Powered by Blogger.

http://www.mawbima.lk/ct-admin/images/news/55969_1.jpg
නෙතූට දැන් හරි ගිහින්ද?
ඔව් හරි ගිහින්නේ...

රූපවාහිනියේ වෙනදාට වඩා මූණ පේන නිසා, මඟ තොටේදී අඳුනාගන්න අය වෙනදාට වඩා වැඩි නිසා, වැඩ වැඩි නිසා අතමිටත් සරු හින්දාද හරි ගියා කියන්නේ...?
ඔය කාරණා හැම දේම ඇත්ත. නිළියක් විදියට ස්ථාවරත්වයක් දැන් ගොඩනඟා ගෙන යන්නේ. ජනප්‍රියත්වය, ප්‍රේක්ෂකයාගේ ආදරය හෙමින් හෙමින් එකතු වෙනවා. ඒ නිසා දැන් හරි ගිහින් කියලා කටක් ඇරලා කියන්න පුළුවන්.

ඒ කියන්නේ නිළියක් වුණාට පස්සෙයි නෙතූට හරි ගියේ...?
සමහර විට මම කරපු රැකියාව දිගටම කළා නම් උසස් වීම් ලැබිලා හරියන්නත් තිබුණා. ඒත් නිළියක් වුණා කියලත් වැරැදුණේ නෑ...

ඒත් නිළියක් වුණා කියලා හැමෝටම හරියන්නේ නෑ...?
ඇත්ත වැරැදුණු අය ඕනෑ තරම් ඉන්නවා. ඒත් හැමෝටම වැරැදෙන්නේ නෑ...

සමහරුන්ට හරි යන්නයි තවත් සමහරුන්ට වරදින්නයි හේතුව මොකක්ද?
ඒක වෙලාව තමයි. තමන් යන ගමන ගැන අවබෝධයක් තියෙනවා නම් යන මාවත හරිනම් වැරැදෙන්නෙත් නෑ.

පුංචි කාලෙ හීන දැක්කෙත් නිළියක් වෙන්නද?
මම කලාවට හුඟාක් කැමැතියි. පුංචි කැමැත්තක් හීනයක් තිබුණා... හැබැයි ඒ හීනේ හැබෑ කරගන්න පුළුවන් වෙයි කියලා හිතුවෙ නෑ...

ගමෙන් කොළඹට ආවේ හීන හැබෑ කරගන්නද?
ඔව්.... මම මුලින්ම කොළඹට ආවේ සිරස කුමරිය තරගයට.

නමුත් කිරුළ අහිමි වුණා උත්සාහය වැරැදුණා...?
කිරුළ අහිමි වුණ බව ඇත්ත. ඒත් මගේ හීනවලට අඩිතාලම වැටුණේ එතැනින්.

ජනප්‍රිය වෙන්න ලේසි වුණේ නෑ නේද?
වටිනා දේවල් ලේසියෙන් ලබාගන්න බෑනේ... ජනප්‍රියත්වයත් ඒ වගේ. මට මුලින්ම ලැබුණේ වෙළෙඳ දැන්වීම්, ර්භඵඪජ ඍඪඤඥධ ඊට පස්සේ තමයි ටෙලි නාට්‍ය, චිත්‍රපට ලැබුණේ. තාමත් මගේ ගමන හෙමින්...

පාසල් කාලේ මොනවගේ චරිතයක්ද?
මෙහෙම හිටියට ඒ කාලේ මම හොඳ බ්‍රයිට් කේස් එකක්. සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වුණා... උසස් පෙළත් එහෙමයි.

ඉගෙන ගත්ත දෙයින් හරිහමන් ප්‍රයෝජනයක් ගත්තා කියලා හිතනවාද?
විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබලත් මම කැම්පස් ගියේ නෑ...

ඒ කියන්නේ අධ්‍යාපනයට ලොකු වැරැද්දක් කරගත්තා...?
තාමත් හුඟක් අය ඔහොම කියනවා... ඒ කියනකොට නම් මට හිතෙනවා මම වැරැද්දක් කර ගත්තද කියලා. ඒත් ඉගෙන ගෙනත් උගත්කමට ගැළපෙන හරිහමන් රස්සාවක් නැතිව දුක් විඳිනවාට වඩා තමන් කැමැති දෙයක් කරන එක හොඳයිනේ... කැම්පස් නොගියා කියලා මට වැරැදුණේ නෑනේ.

සරසවි අධ්‍යාපනයට පයින් ගැහුවේ නිළි හීනේ නිසාද?
නෑ... රස්සාවකට හිත වැටුණු නිසා. මට පෞද්ගලික දුරකතන සමාගමක රැකියාවක් ලැබුණනේ.

නිළියක් විතරක් නෙවෙයි ව්‍යාපාරිකාවකුත් කියලා ආරංචියි?
ඔව්... පුංචි ව්‍යාපාරයක් කරනවා.

ව්‍යාපාරිකාවක් වෙන්න හිතුවේ කවදා හරි රංගනයෙන් වැඩ වරදී කියලද?
පුළුවන් කාලේ කරන්න පුළුවන් දේ කළාට කමක් නෑනේ... රංගන ජීවිතේට නම් කොහෙත්ම වැරැද්දක් කරගන්න අදහසක් නෑ... දවසින් දවස රංගනයෙන් දියුණුවක් තමයි අපේක්ෂා කරන්නේ.

ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී වැරැදුණ තැන් වැඩිද හරිගිය තැන් වැඩිද?
වැඩිපුර තියෙන්නේ හරිගිය තැන්... වැරැදුණු තැනුත් නැත්තෙම නෑ..

ප්‍රේමයේදීත් වැරැදුණානේ?
ඔව්... අවස්ථා දෙකකදීම වැරදුණා... වැරදි කෙනෙක්ටයි මම ආදරේ කරලා තියෙන්නේ...

දැන් ඒ වැරැද්ද හදාගෙනද?
දැන් මම හදිස්සි වෙන්නේ නෑ... හොඳට හිතලා හොඳ තීරණයක් ගන්න ඕනෑ...

තාම පෙම්වතියක් නෙවෙයිද?
තව ටික දවසකින්ම ඔය ප්‍රශ්නට උත්තර දෙන්නම්.


හිමේෂා සවන්තී රාජපක්ෂ
ඡායාරූප අසන්ත ගමආරච්චි

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය