කුලම ගල්කුලම ප්‍රදේශයේ පිහිටි නිවස වටලන විටත් හිටපු පොලිස් කොස්තාපල්වරයා සහ කට්ටඩියා යැයි කියා ගන්නා අය නිවසේ සාලයේ අතුරා තිබු ටයිල් කඩා දමා අඩි 04 ක් පමණ විශ්කම්භයෙන් යුතු වලක් සකසා ගෙන එම වල අඩි 17 1/2 ක් ගැඹුරටත් එම වලෙන් නිරත දෙසට තවත් අඩි 12 ක් උමගක් හාරා තිබු බවයි.උමග හාරාගෙන යන අවස්ථාවේ අගල් 4 ක් පමණ උස ග්‍රෑම් 400 ක් පමණ බරින් යුතු රන් පැහැයෙන් යුතු සමාධි බුද්ධ ප්‍රතිමාවක් සහ රන් පැහැති මංජුසාවක දැමු මැණිකක් හමුවී ඇති අතර එම බුදු පිළිමය සහ මැනික් ගල නිධානය හෑරූ ස්ථානයේ තබා තිබු මල්යහන මත තබා තැන්පත් කර තිබු බවද දුෂණ මර්ධන අංශය අධිකරණයට දන්වා සිටියේය.නිධානය ලබා ගන්නා අවස්ථාවේදී බිලි දී සදහා රැගෙනවිත් තිබු කුකුලෙකු ඇතුලු පුජා භාණ්ඩ තොගයක් ,කැණීම් සදහා උපයෝගි කරගත් උපකරණ රැසක් හා පස් තොගය ප්‍රවාහනය කිරීම සදහා රැගෙනවිත් තිබු ලොරියක් විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දැන්වීය. නිධන් හෑරූ බව කියන නිවස පිහිටි ස්ථානය පුරා විද්‍යා බිමක්ද යනන තහවුරු කර ගැනීම සදහා පුරා විද්‍යා වාර්ථාවක් කැදවන ලෙසත් එම ස්ථානයේ තිබි අත්අඩංගුවට ගත් බුද්ධ ප්‍රතිමාව සහ මැණික් ගල පුරා විද්‍යා වටිනාකමක් ඇත්ද යන්න තහවුරු කර ගැනීමට පුරා විද්‍යා වාර්ථාවක් කැදවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය