Powered by Blogger.

ඔහුගේ එකම සිහිනය වූයේ ක්‍රීඩාවෙන් දිගු ගමනක් යෑමටය. නමුත් ඔහුගේ එම සිහිනය බිඳ දමමින් ඔහු නිරූපණයට යොමු වන්නේ අහම්බයෙනි. නිරූපණ ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක් වන ඔහු නමින් දිනෙත්ද සිල්වාය. මේ ඔහු සමග කළ සුහද පිළිසඳරකි.
දිනෙත් මේ දිනවල කාර්යබහුලද?
නිරූපණයට අමතරව මේ දිනවල මම නිවේදන කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම චිත්‍රපට දෙකකට ආරාධනා ලැබුණා.  ඒ ආරාධනා පිළිගත්තා. ඒ වැඩකටයුතු ඉදිරියේ දී සිදුවෙනවා. ඒ නිසා ටිකක් කාර්ය බහුලයි.

 ඔබ රංගනයට මුලින්ම පිවිසෙන්නේ රිදී තිරයට. නවකයෙක් හැටියට ඒ අවස්ථාව ඔබට අභියෝගයක් නේද?
ඔව් අභියෝගයක්. ඇත්තටම පුංචි කා‍ලේ ඉඳලා මම හීන දැක්කේ සිනමා නළුවෙක් වෙන්න. ඒ හීනය මේ හරහා සැබෑ වුණා. ඒක අභියෝගයක් විදියට දකින්නේ ඒ නිසයි. ඒ වගේම ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. රිදී තිරයට වගේම මේ දිනවල පුංචි තිරයට රංගනයෙන් දායක වෙන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා.

නිරූපණය කියන්නේ එක වෘත්තියක්. රංගනය කියන්නේ තවත් වෘත්තියක්. වෘත්තීන් දෙකක වැඩ කරන එක අපහසු නැද්ද?
නිරූපණය කියන්නේ පෙනී සිටීමක් විතරයි. ඒත් රංගනය කියන්නේ අසීරු දෙයක්. ඒ හැම දෙයක්ම අපි නිවැරදිව කරන්න ඕන. රංගනය අධ්‍යයනය කරන්න ඕන වෘත්තියක්. කැමරාව ඉදිරියේ නිකම්ම දෙබස් කියන එක නමෛයි රඟපෑම කියන්නේ. ඒ නිසා නිරූපණයට වඩ මට රඟපාන එක අපහසු කටයුත්තක්.

ඔබ අද වෘත්තීය මට්ටමේ දක්ෂ නිරූපණ ශිල්පියෙක්. ඒ ආ ගමන ගැනත් මතක් කරමු..
මම මේ වෘත්තියට සම්බන්ධ වෙන්නේ දෙදහස වසරේ. ඒ අතරතුර කාලයේ දී අවුරුදු දෙකකට මම අධ්‍යාපන වැඩවලට එංගලන්තයට ගියා. නැවත ලංකාවට ඇවිත් රොසෑන් ඩයස් මහත්මියගේ මොඩ්ලින් ඇකඩමියට සම්බන්ධ වුණා. 2013 වර්ෂයේ දී කලම්බූ ෆැෂන් වීක් එකේ හොඳම නිරූපණ ශිල්පියා වුණේ මම. අද මම වෘත්තීය මට්ටමෙන් මූලිකත්වය දෙන්නේ නිරූපණයට. ඊට අමතරව රොසෑන් ඩයස් මහත්මියගේ ඇකඩමියේ පුහුණුකරුවෙක් විදියටත් වැඩ කරනවා.

හැමදාම නිරූපණ ක්‍ෂේත්‍රයට අලුත් මුහුණු එකතු වෙනවා. ඒ අය අතරින් ඔබ කොහොමද ඔබේ පැවැත්ම හදාගන්නේ?
මේ ක්‍ෂේත්‍රය පිළිබඳ නිවැරදිව අධ්‍යනය කරන්න ඕන. ඒ වගේම තමන්ගේ ශරීරය ගැන වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. මේ හැමදේටම අමතරව කැපකිරීම හා උසාහය තියෙනවා නම් ක්‍ෂේත්‍රයේ පැවැත්ම රඳවා ගන්න පුළුවන්.

නිරූපණ ක්‍ෂේත්‍රය ලෝකය පිළිගත්තත් අද ලංකාව එය ප්‍රතික්‍ෂේප කරන මට්ටමට වැටිලා තියෙනවා. ඒ වෘත්තීය ගරුත්වය නැති කරගෙන තියෙන නිසයි. ඒ ගැන ඔබ මොකද කියන්නේ?
හුඟාක් අය ඉක්මනට ජනප්‍රිය වෙන්න හිතාගෙන නිරූපණයට එනවා. ඒත් ඒ අයගේ පැවැත්ම හදාගන්නේ නැහැ. සමහර අය කරන වැරදි වැඩ නිසයි නිරූපණ ක්‍ෂේත්‍රය ගැන සමහරුන් අවතක්සේරු කරන්නේ. ඒත් ලෝකයේ අනෙක් රටවල් වගේම අපේ රටේ ජනතාවත්  එය පිළිගන්න මට්ටම  මේ වෙනකොට හැදීගෙන යනවා. ඒ ගැන සතුටුයි.

අන්තර්ජාතික වශයෙන් නිරූපණයට ඔබට අවස්ථාව ලැබිලා තියෙනවද?
ඔව්. මට ඉන්දියාවෙන් ආරාධනා කිහිපයක් ලැබුණා. ඒත් ලංකාව තුළ මම කරන වැඩ නිසා එයට සම්බන්ධ වෙන්න බැරි වුණා. නැවත ආරාධනා ලැබුණොත් නම් එය පිළිගන්නවා.

ඔබ රග්බි ක්‍රීඩකයෙක් නේද?
ඔව්. මම කාලයක් රග්බි ක්‍රීඩා කළා. ඒත් මට රග්බි ක්‍රීඩාවට සමුදෙන්න සිදු වුණා. ඒ හදිසි අනතුරක් වුණ නිසා. මාස 8ක් රෝහල්ගත වෙලා පවා හිටියා. මගේ ජීවිතේ අවදානම් මට්ටමක තියෙන නිසා වෛද්‍යවරු කිව්වා රග්බි ක්‍රීඩාවෙන් සමුගන්න කියලා. ඒ නිසා ඉවත් වුණා. එදා සිදුවුණ අනතුර නිසා මගේ ජීවිතේ හුඟාක් තැන් අද වෙනස්  වෙලා. රග්බි ක්‍රීඩාවෙන් සමුගන්න සිදුවුණ එක ගැන මම හුඟාක් පසුතැවෙනවා. හැම දේටම වඩා ආදරය කළ රග්බිවලින් සමුගන්න සිදු වුණ නිසා. එදා ඒ අනතුර සිදු නොවුණා නම් මම අද දක්ෂ රග්බි ක්‍රීඩකයෙක්.

පුද්ගලික ජීවිතේ ගැනක් කතා කරමු...
මගේ අම්මා ගෘහණියක්. තාත්තා විශ්‍රාමික ‍පොලිස් අධිකාරිවරයෙක්. මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. ඒ හැමෝම මම නිරූපණ ශිල්පියෙක් වෙනවාට අකමැති වුණා.

ඔබ පෙම්වතෙක්ද?
ඔව්. මම පෙම්වතෙක්. එයා මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නමෛයි. මට හුඟාක් උදව් කරනවා මගේ ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යන්න.
තිළිණි මධුවන්ති
ඡායාරූප- අසංක එස්. ප්‍රනාන්දු
http://www.rivira.lk/edition/images/2014/04/06/dineth-3.jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය