Powered by Blogger.

නීති විරෝධී ලෙස බලපත්‍ර නොමැතිව වෙළෙඳසලක පෙට්රල් අලෙවි කළ පුද්ගලයකුට බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රුපියල් දෙදහස් පන්සීයක දඩයක් නියම කෙරිණි.

මෙලෙස දඩ නියම වූයේ බදුල්ල අන්දෙණිය ප්‍රදේශයේ වෙළෙද ව්‍යාපාරිකයකු වන ආර්.ඒ. ධනපාල නමැත්තකුටය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ බදුල්ල පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කීවේ සැකකරුට අයත් වෙළෙඳසලේදී පෙට්රල් ඩ්‍රෑම් අටක් නීති විරෝධී ලෙස බලපත් නොමැතිව පුද්ගලයකුට අලෙවි කළ අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ බදුල්ල මහෙස්ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශනී ද සිල්වා මෙනෙවිය සැකකරුට රුපියල් දෙදහස් පන්සීයක දඩයක් නියම කළාය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය