Powered by Blogger.

පාකිස්තානය ලකුණු 84කින් පරාජය කරමින් 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත්විය.
ඊයේ මීර්පූර් හිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 6කට ලකුණු 166ක් රැස්කළ අතර පිළිතුරු ලෙස පාකිස්තානයට සියල්ලන් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 82 (ඕවර 17.5)ක් පමණි.
තරගයේ වීරයා වු ඩ්වේන් බ්‍රාවෝ ලකුණු 46ක් හා නායක ඩැරන් සැමී නොදැවී ලකුණු 42ක් කොදෙව් ඉනිමට එක්කළ අතර පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව වුයේ මොහොමඩ් හෆීස් වාර්තා කළ ලකුණු 19යි. පන්දු යැවීමේදී සැමුවෙල් බද්රි හා සුනිල් නරේන් කඩුලු 3 බැගින් බිඳ හෙලුහ.
ඒ අනුව ශ්‍රී ලංකා පිල හා කොදෙව් පිල අතර අවසන් පූර්ව තරගය හෙට (3)දා මීර්පූර්හි දී ප‍.ව.6.30ට පැවැත්වේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය