Powered by Blogger.


අතුරුදන් වූ මැලේසියානු MH370ගුවන් යානයේ සුන්බුන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේතිබී හමුවූ බවට ඔස්ට්‍රේලියානු මුහුදු ගවේෂණ ආයතනයක් වනඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි පිහිටි GeoResonance නමැති  ආයතනය නිකුත් කළවාර්තාවක සඳහන් වෙයි.
එම ස්ථානය මීට පෙර ගවේෂණ කළ දක්ෂිණ ඉන්දීය සාගරයේ සිට  කිලෝමීටර් 5000ක් දුරින් පිහිටා තිබේ.අදාළ මුහුදු ගවේෂණ ආයතනය පැවසුවේ, MH370 යානය සෙවීමේ කටයුතු සිය ආයතනය විසින් පසුගිය මාර්තු 10 වන දා ආරම්භ කළ බව ය.
ඔවුන් එම ගවේෂණ කටයුතු වර්ග කිලෝමීටර් 2000000ක මුහුදු ප්‍රදේශයක සිදු කර ඇත.ඔවුන් ඒ සඳහා විවිධ අධිතාක්ෂණික උපකරණ රැසක් යොදාගෙන ඇති අතර ඔවුන්ටදර්ශනය වූ සුන්බුන් කොටස් පිළිබඳව පරික්ෂණ ආරම්භ කර ඇතැයි එම සමාගම පවසයි.
මෙම සුන්බුන් MH370 යානයේ ම ඒවා වන බවට මෙතෙක් තහවුරු කර නොමැති බව ත්, ඒ සඳහා තවදුරට ත් පරීක්ෂණ පවත්වන බව ත් එම වාර්තාවේ සඳහන් වේ.කෙසේ වෙත ත්, එම සුන්බුන් බෝයිං 777 වර්ගයේ යානයක ඒවා බවට තහවුරු වී ඇතැයි අදාළ මුහුදු ගවේෂණ ආයතනය පවසයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය