Powered by Blogger.

දිමුතුගේ ප්‍රශ්න පත්‍රයට ගාමිණී ජයලත්ගෙන් පිළිතුරු


 * ඇයි ඔයාට භූගත නළුවා කියන්නේ
 * මගේ මුල්ම රංගනය අඩි 700ක්‌ යටදී වුණ එකක්‌


මෙවර හිතමිතුරු සුළඟ හමාගියේ ප්‍රකට රංගන ශිල්පීන් දෙදෙනෙක්‌ වන ගාමිණී ජයලත් හා දිමුතු චින්තක හරහාය. දෙදෙනාම බොහොම බරසාර කාලවර්ණ දැකුළුම්කළු චරිත දෙක්‌ක නිසා මේ දෙන්නගේ පුංචි ගැලපීමකුත් තිබුණා. එහිදී දිමුතු චින්තකගේ ප්‍රශ්න වලට ගාමිණී ජයලත් මුහුණදුන්නේ මෙන්න මේ ආකාරයටය.

ගාමිණී ජයලත් කියන්නෙ පත්තරකාරයෙක්‌ද රංගන ශිල්පියෙක්‌ද එහෙමත් නැත්නම් ඉඩම් හිමි වැවිලිකරුවෙක්‌ද?

මම මුලින්ම පත්තරකාරයෙක්‌. ඒක මම කියන්නෙ බොහොම ආඩම්බරයෙන්. පස්‌සෙ මම ඉතා දුක්‌ මහන්සියෙන් ඔය ඇහුව තුන්වෙනි කාරණය සපුරාගන්නවා. හැබැයි ඔයා ඔය කියන තරම් ලොකු ඉඩම් හිමි වැවිලිකරුවෙක්‌ නොවෙයි මම. රංගන ශිල්පියෙක්‌ විදියට අමාරුවෙන් හරි හම්බකරගත්ත මුදලින් අනුරාධපුරය පැත්තෙන් පර්චස්‌ 10 ක්‌ අරගෙන පොඩ්ඩක්‌ වවන්න ගත්තා.

කලාකාරයෝ කොහොමද ඉඩම් හිමි වැවිලිකරුවො වෙන්නෙ?

ඇයි වෙන්න බැරි. කලාකරුවෝ හිඟන්නො කියන මතය මම පිළිගන්නේ නැහැ. කලාකරුවො හිඟන්නො බවට පත්වන්නෙ උපයන මුදල් කළමනාකරණය කරගන්නෙ නැති නිසා. මම නම් මගේම කියල වාහනයක්‌ ගත්තෙත්ණී පුංචි ඉඩම් කෑල්ලක්‌ ගත්තෙත් කලාවෙන් හම්බකරගත්ත මුදලින්.

ඒ වුණාට ඔයා හරිම මසුරෙක්‌ නේද?

මේ අහගන්න යාළුවා. මසුරුකමින් ඉඳල නෙමෙයි ඔය දේවල් ළඟාකර ගත්තෙ. අපිත් හොඳට කාලා බීලා දරුවන්ටත් බඩකට පිරෙන්න කන්න දීලයි මේ හැම දෙයක්‌ම කළේ.

අනුරාධපුරේට ඔය තරම් පෙම් බඳින අපි නොදන්න හේතුව මොකක්‌ද?

එහෙම නොදන්න හේතුවක්‌ කියල දෙයක්‌ නෑ.

එහෙනම් ඉතිං නුවරඑළිය පැත්තෙන් ඉඩමක්‌ ගන්න තිබුණනෙ. ඇයි හැමදේaකටම අනුරාධපුරේ තෝරා ගන්නෙ?

අනුරාධපුරේ කියන්නෙ අපේ ආරම්භයනෙ. මම අනුරාධපුරේට පෙම්බැන්දෙ පොඩි කාලෙ ඉඳන්. මම හිතන්නෙ අපි සියලුදෙනාගෙ ආත්මය තියෙන්නෙ එතන. අපි පිළියන්දල හිටියත් කොළඹ හිටියත් අනුරාධපුරේට පය ගැහුවාම තමයි අපි ඇත්තටම ජීවත් වෙනවා වගේ දැනෙන්නෙ.

මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා ඇයි ඔයාට සමහරු "භූගත නළුවා" කියල කියන්නෙ?

ආ එහෙම කියනවද? එහෙම කියනවද කියලනම් මම දන්නෙ නෑ. හැබැයි මෙහෙම සිද්ධියක්‌ තියනවා. මම මුලින්ම ටෙලිනාට්‍ය නළුවෙක්‌ බවට පත්වෙන්නෙ මුලින්ම කැමරාව මාව දකින්නෙ අඩි 700 ක්‌ පොළව යටදි නිසා එක අතකට මම පොළව යටින් බිහිවුණ ටෙලි නළුවෙක්‌ තමා. එදා අඩි 700 ක්‌ යට බෝගල මිනිරන් පතලෙ කම්කරුවෙක්‌ විදියට මම එච්. ඒ. පෙරේරාත් එක්‌ක රඟපාපු ජවනිකාව අද වගේ මතකයි. ඕක දන්න අය තමා ඔය නම යොදන්න ඇත්තෙ.

යාළුවෙක්‌ විදිහට ඇහුවොත් මුල මතකද කියල අවංකව පිළිතුරක්‌ දෙන්න පුළුවන්ද?

ඇයි බැරි. මුල නෙවෙයි හරියටම කිව්වොත් මට මුදුන් මුලම මතකයි. පිළියන්දල ඉස්‌කෝලෙ ප්‍රේමකුමාර කරුණාරත්න සර්ගෙ අඩි පාරෙ ගිහින් කලාවට ආ හැටි. මාඝාත, ඔත්තුකාරයෝ වගේ වේදිකා නාට්‍ය වලින් ප්‍රසිද්ධ වේදිකාවෙ මුල් අකුරු කියවපු හැටි මට තාම මතකයි. එදා සෙරෙප්පු කට්‌ට දෙකක්‌ දාගෙන කොළඹ පාරවල් වල කට්‌ටකාගෙන ඇවිදන් ගිහින් අද ඒ පාරවල්වලම කාර් එකකින් යනකොට ඇත්තටම ඒ අතීතය මතක්‌ වෙනවා.

ඔයාට චරිත ලැබෙන්නෙ පත්තරකාරයෙක්‌ වුණ නිසාද නැත්නම් ඔය ඇඟ නිසාද?

ඒ දෙකම නිසා නෙමෙයි. මම පත්තරකාරයෙක්‌ වෙන්න ඉස්‌සෙල්ලයි නළුවෙක්‌ වෙන්නෙ. අනික මම ආඩම්බරයෙන් කියන්නෙ ගාමිණී ජයලත් කියන්නෙ දැන් මිලක්‌ තියෙන නළුවෙක්‌. මට රඟපාන්න බැරිනම් මිලක්‌ නියම වෙයිද?

ඔයා ගොඩ ඉඳන් පීනන්න හරි දක්‍ෂයි නේද?

එහෙමද හිතන්නෙ. මහ ලොකු දේවල් කරගන්න බැරි වුණාට ගිලෙන්නෙ නැතිව මට වතුර උඩ ඉන්න පුළුවන් හරිද?

ඒ වුණාට වතුරට බයයි නේද?

වැව්වල නාන්න බයයි. මොකද ගිලෙන්නෙ නැතිව වතුරෙ ඉන්න පුළුවන් වුණාට මට පීනල කාවවත් බේරගන්න බෑ. ගෙදර අය වැවක නාන්න යමු කිව්වම බොරුවක්‌ කියල ෂේප් වෙන්නෙ ඒකයි.

කලාවෙදි නෙවෙයි, කලාවෙන් පිටතදි දැකපු සුන්දරම ඔයාගෙ හිත ගිය යුවතිය කවුද?

සුන්දරම යුවතිය විදියට දැක්‌ක කෙනා එක්‌ක තමයිණී මම විවාහවෙලා ඉන්නෙ. එහෙම කිව්වෙ එහෙම නොකිය ගෙදර යන්න ලැබෙන්නෙ නැතිවෙයි කියල බයට නම් නෙවෙය. ඒක තමයි ඇත්ත.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය