Powered by Blogger.


තේක්ක ගසක බැඳ හිසට දිමි ගොටු දමා තම දරුවාවට වධ හිංසා කළ බව කියන පියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මාදම්පේ පොලීසිය කියයි.ගස් බැද තිබී ඇත්තේ මාදම්පේ - පම්බල පදිංචි 07 හැවිරිදි පිරිමි දරුවෙකුවය.

පොලිස් නිලධාරීන් විසින් දරැවාව බේරා ගන්නා විටත් දරුවාගේ සිරුර පුරා දිමියන් සිට ඇත.තමන්ව ගස් බැද හිසට දිමි ගොටු දැමුවේ තම පියා බව දරුවා පොලීසිය හමුවේ පවසා ඇත.ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
තම වැඩිමහල් දරුවා පාසල් යාමට අකමැත්ත දක්වන නිසා මෙම දඩුවම ලබා දුන් බව සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත.බාල වයස්කාර දරුවෙකුව කෘර වධ හිංසාවට ලක් කිරීමේ චෝදනාව යටතේ සැකකරුට එරෙහිව අධිකරණමය ක්‍රියා මාර්ගයන් ගන්නා බව පොලීසිය කියයි.සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය