Powered by Blogger.

බිරිඳගේ ගෞරවයට වඩා සැමියාගේ ජීවිතය වටිනවා බිරිඳ ලිංගික අපචාරයකට ලක්වීම සොරකු විසින් මුදල් පැහැරගැනීමට සමාන බව ඊජිප්තු ඉස්ලාමික පූජකවරයෙකු විසින් පවසා තිබේ.
ඔහු පවසා ඇත්තේ එනයින් මුදල් නැතිවීමට වඩා ජීවිතය බේරාගැනීම වැදගත් නිසා සැමියා බිරිඳ ආරක්ෂා කිරීම සඳහා සිය ජීවිතය අනතුරේ නොහෙළිය යුතු බවයි.
මේ සම්බන්ධව යසර් බුර්හාමි නම් පූජකවරයා විසින් ඉස්ලාමික ෆැට්වා නීතියක් පණවා ඇතැයිද වාර්තා වේ.
ඔහු ඊජිප්තුවේ උග‍්‍ර කන්සර්වේටිව්වාදී නූර් පක්ෂයේ ආගමික අංශයේ උප සභාපතිවරයාද වේ.
මෙම ෆැට්වා නීතිය පිළිබඳව වෙනත් ඉස්ලාමික අංශවලින් දැඩි විවේචනයක් එල්ල වී ඇති අතර කයිරෝහි ආගමික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරියෙකු වන අසායීඞ් මොහොමඞ් අලි පවසා ඇත්තේ සිරගත කළද මරණයට මුහුණ දුන්නද තම ගෞරවය ආරක්ෂා කරගැනීමට මුස්ලිම්වරයෙකු කටයුතු කළ යුතු ලෙසම බිරිඳ ආරක්ෂා කරගැනීම සඳහා ජීවිතය පරිත්‍යාග කිරීම ආගමික වගකීමක් බවයි.
මෙම ෆැට්වා නීතිය ඉස්ලාමික ෂරියා නීතියට පටහැනි බව අල් අසාර් ෆැට්වා කමිටුවේ හිටපු ප‍්‍රධානි ෂික් අලි අබු අල් හසන් විසින්ද පවසා තිබේ.
මෙම විවේචනයන්ට පිළිතුරු වශයෙන් බුර්හාමි පූජකවරයා යළි පවසා ඇත්තේ තමන්ට අවශ්‍ය වූයේ බිරිඳගේ ගෞරවය ආරක්ෂා කිරීම වගකීමක් නොවන බව පැවසීමට බවයි.
කෙසේවෙතත් ඊජිප්තුවේ ආගමික උරුමයන් අමාත්‍යාංශය විසින් යසර් බුර්හාමිට කිසිදු ඉස්ලාමික දේවස්ථානයක අනුශාසනා කිරීම තහනම් කර ඇතැයිද වාර්තා වේ.
 
 
ගුරුවරයා සිසුවාගේ කණ පලයි.. අත්අඩංගුවේ
ගුරුවරයා සිසුවාගේ කණ පලයි.. අත්අඩංගුවේ සිසුවකුගේ කණ පැලෙන්නට පහර දුන් අම්පාර ඞී.එස්. සේනානායක ජාතික පාසලේ ගුරුවරයෙකු පොලීසියේ කාන්තා හා ළමා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම විදුහලේ උසස් පෙළ සිසුවෙක් මෙසේ පහර කෑමට ලක්ව ඇති අතර ඉන් ඇතිවූ කනේ ඇති වූ ආබාධයට සිසුවා දින පහක් රෝහල්ගත වී සිට ඇත.
පසුව කන පරීක්ෂා කිරීමේ දී ශ‍්‍රවණ තත්වය 60% ක් දක්වා අඩු වී ඇති බවට වෛද්‍යවරුන් නිකුත් කර තිබූ වාර්තා සැලකිල්ලට ගැනීමෙන් ගුරුවරයා අත් අඩංගුවට ගෙන ඇත.
අදාල සිසුවා තවත් සිසුන් කිහිප දෙනෙකු සමඟ, සැකකාර ගුරුවරයාගේ නිල නිවස ආසන්නයේ පේර ගසකින් පේර කඩා ඇති බවත්, ඒ අවස්ථාවේ සිසුන්ගේ කෑ ගැසීමෙන් තම දරුවා ඇහැරුණේ යැයි පවසමින් අදාළ ගුරුවරයා සිසුවාගේ කනට පහර දී ඇති බවත් සිසුවාගේ මවුපියන් පොලීසියට පැමිණිලි කර තිබේ.
 
කෝටි හතරක EPF මුදල් දමා ටැබ්ලට් පරිඝණක 400ක් අරන්
කෝටි හතරක EPF මුදල් දමා ටැබ්ලට් පරිඝණක 400ක් අරන් රජයේ ඊ ප‍්‍රතිපත්තිි කි‍්‍රයාවට නැංවීම සඳහා යයි කියමින් කම්කරු දෙපාර්තමේන්තුව විසින් රුපියල් සේවක අර්ථසාධක අරමුදලෙන් කෝටි හතරක මුදලක් වියදම් කර ටැබ්ලට් පරිගණක යන්ත‍්‍ර 400ක් මිලදී ගෙන ඇතැයි වෘත්තීය සමිති චෝදනා කරයි.
මේ කිසිදු පරිහරණයකින් තොරව මේ වනවිට මාස තුනක් තිස්සේ ගබඩාවක ගොඩගසා ඇති අතර ඊට ඇති වගකීමේ කාලසීමාව ඉක්ම යාමට ළගා වෙමින් පවතින බවත් රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය පවසයි.
කම්කරු නිලධාරීන්ගේ පරිහරණය සදහා යැයි පවසමින් මේවා මිලදී ගෙන තිබුණද නමුත් මිලදී ගැනීම් සිදු කිරීමට පෙර ඒ පිළිබදව එම නිලධාරීන්ගේ අවශ්‍යතා ගැන කිසිදු විමසීමක් සිදු කොට නැති බවත් මෙම එහි සභාපති අයි.සී ගමගේ මහතා සඳහන් කරයි.
 
‘ජාතියේ මහා පහන් ටැඹ’ ලංකාවේ වටිනාම වෙළඳ නාමය වේ..
‘ජාතියේ මහා පහන් ටැඹ’ ලංකාවේ වටිනාම වෙළඳ නාමය වේ.. මෙරට අංක එකේ වෙළඳ සන්නාමය ලෙස ‘ලංකා බැංකුව’ යළිත් නම් කර තිබේ. බ‍්‍රෑන්ඞ් ෆිනෑන්ස් නෙට්වර්ක් (UK) හි උප සමාගමක් වන බ‍්‍රෑන්ඞ් ෆිනෑන්ස් ලංකා විසින් මෙසේ නම් කර ඇත.
‘ජාතියේ මහා පහන් ටැඹ’ යනුවෙන් තමන්ව හදුන්වා දෙන රජයට අයත් මෙම මුල්‍ය සේවා සපයන දැවැන්තයා ඉහළම ස්ථානයේ වැජඹෙමින් අඛණ්ඩව වසර පහක් පුරා තමන්ගේම වාර්තාව තවත් ඉහළ නංවමින් වසර හයක් අඛණ්ඩව දිවයිනේ අංක 1 සන්නම් නාමය බවට පත්වූ එකම ව්‍යාපාරය වීමෙන් වාර්තාවක් තබා ඇත.
2013 වසරේදී පැවති ලංකා බැංකුවෙහි සන්නම් නාම වටිනාකම වූ රු.බිලියන 25.15 සිට 2014දී රු.බිලියන 30.83 දක්වා කැපී පෙනෙන ලෙස පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.
 
ගුරුවරුන්ට වැඩපිළිවෙලක් හදනවා
ගුරුවරුන්ට වැඩපිළිවෙලක් හදනවා ගුරුවරු ජාතික පාසල් වලින් පළාත් සභා පාසල් වලට එන්නත් පළාත් සභා පාසල් වලින් ජාතික පාසල් වලට එන්නත් අපි වැඩ පිළිවෙලක් සකස් කරණවා. එදා ගණිතය සහ විද්‍යාවෙන් කරන්න බැරිවුණ ක්‍රියාකාරකම් අද මේ පාසල් වල ක්‍රියාත්මක වෙනවා. තව අවුරුද්දක් යනකොට මේ මහින්දෝදය පාසල් පළාතේ ඉතාම දියුණු පාසල් බවට පත් වෙනවා යැයි වයඹ ප්‍රධාන අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මැතිතුමා පැවසීය.
අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ පාදෙණිය සුනන්ද මහා විද්‍යාලය,වාරියපොළ ඉසිපතන මාධ්‍ය මහා විද්‍යාලයේ සහ කැකුනගොල්ල මුස්ලිම් මහා විද්‍යාල වලදී පැවතුණු මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර විවෘත කිරීමේ උත්සවයන්ට සහභාගී වෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.
‘වාරියපොළ ආසනයේ විතරක් නෙමෙයි කුරුණෑගල, කුලියාපිටිය වගේ ආසනවලටත් මහින්දෝදය විදුහල් අපි අද භාර කළා.අද අධ්‍යාපනය නව නැම්මකට යොමු කරලා තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමන්. අද 52% ක් හදාරන්නේ කලා උපාධිය. කලා උපාධිය අරගෙන එලියට එනකොට රැකියා සෙවීමේ ගැටළු ඇතිවෙනවා. අද සමහර කලා උපාධිදාරීන් ගණිතය, වාණිජ විෂයන් උගන්වන තැනට පත් වෙලා තියනවා. රටේ අධ්‍යාපනයත් එක්ක තමයි ආර්ථිකය දියුණු වෙන්නේ. තමන්ගේ ජීවනෝපායන් ගැන බලනකොට කලා උපධිදාරීන්ට තමන්ගේ ජීවිතයේ ඉහලට යාම හිරවෙලා තියනවා.අද ඉංජිනේරුවරුන්ට විශාල වශයෙන් පුරප්පාඩු තියනවා. නමුත් අයදුම් කරන අය අඩුයි. මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළු මේ විදියට බලපාලා තියෙද්දී අතිගරු ජනාධිපතිතුමා මහින්දෝදය විද්‍යාගාර සහිත පාසල් 1000 ක් බිහි කළා. එමගින් ප්‍රාථමික සහ ද්විතියික පාසල් ජාලයක් ඇතිවෙලා තියනවා.
ඒ වගේම මෙම පාසල් ළමා මිතුරු පාසල් ලෙස අපි හඳුන්වනවා.වයඹ පළාතේ මෙම පාසල් 127 ක් හැදෙනවා. අපිට සාමාන්‍යයෙන් ආසනයකට දුන්නේ පාසල් 3 යි. නාවින්න ඇමතිතුමා අපිට පාසල් 6 ක් ලබා ගත්තා. ඒක තමයි එතුමාගේ දක්ෂතාවය. ප්‍රාථමික අධ්‍යාපනය ලංකාවේ පළවෙනි තැනට තියෙන්නේ වයඹ පළාත. ද්විතියික අධ්‍යාපනයෙන් බස්නාහිරට වඩා අපි දශම 4 ක් පහලින් ඉන්නේ. විද්‍යාව, ගණිතය වැඩියෙන් හදාරණ සිසුන් බිහි වුනාම අපිට ද්විතියික අධ්‍යාපනයෙනුත් වයඹ පලවෙනි තැනට ගේන්න පුළුවන්. මම විපක්ෂයේ ඉද්දිත් දැනුත් දකින්නේ එකම දේ. දරුවන්ට හොඳ ප්‍රතිඵල තියනවා. හැබැයි සම්මුඛ පරීක්ෂණයකට ගියාම හිරවෙනවා. ඒ පරීක්ෂණය කරන්නේ ඉංග්‍රීසියෙන්. ඒ නිසා අපේ කොට්ඨාෂ 31 කට 1 බැගින් ඉංග්‍රීසි පාසල් ඇතිකරනවා. ඉස්සර ගුරු විවේකාගාර තිබුණා. දැන් එහෙම නෑ. අපි වයඹ පළාතේ සම්පූර්ණ තාක්ෂණය යටතේ ගුරු විවේකාගාර හදනවා. ඒ වගේම 5 ශිෂ්‍යත්වය, සා . පෙළ , උ. පෙළ පදනම් කරගෙන විශාල වැඩකොටසක් කරණවා. අපි ජනාධිපතිතුමාගේ මග පෙන්වීමෙන් අවශ්‍ය කරණ ගුරුවරු ලබා ගන්නවා. ඒ වගේම දෙමළ මාධ්‍ය සඳහාත් ගුරුවරු ලබාගන්නවා.ජාතික පාසල්වල අතිරික්ත ගුරුවරු 227 ක් ඉන්නවා. ඒ නිසා ගුරුවරු ජාතික පාසල් වලින් පළාත් සභා පාසල් වලට එන්නත් පළාත් සභා පාසල් වලින් ජාතික පාසල් වලට එන්නත් අපි වැඩ පිළිවෙලක් සකස් කරණවා. එදා ගණිතය සහ විද්‍යාවෙන් කරන්න බැරිවුණ ක්‍රියාකාරකම් අද මේ පාසල් වල ක්‍රියාත්මක වෙනවා. තව අවුරුද්දක් යනකොට මේ මහින්දෝදය පාසල් පළාතේ ඉතාම දියුණු පාසල් බවට පත් වෙනවා. ඒ සඳහා කැප වෙලා වැඩ කරන්න’
- NWP Media
 
සිරිපාදය සංචාරක කලාපයක් බවට…?
සිරිපාදය සංචාරක කලාපයක් බවට…? නල්ලතන්නියේ සිට ඉදිකටුපාන දක්‌වා වූ ශ‍්‍රීපාද ගමන් මාර්ගයේ අක්‌කර 99 ක ප්‍රදේශයක්‌ පූජා භූමියක්‌ ලෙස ප්‍රකාශයට පත්කිරීමට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත්ව ඇති බවත් ඒ හරහා එම ප‍්‍රදේශය සංචාරක කලාපයක්‌ බවට පත්කිරීමට රජය සැලසුම් කර ඇති බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්‌ථානය චෝදනා කරයි.
එම මධ්‍යස්ථානයේ ප‍්‍රධානී රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසන්නේ අභය භූමියක්‌ ලෙස ප්‍රකාශිත ශ්‍රීපාද අඩවියේ පූජා භූමියක්‌ ලෙස වෙනස්‌ කළහොත් එහි ස්‌ථිර ගොඩනැඟිලි ඇතුළු ඉදිකිරීම් කළ හැකි බවත් ඒ අනුව සංචාරක කලාපයක්‌ කිරීමේ මූලික කටයුතු ආරම්භ වනු ඇති බවත්ය.
විරෝධතා මත පසුගියදා හකුළා ගනු ලැබූ කේබල් කාර් ව්‍යාපෘතිය නැවත නව ආරකින් මේ හරහා ක‍්‍රියාත්මක කරනු ඇති බවත් කී ඒ මහතා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙම කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කර ඇතැයිද සඳහන් කරයි.


14 හැවිරිදි අමෙරිකානු දැරියක් තව ත් දැරියක වෙඩි තබා ඝාතනය කරයි

14 හැවිරිදි අමෙරිකානු දැරියක් තව ත් දැරියක වෙඩි තබා ඝාතනය කරයි

14 හැවිරිදි දැරියක් එම වයසේ ම පසු වූ තව ත් දැරියක වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් අමෙරිකාවෙන් වාර්තා වේ.  
පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ප්‍රේම සම්බන්ධතාවක් මුල් කරගෙන මෙම ඝාතනය සිදුවන්නට ඇති බව ය.
එන්ඩියා මාර්ටින් නම් අදාළ දැරිය වෙඩි ප්‍රහාරයට ලක් ව ඇත්තේ, පාසලේ සිට  නිවස කරා යමින් සිටිය දී ය.
නිවස කරා යන ගමනේදී එම දැරිය සහ තව ත් තරුණ කණ්ඩායමක් අතර වචන හුවමාරුවක් සිදු ව ඇති අතර එහි සිටි ගැහැනු ළම‍යෙක් එකවර ම තුවක්කුවක් ඇද වෙඩි තැබීමට පටන් ගෙන තිබේ.
එහිදී එන්ඩියාගේ සිරුරේ පිටුපස ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර පසුව ඇය රෝහල්ගත කර තිබේ.
ඇය ජීවිතක්ෂයට පත් ව ඇත්තේ, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ය.
මෙහිදී  ඇය සමග සිටි 16 හැවිරිදි තව ත් දැරියකට ද වෙඩි වැදී ඇති අතර ‍ ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් බලධාරීන් පවසා තිබේ.
මිය ගිය දැරියගේ පවුලේ සාමාජිකයින් පවසා ඇත්තේ, ‍ෆේස්බුක් ඔස්සේ මෙම ව්‍යසනයේ මූලාරම්භය සිදු වන්නට ඇති බව ය.
කෙසේ වෙතත් ‍සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන ‍පොලීසිය ඒ බව තහවුරු කර ‍නොමැත.
ඝාතනයට සම්බන්ධ සැකකාරිය බාල වයස්කාරියක බැවින් පොලීසිය ඇයගේ නම හෙළි කර නොමැත.
වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකාරියගේ මාමා බව කියන 24 හැවිරිදි පුද්ගලයෙකු සහ 17 හැවිරිදි පිරිමි ළමයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
සිය දියණිය යහපත් දැරියක බව ත් ඇය උසස් අධ්‍යාපනයෙන් පසු නාවික හමුදාවට බැදීමේ ආශා‍වෙන් පසු වූ බව ත් ඝාතනයට ලක් වූ එන්ඩියාගේ දෙමව්පියන් විදෙස් මාධ්‍යට පවසා තිබේ.

 


 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය